IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


වේල්සය සති දෙකකට අගුලු දමයි

 

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සිකුරාදා (23) සිට සති දෙකක කාලයක් සඳහා වේල්ස් අගුලු දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දැනටමත් පිරී ඇති බැවින් මෙම පියවර අනුගමනය කිරීමට සිදුවූ බව වේල්සයේ අමාත්‍යවරයෙකු වන මාර්ක් ඩ්‍රෙක්ෆර්ඩ් කියා සිටියේය.

"වේල්සයේ සෑම කෙනෙකුම නිවෙස් වල රැඳී සිටිය යුතුයි. අප ඉක්මනින් ක්‍රියා නොකරන්නේ නම් වයිරසය තවත් වේගයෙන් පැතිරෙනු ඇත. සීමා කිරීම් වලින් ජනතාව වෙහෙසට පත්ව සිටින බව අප වටහාගෙන සිටින නමුත් වයිරස ව්‍යාප්තිය පාලනයට දැඩි නීතිරීති අවශ්‍ය බව විශේෂඥයින් පවසනවා." යැයි හෙතෙම වැඩිදුරටත් පවසයි.

වයිරස ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වුණු ව්‍යාපාර සඳහා පවුම් මිලියන 300ක අරමුදලකින් සහන සැලසෙනු ඇතැයි ද ඩ්‍රෙක්ෆර්ඩ් පැවසීය.

සිකුරාදා ආරම්භ වන අගුලු දැමීම නොවැම්බර් මස 09 වැනිදායින් අවසන් කිරීමට නියමිතය. එම කාලය තුළ අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල්, විවේක ස්ථාන සහ සංචාරක ව්‍යාපාර වසා දැමෙනු ඇත.

පසුගිය පැය 24 තුළ එක්සත් රාජධානියෙන් නව ආසාදිතයන් 16,982ක් වාර්තා වී තිබේ.
උතුරු අයර්ලන්තය සිකුරාදා සිට සති හතරක කාලයක් සඳහා දැඩි සීමා කිරීම් පැනවීය. ස්කොට්ලන්තය ද සංචාරකයින් සඳහා නව සීමා පැනවීය.

එක්සත් රාජධානියෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් 741,212ක් වාර්තා වී ඇති අතර මරණ 43,726ක් සිදුවී තිබේ.

රොයිටර් පුවත් ඇසුරිණි

085



අදහස් (0)

වේල්සය සති දෙකකට අගුලු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 213 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site