IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වල් අලි පැය භාගයක් සටනේ

සූරියවැව කෝන්කැටියාවේ දී අද උදේ වල් අලි දෙදෙනෙක් පැය භාගයක් පමණ ද්වන්ධ සටනක යෙදුණු බව ගැමියෝ කියති. සටන අවසන් වී දෙදෙනා කැලෑ වදිද්දී පාරේ තිබූ විදුලි කණු පහක් ද කඩා දමා ඇත.



අදහස් (0)

වල් අලි පැය භාගයක් සටනේ

පිටිගල Tuesday, 27 May 2014 09:53 AM

කිට්ටුව තරුණ ඇතින්නක් හිටියේ නැද්ද? මම දන්නා විදිහට සාමාන්‍යයෙන් අලි සටන් කරන්නේ ආදරය වෙනුවෙන් සහ දේශ සීමා වෙනුවෙන්. කෑම නිසා අලි සටන් කරන්නේ නැහැ. කොහොම උනත් නිකම් ඉන්න එකේ ඉඳල හිටලා මල්ලව පොර වල යෙදෙන එක හොඳයි. හැබැයි ඇතෙක් එක්ක සටනට යන අලියා නම් වැඩ වරද්දා ගන්නවා. (නදී)

:       0       0

ගමගේ Tuesday, 27 May 2014 10:08 AM

පින්තුර තියනවනම් දාන්න. අනික ඇතා සහා අලියා අතර ඇතාට දළ දෙකක් වැඩී තිබීම පමණක්ද වෙනස ? නැත්තම් කොටියා සහ දිවියා වගේ ප්‍රභේද දෙකක්ද? දන්නා කෙනෙක් පැහැදිලි කරන්න. (ස)

:       0       0

පද්මිනී Tuesday, 27 May 2014 10:28 AM

මෙයාල දෙන්නගේ පින්තුර ටිකක් තිබුන නම් ලස්සන බලන්ට තිබුනා. සමහර විට අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැහැල කරපු උද්ඝෝෂනයක්වත්ද? (නදී)

:       0       0

අරුණ Tuesday, 27 May 2014 10:34 AM

මෙය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිතුදමට ප්‍රශ්නයක් වේවිද ? ජෝතිශයානුකුලව මෙය සොයා බලන්න.(නදී)

:       0       0

සිරිපාල Tuesday, 27 May 2014 11:02 AM

පිටිගල මේ අලි දෙන්න සටන් කරලා තියෙන්නේ විදුලිය ප්‍රශ්නෙකට. වෙන දේකට නෙවේ. (දිල්)

:       0       0

මංජුලා Tuesday, 27 May 2014 11:36 PM

නායක කම ගන්නද දන්නෙ නෑ...(ස)

:       0       0

හසිත Tuesday, 27 May 2014 11:37 AM

මේ වගේ පුවත් අපිටත් ඕන තරම් කියන්න පුළුවන්. අලි දෙන්නෙක් ඇත්තටම රණ්ඩු වුණා ද නැත්නම් මේක ලියපු වාර්තාකාර මහත්තයා දැකපු හීනයක්ද මේ කියලා අපි කොහොමද දන්නේ. තාක්ෂණය මේ තරම් දියුණු රටේ ඇයි අපහැදිලි ඡායාරූපයක්වත් නැත්තේ. මේ වගේ කතා විශ්වාස කරන්න බැහැනේ. හරියට දේවතා එළි වගේ. (ස)

:       0       0

අනුර Tuesday, 27 May 2014 12:04 PM

ගැටුමේ හැටියට නම් කකුල් දෙකේ අලි වගේ ? (ස)

:       0       0

හිල්මි Wednesday, 28 May 2014 01:30 AM

හා හා කවුරු රණ්ඩු වුණත් කමක් නැහැ. කරුණාකර කඩා දැමූ පාරේ තිබූනු විදුලි කණු පහේ අලාබෙ ගෙවලා යන්න කියන්න. (නි)

:       0       0

ජාලිය Tuesday, 27 May 2014 12:37 PM

ඇයි ඒ අලි දෙන්නා වල් උනේ ? (නදී)

:       0       0

අබේගුණසේකර Tuesday, 27 May 2014 12:47 PM

වීඩියෝවක් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා (නදී)

:       0       0

උදාර Tuesday, 27 May 2014 01:32 PM

විදුලි පහන් කණු හදලා තිබුණේ ගස්ලබු ගස්වලින්ද,කෙහෙල් බඩ වලින්ද?කොන්ක්‍රීට් කණු නම් වෙන්න බැහැ.(දිල්)

:       0       0

කින්සා Tuesday, 27 May 2014 02:17 PM

දැන් විදුලි කණු වල අලාබය ගෙවන්නේ වනජීවී එකෙන්ද UNP එකෙන් ද ? (ස)

:       0       0

අජිත් Tuesday, 27 May 2014 02:31 PM

මේ දෙන්න නම් වන අලි වෙන්න බෑ. (ස)

:       0       0

සිරිමෙවන් Tuesday, 27 May 2014 02:53 PM

මෙය අසත්‍යක් විය නොහැක. 2003 වසරේදී අනුරාධපුර, පරසන්ගස්වැව ගොවිපොලක මා සේවය කරමින් සිටියදී මෙවැනි ඇතුන් දෙදෙනෙකුගේ ද්වන්ධ සටනක් මා සියැසින් දුටුවා. අලි හා ඇතුන් යනු එකම විශේෂයකට අයත්, එනම් අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහිකළ හැකි උප කොටස් දෙකකි. ඇතෙකු බිහිවීමට නම් පියා හෝ මව හෝ දෙදෙනාම හෝ ඇත් කුලයට අයත් වීම අනිවාර්යයි. එසේ නොවන අවස්ථාවලදී අලි පැටවුන් බිහිවීම සිදුවේ. ඇතෙක් බිහිවීම සඳහා ජානමය හේතුන් බලපායි. එය මීමැස්සන්ගේ රැජින හා වැඩකාර මැස්සන් බිහිවීමට තරමක් සමාන සංසිද්ධියකි. (ස)

:       0       0

සුජානි Tuesday, 27 May 2014 03:39 PM

අපේ මිනිස්සු අන්දභූත කතා කරන්නේ. අනේ මෙහෙමත් මිනිස්සු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site