IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


විලාසිතා කියලා කියන්නේ මගේ ජීවිතේ එක් කොටසක්

2016-09-07-ent-49

නිරූපිකාවක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයක් හිමි ඇය ඊෂා ඩොලි. නමුත් ඊෂා ඩොලි ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ ඇයගේ ෆේස්බුක් නාමය නිසාවෙනි. ඇයගේ කලා කටයුතු සහ ඉදිරි බලාපොරොත්තු අපත් සමග පැවසීමට ඇය මෙසේ සම්බන්ධ විය.

 

ඔබව හඳුන්වාදුන්නොත්?

2016-09-07-ent-50මම ඊෂා, මගේ වයස අවුරුදු 25ක් වෙනවා.

 

එතකොට මේ ෆේස්බුක් එකේ තියෙන නම මොකක්ද?

ඒක මම ෆේස්බුක් එකට විතරක් හදාගත්ත හුරතල් නමක්. මම ෆේස්බුක් එකට සම්බන්ධ වුණ කාලේ තමයි ඒ නම දාගත්තේ. ගොඩක් අය ෆේස්බුක් එකට අලංකාර නම් යොදනවනේ. දැන් මේ නමත් රෙජිස්ටර් වෙලා ඉවරයි. මගේ ඇත්ත නම් තමයි ඉෂාරි. ඒත් ගොඩක් අය ඊෂා කියලා තමයි කියන්නේ.

 

අපිත් කියමුකෝ ඊෂා කියලා, ඉතිං ඊෂා කියන්නකෝ නිරූපණයට එකතු වෙන්නේ කොයි කාලේද කියලා?

දැනට සම්බන්ධ වෙලා අවුරුදු දෙකක් වගේ වෙනවා.

 

ඇයි නිරූපණයට එන්න හිතුවේ?

නිරූපණය කියල කියන්නේ කලාවක්. ඉතිං මම කලාවට ගොඩක් කැමති කෙනෙක්.

 

කලාව කියන දේට ආදරය කරන කෙනෙක් හැටියට අද ලංකාවේ නිරූපණය ගැන මොකද හිතෙන්නේ?

මට හිතෙන්නේ ලංකාවේ නිරූපණය කියන දේ පිරිහෙමින් පවතිනව බවක්. මොකද මේ ක්ෂේත්‍රයේ ගොඩක් පරිස්සමින් සහ තෝරා බේරාගෙන වැඩ කරන්න වෙලා තියෙන තත්ත්වයක් තමයි දැනට තියෙන්නේ.

 

නිරූපිකාවන් සඳහා බොහෝ දෙනා විවිධ චෝදනා එල්ල කරනවා නේද?

ඔව් ඒක ඇත්ත. ගොඩක් වෙලාවට නිරූපිකාවන් අඳින ඇඳුම්වලට තමයි චෝදනා එල්ල වෙන්නේ. මම හිතන්නෙ ලංකාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම තව දියුණු වුණානම් ඇඳුම්වලින් මිනිස්සු මනින එක ඔවුන් නවත්වයි.

 

නිරූපිකාවක් කියන්නේ ඇත්තටම කවුද?

නිරූපිකාවක් කියලා කියන්නේ මම හිතන විදිහට එක්තරා කලාවක් නිරූපණය කරන කෙනෙක්. ඒකත් වෘත්තීමය වශයෙන්.

 

ඔබත් විලාසිතා පිළිබඳ ඇල්මක් දක්වන කෙනෙක්ද?

ඔව්, විලාසිතා කියලා කියන්නෙ මගේ ජීවිතේ එක කොටසක්.

 

ඒවා තෝරා බේරා ගැනීමක් සිදු කරනවාද?

මට ලස්සනයි කියල හිතෙන හැම විලාසිතාවක්ම මම කරනවා. සමාජය මම ගැන හිතන දේ මට වැදගත් වෙන්නේ නැහැ.

 

ඉතිං, ඉදිරි කටයුතු මොනවද කියලා කිව්වොත්?

නිවේදිකාවක විදිහට වැඩ කරන්න මගේ ලොකු කැමැත්තක් තියෙනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොකද මගේ ඉලක්කයන් නිතර වෙනස් වෙනවා.

 

කවුරු හරි මතක් කරන්න අය ඉන්නවාද?

මතක් කරන්න ඉන්නේ මගේ ආදරණීය අම්මා, තාත්තා, අක්කා සහ මට හම්බවෙලා ඉන්න වටින යාළුවෝ පිරිසයි.

 

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඊෂාගේ ෆේස්බුක් ගිණුම

 

2016-09-07-ent-48
2016-09-07-ent-47
2016-09-07-ent-51



අදහස් (0)

විලාසිතා කියලා කියන්නේ මගේ ජීවිතේ එක් කොටසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 109 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site