සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැදවියන් දැකීමට ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට අද සහ හෙට අවස්තාව ලබාදී ඇත.
කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ සැපදුක බැලීම සදහා අද හිමිදිරියේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි ඥාතීහු ඔවුන්ට අවුරුදු අරන් ආහ.
කිරිබත් , කැවුම්, අතිරස, මුංකැවුම්, කොකිස්, කෙසෙල් අච්චාරු ආදී අළුත් අවුරුද්දේ විශේෂ ආහාර වර්ග ඔවුන් ගෙනා ආහාර අතර විය.
සියළු ආහාර පරික්ෂා කිරීමෙන් පසුව රැදවියන් වෙත ලබාදීමට පියවර ගෙන තිබුණි.
වෙනදාට පිටතින් ගෙනෙනා ආහාර රැදවියන්ට ලබානොදෙන අතර අද සහ හෙට පමණක් මෙසේ ගෙන එන ආහාර සහ කැවිලි වර්ග රැදවියන්ට ලබාදිමට බන්ධනාගාර දෙපාර්තමෙන්තුව මගින් පියවර ගෙන තිබුණි.
වැලිකඩ බන්ධනාගාරයේ විවිධ වරදකරුවන් 3000 පමණ රදවා සිටිති .
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වැලිකඩටත් නෑයන්ගෙන් කැවුම් කොකිස්