පසුගිය අගෝස්තු පළමුවැනිදා වැලිවේරියේ පැවති උද්ඝෝෂණයේදී යුද හමුදාවේ ක්‍රියා කලාපය ගැන මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන හමුදා පරීක්ෂණයේ සාක්කි ලබා දීම සඳහා වැලිවේරිය පොලිසියට අද පැමිණෙන ලෙස ගම්වාසීනට දන්වා තිබුණත් අද දහවල් 12 වන විටත් යුද හමුදාව නොපැමිණි නිසා සාක්කි දීමට පැමිණ සිටි කිහිප දෙනෙක් පැය ගණනක් එහි සිට ආපසු හැරී ගියහ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පැමිණ වැලිවේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතා හමුවී සාකච්ඡාවක් ද පැවැත්වීය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිවේරිය සාක්කිකරුවෝ හැරී යති
දර්ශන Sunday, 18 August 2013 08:59 PM
මේ අපේ සල්ලිවලින් ජීවත්වෙන එඋන්. මේ අය පඩි ගන්නේ අපි දුක්මහන්සියෙන් හම්බකරන සල්ලිවට ටැක්ස් ගහල. මුන්ට මේවා කියල දෙන්න ඕන මුලින්ම.(අ)
ලක්විදු Sunday, 18 August 2013 09:57 PM
රටේ පොදු නීතියක් ඇතිකරන්න ඕනේ සමනාතමතාවය කියල දෙයක් නෑ ලංකාවේ .මාර නීතියක් (අ)
සාහිල් Sunday, 18 August 2013 01:56 PM
පුදුමාකාර නීති. ඔවුන්ටම කියලා කරදර විදගෙන තව ඔවුන් එනකම්ම රස්තියාදු වේවි ඉන්නත් ඕනෑ. (නි)
දිසානායක Sunday, 18 August 2013 04:14 PM
නොකෙරෙන වෙදකමට කෝඳුරු හත් පට්ටයකුත් තවත් ටිකක් වුවමනාය කියනවානේ. (නි)
සත්‍ය Monday, 19 August 2013 06:13 AM
මට පුදුම නිල ඇදුම් ඇඳගෙනද මේවා කරන්නේ කියා. නමින් විතරයි ද "ලෝකේ දිනලා" තියෙන්නේ. (නි)
තිලක්-ඩුබායි Monday, 19 August 2013 10:12 PM
දර්ශන, ඕක තේරුම් ගන්න තරම් මොලයක් රටේ අයට නැහැ. (නි)
වරුණ Monday, 19 August 2013 08:02 AM
මිනිස්සුන්ව රස්තියාදු කරවලා සාක්කි දෙන්න සාක්ෂිකරුවන්ට එපා කෙරෙව්වම කවුරුත් සාක්ෂි දෙන්න නැවත පැමිණේවියෑ? (නි)
රුවන් Sunday, 18 August 2013 06:31 PM
"විනයගරුක, නීතිගරුක, සදාචාර සමාජයක්, එක රටක්, එක නීතියක්, රාජ්‍ය සේවය ජනතාව පිණිසයි" ...? (නි)