IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වැලිවේරියේ තුවක්කු රස පරික්ෂකට

යුද හමුදාව වැලිවේරීයේදී පසු ගිය බ්‍රහස්පතින්දා (01) පාවිච්චි කළැයි කියන ටී 56 තුවක්කු 90 ක් රජයේ රස පරික්ෂක වෙත යැවීම සදහා කොළඹ අපරාධ  විමර්ශන කොට්ඨාසය භාරගෙන ඇත.

 මේ ගැන විමසුවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන මහතා පැවසුයේ එදා වැලිවේරියේ අවි දැරු සියලු දෙනාගේ අවි  රස පරික්ෂක වෙත යොමු කරන බවයි.

 වැලිවේරියේ බීමට වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ගැමියන් හා හමුදාව අතර ගැටුමෙන් තිදෙනෙක් මරුමුවට පත් වුහ.තිස් හත් දෙනෙක් තුවාල ලැබුහ.

 



අදහස් (0)

වැලිවේරියේ තුවක්කු රස පරික්ෂකට

රාජු Wednesday, 07 August 2013 03:35 PM

දැන් ඔය ඉදිරිපත් කරලා තියෙන්නෙ එතනට අරගෙන ගිය ඒවමද කියලා කොහොමද දන්නෙ. (නි)

:       0       0

රනිල් Wednesday, 07 August 2013 03:38 PM

කරපු අපරදෙට නීතියෙන් විතරක් මදි ස්වබාව ධර්මයෙනුත් දඩුවම් දෙන්න ඉක්මනටම! (නි)

:       0       0

මාලි Thursday, 08 August 2013 10:29 AM

බන්දුල, දැන් අසනීපය හොදයිද (දී)

:       0       0

නිශ්ශංක Wednesday, 07 August 2013 10:04 PM

දොවාගත් කිරි වලට ගොන් බෙටි දානවා කියන්නේ මේකට.(දී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 07 August 2013 04:01 PM

උණ්ඩයේ රස අසරණ තිදෙනෙක් රස බලලා මරු වැළඳ ගත්තා. තව තිස් හත් දෙනෙක් රෝහලේ රස විඳිනවා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 07 August 2013 10:41 PM

කව්දෝ බන්දුල පෙරේරා වෙන්න හදනවා.කොන්දක් තියෙනවා නම් තමන්ගේ නමින් අදහස් දාලා එන විවේචන වලට මුහුණ දෙන්න.මගේ මතය බලහත්කාරෙන් වෙන අයට පටවන්නවත් වෙන අයගේ මත පිළිගන්නවත් මට අවශ්‍ය නැහැ.අවශ්‍ය නිදහසේ මත ප්‍රකාශ කිරීම පමණයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 07 August 2013 10:52 PM

දිසානාය,පාරට බැහැලා පාර හරස් කරලා මේ අසාදාරන ඝාතන වලට විරුද්ධව උද්ගෝෂණයක් සුදානම් කරන්න ඔය බයිලා කියා කියා ඉන්න වෙලාවේ. අසහාය නායක පොන්සේකා මහතාවත් පෙරටු කරගෙන හෙටම වැඩේට බහින්න.එන්න ටිකට් එකේ සල්ලි ඕනෑ නම් මම දෙන්නම්.මට හරි ආසයි ඔයා මුහුණ කට කඩාගෙන අත පය කඩාගෙන හැම තැනම වෙලාගෙන ඉස්පිරිතාලේ ඉන්නවා දකින්න. (නි)

:       0       0

ලියනගේ Wednesday, 07 August 2013 04:33 PM

ප්‍රතිපලය මිනිස්සු දන්නවා. (නි)

:       0       0

ශාන්ත Wednesday, 07 August 2013 12:32 PM

මේ තරම් ප්‍රමාද වෙලා? (නි)

:       0       0

කමල් Wednesday, 07 August 2013 12:37 PM

වතුරේ රස දැනෙන්නේ නැතිකොට තුවක්කු වල රස හොයන්නේ කෙසේද? රස වෙනස් කරන හැටි හා වෙනස් වන හැටි දන්නා ශ්‍රී ලාංකිකයින්ට අභ්‍යාවකාශයේ සිට පැමිණි උණ්ඩයකින් මනුෂ්‍ය ඝාතන සිදුවූ බව නිගමනය වුවද අරුමයක් නොවනු ඇත. (නි)

:       0       0

ගයාන් Wednesday, 07 August 2013 12:48 PM

සාක්කි මෙච්චර පැහැදිලිව පෙනෙන්න තියෙද්දී? (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 07 August 2013 12:48 PM

මම කලින් කියපු කතා වලටද මන්දා මට දැන් පිස්සු වගේ (නි)

:       0       0

සමිත Wednesday, 07 August 2013 12:59 PM

තීන්දුව මොකද්ද කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

තබුක් සිල්වා Wednesday, 07 August 2013 01:10 PM

බලමුකෝ. අපි ජීවත් වෙන්නෙත් රට තුලමනේ (නි)

:       0       0

දර්ශන් Wednesday, 07 August 2013 01:17 PM

ඉක්මනටම මැරුණු තුවාල වූ අයට වන්දි ලබාදෙන්න හැකි උදව් කරන්න (නි)

:       0       0

දුෂානි Wednesday, 07 August 2013 01:24 PM

ගණන වෙනස් නොවී ඔහොමම තිබුණොත් ගොඩාක් හොදයි.... (නි)

:       0       0

වරුණ Wednesday, 07 August 2013 01:25 PM

ඔය ආයුධ වලට සමාන වෙන ඒවා යැවුවොත් නම් ඒවායේ රස වෙනස් වෙනවා නේද? (නි)

:       0       0

රවින්ද්‍ර Wednesday, 07 August 2013 06:23 PM

අනුමානයක් නැහැ වාර්තාවේ සඳහන් වෙයි එහි ජනතාව වගකිම බාර ගත යුතුබව (නි)

:       0       0

දිසානායක Wednesday, 07 August 2013 01:35 PM

දිය පොදක් සොයන් තොල් වියලෙන පිපාසෙට... ජන රොදක් ලෙසින් පැතුවා විස නැසෙන්නට...... වෙඩි පතිත වුනා පට පට පපු කැවුත්තට ..... නුබ මළත් මලේ අපි එමු අඩු මකන්නට................. අරුත් සුන් වදන් දොඩවන ගිරව් කැනහිලු...... හෙටත් නගති උන් මේ ඝෝර බොරුව බියගුළු.... (නි)

:       0       0

සම්පත් Wednesday, 07 August 2013 01:39 PM

රස බලලා ඉක්මනට වැරදි කව්ද කියලා කියන්න. (නි)

:       0       0

නිල්මිණි Wednesday, 07 August 2013 01:42 PM

අම්මෝ ඕකට ටී56 ඒවා මේචචර ගෙනැවිල්ලද? තව හොරෙන් ගෙනාපු ඒවා කීයක් ඇද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

හෆී Wednesday, 07 August 2013 06:49 PM

පව් අපේ පාසල් ළමයා... (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 07 August 2013 01:46 PM

ඉතුරු වෙලා තියන වැඩ ටිකත් ඔය විදිහටම හමුදාවට කියලා කරන්නකො. ඊට පස්සෙ ඕනෑ නම් ප්‍රකාශයකුත් නිකුත් කරමු (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 07 August 2013 07:12 PM

හරි නම් මේ තුවක්කු අත්අඩංගුවට ගන්න තිබුනේ වෙඩි තැබූ දිනයේදීමයි. මෙතන ප්‍රශ්නය තුවකු නොව නිරායුධ මිනිසුන්ට වෙඩි තැබීමට සහ මාධ්‍යවේදීන්ට පහර දීමට කවුද අණ දුන්නේ කියන එකයි (දී)

:       0       0

නිලන්ත Wednesday, 07 August 2013 02:13 PM

ලේ රස මොන රසයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 07 August 2013 07:14 PM

කීයක් මලාද,කීයක් අතුරුදහන් වුනාද,කී දෙනෙක් අයි.සි.යු. එකේ කී දෙනෙක් තුවාල කාරයෝ ඉන්නවද කියල අර්නර්ජාලයේ සදහන් කරලා තිබුන.ඔය මිනිස් සංහාරය ගැන මුළු ලෝකෙම දන්නවා.(දී)

:       0       0

සෑන් Wednesday, 07 August 2013 02:14 PM

රස පරීක්ෂක තීරණේ මොකක් වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නාමල් Wednesday, 07 August 2013 02:15 PM

රස බලල ඕන් පැණි රසයි කියලා කියනවා එහෙම නෙමෙයි ඕන්. (නි)

:       0       0

පිටිගල Wednesday, 07 August 2013 07:20 PM

ප්‍රබල ඇමති කෙනෙක් වෙඩි තියපු එක සාධාරණීකරණය කරලා තිබුනේ. තව මොනවද?එච්චරයි (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 07 August 2013 02:41 PM

වෙඩි තියලා තියෙන්නේ දෙවැනි පාර්ශවයේ තුවක්කු වලින්ද දන්නෙ නැහැ (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Wednesday, 07 August 2013 02:43 PM

නිළධාරීන්ටත් ආතතිය හැදෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

හේරත් Wednesday, 07 August 2013 02:44 PM

හොරාගේ අම්මාගෙන් පෙන ඇහුවා වගේ වැඩක් (දී)

:       0       0

නිමල් Wednesday, 07 August 2013 03:18 PM

කිසිම සැකයක් උපදවා ගත යුතු නැත.යුද හමුදාව වැරදිකරුවන් නොවීමටද ඉඩ ඇත. (නි)

:       0       0

ද සිල්වා Wednesday, 07 August 2013 03:21 PM

හරි නම් මේ තුවක්කු අත්අඩංගුවට ගන්න තිබුනේ වෙඩි තැබූ දිනයේදීමයි. මෙතන ප්‍රශ්නය තුවකු නොව නිරායුධ මිනිසුන්ට වෙඩි තැබීමට සහ මාධ්‍යවේදීන්ට පහර දීමට කවුද අණ දුන්නේ කියන එකයි (නි)

:       0       0

ජයතිලක Thursday, 08 August 2013 10:18 AM

රස පරීක්ෂක:'වැලිවේරියේ සිද්දියට සම්බන්ද තුවක්කු පරීක්සා කිරීමේදී මිටෙහි දාඩිය මුසු ලුණු රසකුත්,බදෙහි මලකඩ රසකුත්,බටයෙහි වෙඩි බෙහෙත් රසකුත්,මම තේ බොමින් සිටි බැවින් මද පැණි රසකුත් දැනිණි.ලෙයෙහි රස නොහදුනන ජනතාවක් සිටින රටකට මෙමෙ වාර්තාව ප්‍රමාණවත් යයි සිතමි.' (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site