IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


වෙරි වූ රියැදුරා කෝච්චිය මග දමා දුවලා

(ජේ ඒ එල් ජයසිංහ සහ තෙල්දෙණිය චන්දන උඩුවාවල)

කොළඹ සිට මහනුවර බලා අද පෙ.ව. 10 .40 ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසීරී දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල පෙදෙසේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පලා යද්දී දුම්රියේ සිටි මගීහු ලුහු බැඳ ගොස් අල්ලා දුම්රිය සහාය රියදුරා යොදවා දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට ධාවනය කිරීමට කටයුතු කළහ.

පසුව එම බීමත් රියදුරා දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට බාරදීමට පියවර ගනු ලැබීය.

මෙම සිද්ධිය දුම්රිය සාමාන්‍යාධිකාරී වරයාටද මගීන් හරහා පැමිණිලි කිරීමෙන් පසු, නාවලපිටිය දුම්රිය ප්‍රවාහන අධිකාරී වරයාටද දැනුම් දී අදාළ රියදුරාට එරෙහිව දුම්රිය ආරක්ෂක අංශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යන බව දුම්රිය ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

මෙම සිද්ධිය නිසා කොළඹ සිට පැමිණි දුමිරියේ මගීන්ද කලබලයට පත්ව ඇත.

මෙම දුම්රිය මහනුවරට ළඟා වීමට නියමිතව තිබුණේ ප .ව.1 .40 ට වුවත් දුම්රිය පැමිණ ඇත්තේ සවස 2 30 ට බව මගීහු පැවසූහ.

 



අදහස් (20)

වෙරි වූ රියැදුරා කෝච්චිය මග දමා දුවලා

Ruwan De Silva Sunday, 30 June 2024 07:31 PM

අරක්කු නම් මහාම වසංගතයක් එක්කො අරක්කු සංචාරකයන්ට හැරුනාම සාමාන්‍ය මිනිස්සුන්ට තහනම් කරන්න ඕනේ මැදපෙරදිග වගේ.

:       11       74

SarasiMonday, 01 July 2024 02:54 PM

එහෙම කරන්න එපා අනේ. ඔක්කොම දුම්රිය නවත්තන්නද ඔයා හදන්නේ. මද පමණට කමක් නෑනේ.

:       0       1

Prabha Sunday, 30 June 2024 07:33 PM

දුම්රියේ එන තරමක් එන්නේ මේ වගේ උන්. හෙට වර්ජනය කරයිද දන්නේ නැ මේකාව සේවයේ පිහිටුවන්න කියලා

:       0       116

sachith Sunday, 30 June 2024 07:36 PM

දැන් මේක අල්ලගෙන හෙට උදේ ඉදලා ස්ටයික් කරයිද දන්නේ නැ

:       0       89

සනත් ද සුන්. Sunday, 30 June 2024 08:01 PM

ඔබේ මග දිගට බොන්න ඇති. හොඳ වෙලාවට සුදුහුම්පලදී කට් වුණෝ. කඩුගන්නාව අදිනකොට පිස්සු කෙලියා නම් කෝච්චිය ආපස්සට ගිහින් මළ ජංජාලයක් වෙන්න තිබුණා...

:       1       51

Achini Sunday, 30 June 2024 08:12 PM

ඒකටත් අතිකාල අය කරයිද?

:       0       47

පිටිගල මිලානෝ Sunday, 30 June 2024 08:22 PM

එක් සිද්ධියක් වශයෙන් මෙදෙස නොබලන්න. අද ලංකාවේ සිදුවන බොහෝ දේවල් මීට සමගාමීය. සමාජ පරිහානියක අන්තිම අදියරකයි අපි ඉන්නේ. සුදු රෙදි හොරු, කහකුරුල්ලෝ එකතුවී මුළු සමාජයම මුළා කලා. මුං සියල්ලම ප්‍රතික්ෂේප කරමින් නීතිය යුක්තිය රජයන රටක් පිහිටවා ගමු…

:       11       51

ගිරිගෝරිස් අයියා. Sunday, 30 June 2024 08:43 PM

ඕකගේ අතක් පයක් කඩන්නේ නැතිව යන්න දුන්නේ ඇයි ? ඔය වගේ සක්කිලි ඔය වගේ රස්සාවලට ගත්තේ කවුද ? මම ඒ කෝච්චියේ හිටියානම් ඕකව අල්ලලා කණපිට ගහලා ගඟට දානවා

:       3       31

නයනා කුමාරී Sunday, 30 June 2024 08:44 PM

ඇත්ත වශයෙන්ම CGR එකට තව අතිකාල දීමනා සහ බෝනස් දියයුතු තත්වයක්.දුම්රිය පදවන වෙලාවට බීමට වෙරි නොවෙන අරක්කු සදහා තව ලක්ෂයක පමණ මුදලක් ලබා දෙන්න.

:       1       38

chandima Sunday, 30 June 2024 08:50 PM

ඒකනම් සුබ ආරංචියක්... පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළා නම් තමයි හොඳ...

:       0       0

මනෝජ් Sunday, 30 June 2024 10:01 PM

මීට අවුරුදු 10-12 විතර ඉස්සර, ඔය වගේම ගාඩ් කෙනෙක් ගැන මම පැමිනිලි කලා හඩපටත් එක්කම. මෙලෝ වැඩක් නෑ. ඒකා බීලා අපි ආපු නැරබුම් මැදිරියට වෙන කට්ටිය එවුවා. උන් සත්තු වගේ හැසුරන නිසා, අපි ගාඩ්‍ට කියන්න ගිහාම ඌ අපිට සද්දේ දාන්න ආවා. බලද්දී ඌ බීලා. පස්සේ උගේ කටින්ම ඌ හැමදාම බොනවා කියලා කියුව හඩපටය මගේ ලග තිබ්බා, ඒකත් දාලා පැමිනිලි කළා. වැඩක් නෑ. නඩුත්හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

:       0       44

Lalla Sunday, 30 June 2024 11:44 PM

දුම්රිය රියැදුරන්ගේ ජරාම පුරුද්ද බීමත්කම. උතුරු දුම්රිය පලෙයි දක්වා ගිය 2014 පෙබරවාරි මාසේ වායු සමනය කළ දුම්රිය රියදුරා සහ සහායක රාත්‍රිය ගත කලේ ආසන්නයේ තිබූණ හෝටලයක. පසුදා උදේ පාන්දර දුම්රියේ කොළඹ යන්න අපිත් ඒ හෝටලේ නැවතුණා. අල්ලපු කාමරයේ සිටි රියැදුරා සහායක සමග එළිවෙන්න කිට්ටු වෙනකම්ම බිබී විකාර කළා. උදේ හයට විතර කෝච්චිය කොළඹ ගෙනියන්න දුම්රියට ආවා. අපේ ජීවිත ආශාව අතහැර අපිට එන්න වුණා.

:       0       2

sam Monday, 01 July 2024 03:07 AM

ගනිං බෝතලේ යමං මාතලේ යකාට ගියදෙන් ටයිම් ටේබලේ !

:       0       2

Chaminda Monday, 01 July 2024 06:32 AM

රජයේ සේවකයින්ට සේවා කාලයේ මෙන්ම සේවයේ යෙදෙමින් හෝ සේවා පරිශ්‍රය තුල බීමත්ව සිටීම විනයානුකූලව කටයුතු කලහැකි මෙන්ම සේවයෙන් පහකිරීමට තරම් වරදක් වෙනවා එහෙම නම් චෝදනා පත්‍රයක් බාරදී සේවය තහනම් කරන්න පුළුවන් ඇයි එහෙම නොකරන්නේ කියලා කියන්න කෙනෙක් පත්වීමක් ගන්නෙ ආයතන සංග්‍රහයේ මෙන්ම මුදල් රෙගුලාසි අනුව කටයුතු කරන්න ගිවිසුම් ගතව නිසා එම ගිවිසුම උල්ලංඝනය කිරීම වරදක් වෙනවා ඒක තමයි ඇත්ත තත්වය .

:       0       10

නිමල් Monday, 01 July 2024 06:50 AM

මේ මනුස්සයා මඟ දිගටම බි බී ඇවිත් තියෙන්නේ. සිග්නල් පටලවාගෙන ධාවනය කළා නම්. සහායකත් වගකිව යුතුයි. රියදුරු සේවයට සුදුස්සෙක් නොවේ.

:       0       10

Perera Monday, 01 July 2024 10:59 AM

දුම්රිය ගමන ආරම්භ කිරීමට කලිනුයි දුම්රිය රියදුරාගේ ගමනාන්තයේදී බැලූන් පුම්බන්න දීලා බලන්න බීලද කියලා

:       0       3

ජිනසිරි Monday, 01 July 2024 01:47 PM

පසුගිය කාලයේ දිගින් දිගටම දුම්රිය පීලි පැනපු අවස්ථා බොහෝමයක් තිබුණා මෑතකදී මන්දගාමී දුම්රියකුත් පීලි පැන්නාලු. ඉතින් ඒ වෙලාවේ රියදුරා ඉන්න ඇත්තේ බීමත්ව වෙන්න පුළුවන්... එහෙම බීමත්කම නිසා රජයට සිදුවූ පාඩු හා හානි වෙනුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි හෝ ඉහළ නිලධාරින් කිසි පියවරක් ගත්තේ නැද්ද?

:       0       3

SADDA Monday, 01 July 2024 03:16 PM

පිටිගල මිලානො ලංකාවට ඇවිල්ලම නන් දෙඩෙව්වොත් නරකද?

:       2       2

SUNIL MILANO Monday, 01 July 2024 04:13 PM

පිටිගල මිලානෝ හැම බම්බුවටම. දේශපාලනය. ගාව ගන්න එපා

:       2       3

පිටිගල මිලානෝ Monday, 01 July 2024 06:06 PM

සුනිල් මිලානෝ... මයිනාගේ පච්චේ මකාගන්න පුළුවන් වුණාද? ආරංචියි හැමතැනම ඇවිද ඇවිද ඒක මකාගන්න කෙනෙක් හොයනවා කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 155 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2051 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1579 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site