
"අන්දර වත්තේ ටික්කි" ලෙස පසුගිය දිනවල අතිශය ජනප්‍රිය වූ වොල්ගා කල්පනී මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවට පැමිණේ. කෙටි කාලයක් තුළදී ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ කතා බහට ලක්වූ වොල්ගා බොහෝ පිරිසකගේ ආදරය දිනූ නිළියක්ද විය. පුංචි තිරයෙන් රිදී තිරයට ඉදිරියේදී එක්වීමට සූදානමින් සිටින වොල්ගා සිය අලුත්ම කලා කටයුතු පිළිබඳව "සාරවිට" අපිට මෙසේ තොරතුරු පැවසුවෙමු.
"මේ දවස්වල කලා කටයුතු කිහිපයකටම මම දායක වෙනවා. ප්‍රධාන එක තමයි මා පළමු වතාවට චිත්‍රපට රංගනයට එක්වෙලා තියෙන එක. අර්ජූන් කමල්නාත් අයියාගේ 'කුණාටුවේ මාරයා' කියන චිත්‍රපටයට. එහි ප්‍රධාන චරිතයට තමයි මම සම්බන්ධ වෙන්නේ. මා සමගින් මගේ පෙම්වතා හර්ෂණත් මෙහි රඟපානවා. අත්භූත කතාවක් පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. අපේ සිනමාවේදී අත්භූත ඝණයේ චිත්‍රපට දකින්න ලැබුණේ අඩුවෙන් නිසා මේ චිත්‍රපටය මම හිතනවා බොහෝ ප්‍රේක්ෂක ආකාර්ශණයට ලක් වේවි කියලා. ඊට අමතරව සතියේ දිනවල රාත්‍රි 9.00ට හිරු නාලිකාවෙන් විකාශය වෙන 'උරුමක්කාරයෝ' කියන ටෙලි නාට්‍යයෙත් මා රඟපානවා. එහි මා සමගින් ධනුක ඩිල්ශාන්, හර්ෂන බෙත්මගේ රඟපානවා. ලබන මාසේ බොහෝ දුරට මා රඟපෑ ජනක සුරංජිත්ගේ 'සිල්ලර කාසී' කියන ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. මේ වැඩ කටයුතුත් එක්ක දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන 'විවාහ' කියන වැඩසටහනත් ඉදිරිපත් කරනවා."
බුද්ධික සේනාධීර / ඡායාරූප අනුග්‍රහය - ඉරේෂ් ජයන්ග ඩයස් (0773776953)
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වොල්ගාට චිත්‍රපට වරමක්
සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 23 March 2016 05:07 AM
ඇයගේ රංගන ප්‍රතිභාව විශිෂ්ටයි. පැහැබර අනාගත දිවියට සුබ පතමි. (ම)