IMG-LOGO

වැල්ලවත්ත ව්‍යාපාරිකයකු ගැන ලොකු සැකයක්

බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් ශකිබ් සුලෙයිමාන් ගේ ඝාතනය රුපියල් ලක්ෂ 400කට වැඩි මුදල් ගනුදෙනුවක් මත සිදුවන්නට ඇතැයිද වැල්ලවත්තේ ව්‍යාපාරිකයකුගෙන් මේ ගැන ප්‍රශ්න කර ඇතැයි ද පොලිසිය කියයි.

ඔහුට අමතරව දෙහිවල සහ වැල්ලවත්තේ ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් කටඋත්තර ලියාගෙන ඇතැයි පොලිසිය පවසයි.

දැනට පරීක්ෂණයට යොදවා ඇති මුළු පොලිස් කණ්ඩායම් ගණන 11ක් බවත් පොලිසිය කියයි. කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වා සියලු සීසීටීවී කැමරා පරීක්ෂණයට ලක් කිරීමටත් පොලිසිය සැරසෙයි.


බම්බලපිටියේ රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් ශකිබ් සුලෙයිමාන්ගේ (29) පැහැරගෙන පැයක් ඇතුලත මොට ආයුධයකින් ඔහුගේ කනකට ඉහළින් එල්ල කළ දරුණු පහරකින් ඔහු මිය ගිය බවට කෑගල්ල රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි දොස්තර රමේෂ් අලගියවන්නගේ වාර්තාවේ සඳහන් වෙයි.

ඔහුගේ සිරුර බදාදා (24) මාවනැල්ල, හෙම්මාතගම, රුකුලගම හන්දිය ආසන්නයේ දමා තිබියදී සොයා ගැනිණි. මාවනැල්ල මහේස්ත්‍රාත් මහින්ද ලියනගම මහතා සිද්ධිය වු ස්ථානයට ගොස් මරණ පරික්ෂණ පැවැත්වීය. සුලෙයිමාන්ගේ දේහය අදම (25) කොළඹ දී මිහිදන් කිරිමට නියමිතය.

සුලෙයිමාන් මහතා මඟුල් ගෙදරක ගොස් ගෙදර  එද්දී පැහැර ගත් බව නෑයෝ කියති. පශ්චාත් මරණ පරික්ෂණයේ දී සොයා ගැනුණේ ඔහු අවසන් වරට ගත් ආහාර දිරවා නැති බවයි. කෑම ගැනීමෙන් පැය තුන හතරකට පසු ආහාර දිරවන බවත් සුලෙයිමාන් මහතා කෑම ගැනීමෙන් පැයක් යන්නට පෙර මරණිය තුවාල ලබා ඇති බව පෙනෙන බවත් දොස්තර අලගියවන්න මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

සුලෙයිමාන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය වන පස් දෙනකු රටින් පිටවීම වැළැක්වීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මින් මද වේලාවකට පෙර ආගමන විගමන පාලකට හා පොලිස් බුද්ධි අංශ අධ්‍යක්ෂකට නියෝග කළේය.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ඉල්ලා සිටියේ පුද්ගලයන් පස් දෙනකු මේ සිද්ධීයේ වැදගත් තොරතුරු දන්නා බවට පොලිසියට විස්තර ලැබී ඇති බවයි.

ඔවුන් එතෙර යාමට තැත් කළහොත් අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්ගේ නියෝගයේ සඳහන් වේ.

සුලෙයිමාන් දෙදරු පියෙක් වන අතර මොහොමඩ් අරිෆ් අබ්දුල් ෂානි (24) ඔහුගේ බිරිය වේ. පවුලේ එකම පිරිමි දරුවා වන ඔහුට බාල සහෝදරියන් දෙදෙනෙකි. කොළඹ බ්‍රිටිෂ් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති සුලෙයිමාන් පිය උරුමයෙන් ලද ව්‍යාපාරික කටයුතුවලට මීට අට වසරකට පෙර සිට සම්බන්ධ වී ඇත.



අදහස් (0)

වැල්ලවත්ත ව්‍යාපාරිකයකු ගැන ලොකු සැකයක්

ජනහිත Thursday, 25 August 2016 09:21 PM

මේ විදිහට අපේ රටේ අපරාධ වෙන එක නවත්වන්න බැරි ඇයි. නිතරම අපට දකින්න ලැබෙන පුවත් මේවා නම් අපි ඉතාමත්ම කණගාටු වියයුතුයි. ව්‍යාපාරික කටයුතු වලදී හැමෝම පරිස්සම් වෙන්න ඕනෑ. අද හුඟදෙනෙක් විශ්වාස කරන්න බැහැ. (නි)

:       0       0

පද්මප්‍රිය Thursday, 25 August 2016 09:48 PM

ලංකාවේ ව්‍යාපාර කරන්නන්ට මුල්‍යමය අවදානම් වලට අමතරව ජීවිතයටත් අවදානමක් ගන්න වෙනවා වගේ. මෙහෙම කොහොමද ලංකාව දියුණු ක‍රන්නේ? (නි)

:       0       0

රුවන් Thursday, 25 August 2016 01:19 PM

යහපාලනය ගෙනා අය එය භුක්ති විඳිනවා. පාතාලය නියමෙට වැඩ. තව ඉස්සරහට තව හොඳට තියේවි (නි)

:       0       0

අශාන් Thursday, 25 August 2016 01:38 PM

මෙවන් අපරාධ කරලා මරණින් මතු කොහේ යන්නද? (නි)

:       0       0

තිලක් Thursday, 25 August 2016 01:35 PM

රත්නායක, මේ ඝාතනයට දේශපාලකයෙක් ගෑවිලා නැතිනම් අනිවාර්යෙන්ම අපේ පොලිසිය ඉක්මණින් අල්ලනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 25 August 2016 01:48 PM

ව්‍යාපාරික සියාම්ගේ ඝාතනය ,රාගම සුදු සීයාගේ ඝාතනය,තාජුදින් ඝාතනය............මේ ඝාතන සියල්ලම ඉතාම සැලසුම් සහගතව කරපු ඝාතන. (බ)

:       0       0

විමල් Thursday, 25 August 2016 02:12 PM

ඔය ලගම ඇති දැන් සැකකරුවා.(හේ)

:       0       0

විමල් Thursday, 25 August 2016 02:12 PM

ලොකු ප්‍රශ්නයක් මේකට මුල් වෙන්න ඇති.(හේ)

:       0       0

චන්න Thursday, 25 August 2016 02:10 PM

සල්ලි වලට මිනිස්සු මරණ කාලයක් දැන්.(හේ)

:       0       0

ලංකාසිරි Thursday, 25 August 2016 07:23 AM

පුදුම ඝාතන සෙල්ලමක් මේ බුදුන් වැඩි ශ්‍රී ලංකාද්වීපයද. (බ)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 25 August 2016 07:25 AM

දැනටමත් ප්‍රමාද වැඩි ඇති (බ)

:       0       0

රත්නායක Thursday, 25 August 2016 07:32 AM

අපේ පොලිසිය මේක අනිවාර්යයෙන්ම සොයාගන්න බව විශ්වාසය තබනවා (බ)

:       0       0

තාබෘෘ සිල්වා Thursday, 25 August 2016 07:55 AM

බුදුන් තුන්වරක් වැඩිය දේශය දහම් සගුන් ඇසෙනවා මේ ලංකාද්වීපය මොකක්ද මේ ශ්‍රී ලංකාවට වුන විපත්තිය තුට්ටු දෙකට මිනිමරනවා නැනේ කිසි බිය (බ)

:       0       0

නුවන් Thursday, 25 August 2016 02:44 PM

තාබෘෘ සිල්වාට අනුව ලංකාද්වීපයේ මිනීමරන්නේ බෞද්ධයින් පමණය. (බ)

:       0       0

සුනිල් විජේසේන Thursday, 25 August 2016 08:18 AM

මේකත් ළඟම කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්.(හේ)

:       0       0

සම්පත් Thursday, 25 August 2016 08:18 AM

ව්‍යාපාරික ප්‍රශ්නයක් වෙන්න ඇති.(හේ)

:       0       0

ජයතිස්ස Thursday, 25 August 2016 08:25 AM

සල්ලි නිසා තමයි මේ හැමදේම.(හේ)

:       0       0

රෝහිණී Friday, 26 August 2016 01:24 AM

මේ අපරාධය කළවුන් ඉක්මණින් හෙළිදරවු කරගන්න පුළුවන් වේවා! (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 25 August 2016 08:53 AM

මේ තමා ලංකාවේ වපුරපු අස්වැන්න. සල්ලි තමයි ලොකුම දේ . සල්ලි තිබුෙණාත් මොලේ තියෙනවා.රජකමටත් සුදුසුයි. (ම)

:       0       0

නිල්හාන් Friday, 26 August 2016 10:36 AM

බොරුවට වැඩි ආයුෂ නැහැ. ඇත්ත ඉක්මණින් හෙළිවේවි (නි)

:       0       0

චමල් Thursday, 25 August 2016 09:33 AM

හැම එකටම ධර්ම ද්වීපය බුදුන්ගේ දේශය කියන්න එපා. බුදුන් වැඩ සිටි කාලෙත් මිනි මැරුම් ඕන තරම් වෙන්න ඇති . (ම)

:       0       0

නදීශානි Friday, 26 August 2016 03:05 AM

සමහරුන්ට තිබෙන ලොකුම බාධකය සල්ලි. මිනිහෙක් සල්ලි හොයාගෙන මේ වගේ ටිකක් පිළිවෙලට ඉන්නකොට හිතන්නෙම එක්කෝ හොරෙක් කුඩුකාරයෙක් කියලා. මුස්ලිම් මිනිහට තිබෙන ව්‍යාපාරික ඥානය අපේ බුද්ධාගම් අයට තිබුනා නම් මේකත් අද රටක්. අන්‍ය ආගමිකයෙක් වුණත් දියුණු වෙන්න බුදු දහමේ කියා දී ඇති ප්‍රයෝගික හරයන් මොහුගේ ජීවිතය තුළ තිබුණු බව මට විශ්වාසයි. මගේ ආගමික විශ්වාසයේ හැටියට මම ඔබතුමාට නිවන් සුව පතමි! (නි)

:       0       0

ධර්මවංශ Thursday, 25 August 2016 09:44 AM

මෙවැනි අපරාධ වලට මරණ දඬුවම තමයි දෙන්න ඕනෑ (නි)

:       0       0

කුමාර් Thursday, 25 August 2016 10:26 AM

වැඩිකල් ඔය සිද්ධියට සම්බන්ධ අයට හැංගිලා ඉන්න බෑ.(හේ)

:       0       0

සාලිය Thursday, 25 August 2016 10:28 AM

මේක ප්ලෑන් කරලා කරපු වැඩක් කියලා පැහැදිලියි.(හේ)

:       0       0

ගුණසිරි Thursday, 25 August 2016 11:18 AM

පෙර කළ කර්මයෙන් ගැලවිය හැකි තැනක් නැත. අකල් මරණයන්ට ගොදුරු වීමට අකමැත්තෝ අනුන්ගේ දිවි තොර කිරීමෙන් වලකිව් ,මේ අවාසනා පුවත අපට උගන්වන පාඩම එයයි .ඔහු හදාවූ දෙවියෝ ඔහුට සුවසෙත සලසාවා ! (හේ)

:       0       0

තුසිත Friday, 26 August 2016 05:15 AM

නදීශානි මුස්ලිම් අයට පමණක් නොවේ අනෙක් අයටත් හොද ඥානයක් තිබෙනවා ඔයා නොදන්නා උනාට . අනේක එකෙක් දෙන්නෙක් කරපු වැරදිවලට ඉන්න අනෙක් අය පළි නැ .බුදුන් තුන් වරක් නොවේ 1000 ක් වැඩියත් හැදෙන්නේ නැති එකා හැදෙන්නෙම නෑ (බ)

:       0       0

සමන් Friday, 26 August 2016 05:23 AM

ලංකාවේ මිනි මරන එක සෙල්ලමක් වෙලා... ගම් මට්ටමේ ආරක්ෂා කමිටු පිහිටුවන්න ඕනි,,,අපරාධකාරයන් ඒ මගින් හඳුනා හඳුනා ගැනීම පහසුවක්...(බ)

:       0       0

ගුණවර්ධන Thursday, 25 August 2016 11:16 AM

රත්නායක කියනවා වගේ අපේ පොලිසිය ට ස්තුති වන්නට මේ අපරාධ කාරයන් ළඟදීම අසුවෙනවා මේ අයට උපරිම දඬුවම් දිය යුතුයි .(හේ)

:       0       0

නුවන් Thursday, 25 August 2016 11:25 AM

මෙහි පළමුවෙන්ම දැක්කේ ව්‍යාපාරිකයා පැහැර ගත් බවක්. දෙවනුව ඔහුගේ මළ සිරුර හමුවු බවත්. පරීක්ෂණ වලින් හෙළි වෙන්නේ පහර ගත් හැටියේම ඔහු මරණයට පත් කර ඇති බවක්. මරණය සම්බන්ද පරීක්ෂණ වල අවධානය වෙන පැත්තකට යොමු කරන්න වෙන්න ඕනේ මොහු මැරුණට පසුව දුරකථන ඇමතුමක් ලබා දී කප්පම් මුදල් ඉල්ලීමක් සිදුකරන්නේ. සැකය කප්පම් කල්ලියක් වෙත යොමු කරන්න වෙන්න බැරිද....??? (හේ)

:       0       0

හෆීල් Thursday, 25 August 2016 11:20 AM

අනිවාර්යෙන්ම අර කලින් සිදුවූ ව්‍යාපාරික සියාම්ගේ ඝාතනය වගේ ව්‍යාපාරික ප්‍රශ්නයක් විය යුතුයි. (හේ)

:       0       0

අසංග Thursday, 25 August 2016 11:47 AM

අපරාද දිනෙන් දින වැඩිවෙන එකට පිළියමක් වශයෙන් පතාලය මර්දනය කරන්න. නැත්නම් හැමදාම මෙවැනි පුවත් සුලභ වෙයි.(ම)

:       0       0

එරන්ද Thursday, 25 August 2016 08:11 PM

අපරාදේ වටිනා ජීවිතයක්නේ නැතිවුණේ (නි)

:       0       0

රිකී Friday, 26 August 2016 06:53 AM

දැනටම ගොඩක් රහස් හෙළි වි ඇතැයි සිතනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 658 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 271 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site