IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වැලිවේරියේ ගැටුම ගැන පරික්ෂණ කරන බව ඇමැති කියයි

වැලිවේරිය රතුපස්වල ගැමියන්ගේ පානීය ජල ප්‍රශ්නය විසදීමට රජය පියවර ගෙන ඇතැයි ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

 රනිල් වික්‍රමසිංහ මහතා නැගු ප්‍රශ්නවලට උත්තර දෙමින්  ඔහු එසේ පැවසීය.

විපක්ෂයේද සහයෙන් රජය  ඒ ජල ප්‍රශ්නයට විසදුම් දෙන බව කි ඇමැතිවරයා ඉන් දේශපාලන වාසි නොගන්නැයිද ඉල්ලා සිටියේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත්ජාතික පක්ෂය  ඇතුළු  විපක්ෂය සමග රජය දැනටම සහයෝගයෙන් කටයුතු කරන බවත් ඇමැති  කීවේය.

වැලිවේරියේ සිද්ධිය ගැන අපක්ෂපාති පරික්ෂණයකත් පවත්වන බවද ඇමැති සදහන් කළේය.



අදහස් (0)

වැලිවේරියේ ගැටුම ගැන පරික්ෂණ කරන බව ඇමැති කියයි

සීල Tuesday, 06 August 2013 05:07 PM

අර මොරටුවේ සිද්ධියේ වාර්තාව සහ නිදහස් වෙළද කලාපයේ මරණය වාර්තාව තවමත් නැහැ. මේකටත් එහෙම වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

වජිර Tuesday, 06 August 2013 05:15 PM

කාගෙවත් උවමනාවට මේ පහර දීම කලේ,එත් මේවට උතර දෙන්න දාල තියෙන්නේ වෙන කාටවත්

:       0       0

ලන්කා Tuesday, 06 August 2013 05:29 PM

පානීය ජලය දෙන එක නෙමෙයි විසදුම. ඇසිඩ් එකතු වෙන එක නවත්තන එකයි. (නි)

:       0       0

දම් Wednesday, 07 August 2013 03:27 AM

මොකටද ඕකට අපි ඔච්චර කලබල වෙන්නේ? (නි)

:       0       0

ලලිත් Wednesday, 07 August 2013 04:23 AM

කෝ අර අහවල් ඇමති? මේක විදේශ බලවේගයක් සහ කුමන්ත්‍රණයක්.කෝ දැන් කට? (නි)

:       0       0

අසේල Tuesday, 06 August 2013 05:41 PM

පාර අවහිර කරන්න අනුබල දීපු අය ගැනත් හොයන්න. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 06 August 2013 06:15 PM

ලබා දෙනවා නම් ජත්‍යයන්තර පරික්ෂණයක් තමා අවශ්‍ය. (නි)

:       0       0

කුමාර Wednesday, 07 August 2013 07:54 AM

ඉදිරියේදී මීට වඩා ආශ්චර්යයකට සුදානම් වෙන්න. (නි)

:       0       0

නිශ්ශංක Tuesday, 06 August 2013 07:35 PM

මේ ප්‍රදේශය තව වස 10-15 යනතුරු මේ රසායන වල විපාක විදින්න වෙනවා. නුසුදුස්සන් ඉහළ තැන් ඉන්නකොට ඔහොමතමයි (අ)

:       0       0

ප්‍රියංග Wednesday, 07 August 2013 08:48 AM

අනේ අනේ මෙයා දැන් ඇහැරිලා තියෙන්නේ .කලින් හිටියේ බොරැල්ලේ හින්ද වෙන්න ඇති .(අ)

:       0       0

දිසානායක Tuesday, 06 August 2013 08:12 PM

යුධ හමුදාව කුළුණු බර නෙතින් උපේක්ෂා සහගතව බලා හිදිද්දී බටහිර අධිරාජ්ජය වාදීන්ගේ මෙහෙය වීමෙන් පිට සක්වලින් පැමිණි පිරිසක් රජය අපහසුතාවට පත් කරන්න මේ ප්‍රහාරය එල්ල කළා විය හැකිද ?එසේ නම් ඔවුන්ට දඬුවම් දීම ප්‍රයෝගිකව කලනොහැක .ඔවුන් ශාක්ෂි නැති කිරීමට විදුලිය ද විසන්ධි කර ඇත

:       0       0

දිසානායක Tuesday, 06 August 2013 08:12 PM

යුධ හමුදාව කුළුණු බර නෙතින් උපේක්ෂා සහගතව බලා හිදිද්දී බටහිර අධිරාජ්ජය වාදීන්ගේ මෙහෙය වීමෙන් පිට සක්වලින් පැමිණි පිරිසක් රජය අපහසුතාවට පත් කරන්න මේ ප්‍රහාරය එල්ල කළා විය හැකිද ?එසේ නම් ඔවුන්ට දඬුවම් දීම ප්‍රයෝගිකව කලනොහැක .ඔවුන් ශාක්ෂි නැති කිරීමට විදුලිය ද විසන්ධි කර ඇත

:       0       0

ද සිල්වා Tuesday, 06 August 2013 08:13 PM

ඇමති තුමා නිකම් බහුබූත දොඩවනවා , ආණ්ඩුව පිස්සු නටනකොට විපක්ෂයට කොමත් නිකම්ම දේසපාලන වාසී ලැබෙනවා , සහනයකට තිබෙන්නේ විපක්ෂ නායක තුමයි ජේ ආර් , රෝහණ විජේවීර , ප්‍රේමදාස වැනි කෙනෙක් විපක්ෂ නායක වෙලා හිටියනම් ආණ්ඩුවට මුණ දෙන්න වෙන්නේ මිට වඩා විශාල අර්භුදයකට

:       0       0

රත්න Tuesday, 06 August 2013 08:51 PM

අනේ ඇමති අන්කල් ,තවත් සුරංගනා කතාවක් කියන්නකෝ.(අ)

:       0       0

විශ්ව Tuesday, 06 August 2013 03:37 PM

රනිල් මහත්තයෝ, මේවට ඉඩ දෙන්න එපා. දැන්වත් රටට සත්‍ය දැනගන්න ඉඩ දෙන්න (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 06 August 2013 03:54 PM

කී දෙනෙක් දැන් අපක්ෂපාතී පරීක්ෂණ පවත්වනවාද? හමුදාව එකයි, පොලිසිය එකයි, මානව කොමිසම එකයි, ආණ්ඩුව තව එකයි. මොකද්ද මේකේ තේරුම? ඇයි ස්වාධින එක පරීක්ෂණයක් කරලා හමුදාව මෙතෙන්ට ගෙන්නපු අයටයි, වෙඩි තියන්න අණ දුන් අයටයි, නීති විරෝධී විදියට නම් මේවා කරලා තියෙන්නේ, දඬුවම් දෙන්නේ නැත්තේ? (නි)

:       0       0

කුමාර් Tuesday, 06 August 2013 10:26 PM

පරීක්ෂණය පවත්වන්නේ කැලණියේ ඇමතිද (දී)

:       0       0

ටකිරි බණ්ඩාර Tuesday, 06 August 2013 04:14 PM

ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය සමග රජය දැනටම සහයෝගයෙන් කටයුතු කරන බවත් ඇමැති කීවේය. අසරණ මිනිසුන් ජීවිතයෙන් වන්දි ගෙව්වේ. (අ)

:       0       0

නිලන්ත Tuesday, 06 August 2013 04:29 PM

අනේ ඇමතිතුමා, ඔයා කොහෙද හිටියේ මෙච්චර කල්? (නි)

:       0       0

අනුර Tuesday, 06 August 2013 04:32 PM

අහිංසකයන් තුන්දෙනෙකු පරලොව යන්න කලින් ඔය පරීක්ෂණ කළානම් කෙතරම් වටිනවාද? (නි)

:       0       0

නිමල් Tuesday, 06 August 2013 11:21 PM

තත්වය උග්‍ර වීම නිසා වෙඩි තැබීමට සිදුවුවා නම් ,දණහිසෙන් පහළට වෙඩි තැබීමට බැරි වූයේ මන්ද? (නි)

:       0       0

පිටිගල Tuesday, 06 August 2013 04:43 PM

මොනවාද ගරු ඇමතිතුමනි අරන් තිබෙන පියවර? (නි)

:       0       0

සරත් Tuesday, 06 August 2013 04:51 PM

ඔය වාර්තා අපිටත් බලන්න පුළුවන් නම්..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site