මැණික්හින්න වලල ඒ රත්නායක විද්‍යාලයේ මේ දිනවල වල ගොඩනැගිලි වල පැරණි උළු ඉවත් කර සෙවිලි තහඩු දැමීම හේතුවෙන් වසර අවසානයේ පැවැත්වෙන වාර විභාග හා උසස් පෙළ වාර පරික්ෂණ සඳහා පෙනී සිටින සිසුන්ට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුව ඇතැයි ගුරුවරු හා දෙමාපියෝ කියති.
විභාග පැවැත්වෙන වේලාවන්හි එම සෙවිලි තහඩු ඇතිරීමේදි හා කැපීමේදී ඇතිවන ශබ්දයද ඒවායින් නිකුත්වන අපද්‍රව්‍යද හේතුවෙන් සිසුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කියති.
විභාග පැවැත්වෙන මෙම වකවානුව තුළදිවත් මෙම ක්‍රියාවන් නවත්වා දමන ලෙස පාසල් සංවර්ධන සමිතියේ ලේකම් කේ.ඩි. අනුර ප්‍රේමරත්න මහතා අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලා ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි ඔවුහු පවසති.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ විජේරත්න මහතා පැවැසුවේ මේ දක්වා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට හෝ වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයට මේ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවය. මේ සම්බන්ධව කඩිනමින් සොයා බලන බවද ඒ මහතා පැවැසිය.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වලල පාසලේ වහළ විභාගයට ඇණයක් වෙයි
අබය Wednesday, 25 November 2015 09:26 PM
මේ පාසැල ක්‍රීඩාවට සිරිලක පුරා ප්‍රසිද්ධයි. (නි)
ජනක Friday, 27 November 2015 05:17 AM
ඔන්න බලන්න ඉතින් අපේ රටේ මෝඩ හරක්ගේ වැඩ. පාසල් නිවාඩු කාලෙට නේද මේ වාගේ අලුත් වැඩිය කරන වැඩ කරන්න ඕනේ. මම මහනුවර ඉන්න කාලේ දැක්ක දෙයක් තමයි පාර කහ ඉරි අදිනවා මහා දවල් පාරේ පැත්තක් වහල. නුවර පාරවල් පොඩි නිසා වාහන තද බදය ගොඩාක්. මට තේරෙන්නේ නැහැ ඒවාගේ වැඩ රෑට කරන්න බැරි අැයි කියල. (බ)
ශ්‍රියානි Wednesday, 25 November 2015 03:10 PM
අලුත්වැඩියා කිරීම් පාසැල් නිවාඩු කාලයට යොදාගන්න තිබුනනේ. දරුවෝ කොහොමද නිරවුල් මනසකින් විභාගය ලියන්නේ. (බ)