ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංස්කරණය කර නව මුහුණුවරකින් ඉදිරියට යා යුතු යැයි ද, නව පක්ෂයක් ගොඩ නගා ගත යුතු යැයි ද, කළ යුතු නොකළ යුතු දේ තේරුම් බේරුම් කර ගත යුතු යැයි ද මෛත්‍රීපාල සිරිසේන ජනපති පක්ෂ මහා සමුළුව අමතමින් කීවේය.
වෛරී දේශපාලනය නැති කර රටේ අභියෝගවලට මුහුණ දී ජනතාවගේ හා රටේ ඕනෑ එපාකම්වලට මුල් තැන දිය යුතු බව ද, හැම දෙනාම මිත්‍රශීලීව ක්‍රියා කළ යුතු යැයි ද ජනපතී පැවසීය.
ජාත්‍යන්තර අභියෝගයේ සිට දේශීය අභියෝග දක්වා සියලු ප්‍රශ්න ගැන හැම දෙනකුටම පූර්ණ අවබෝධයක් සිටිය යුතු යැයි ද , ආණ්ඩු බලයක් අනාගතයේ දී ලබා ගැනීම සඳහා සියලු දෙනාම එක්ව ක්‍රියා කළ යුතු යැයි ද ඔහු කීවේය.
පක්ෂයේ සභාපති ජනපතිවරයාගේ මේ අදහස් දක්වද්දී ඔහු ළඟ ආසනයේ පක්ෂ අනුශාසක හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වෛරී දේශපාලනය නැති කර අභියෝගවලට මුහුණ දෙමු‘
දිලිප් Thursday, 03 September 2015 05:07 AM
පාර්ලිමේන්තුවේ සමහර දේශපාලකයන්ගේ කටවල් පාලනය කිරීමට කටයුතු නොකළහොත් ඔවුන් හරහා ජාතිවාදය හා වෛරී දේශපාලනය වැපිරීම හමුවේ නව පාර්ලිමේන්තුවට බරපතල ගැටලු වලට මුහුණපෑමට සිදුවනු ඇත. (නි)
ශාන්ත පත්මබන්දු Wednesday, 02 September 2015 11:32 AM
ඔබ බොහෝ දුරට හරි. නමුත් කුඩු කාරයන්ට, එතනෝල් කාරයන්ට, දුෂකයන්ට, වංචා කාරයන්ට, බොරු කාරයන්ට, ජනතා මුදල් ගසා කන්නන්ට මෙය ලයිසන් එකක් කරගන්න ඉඩ දෙන්න එපා. ලක්ෂ 62 ජනතාවගේ අභිප්‍රායන් මුදුන් පමුණුවන්න (ම)