IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘වෛරී දේශපාලනයෙන් මිදෙන්න ඕනෑ‘

විපක්ෂය සිටින සමයේ තමන් ද ආණ්ඩුව ගෙනෙන සෑම දෙයකටම විරුද්ධ වූ බවත් එම වෛරී දේශපාලනයෙන් මිදී සියලූ දෙනාම වැදගත් දේශපාලනයේ නිරත විය යුතු යැයි කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (01) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ සිටින සමයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙනෙන සෑම කි‍්‍රයාවට විරුද්ධ වුණා. අපිත් ඒ බලූ වැඩේ කළා. අපි වෛරී දේශපාලනයෙන් මිදෙන්න  ඕනේ. හොඳ දේ හොඳයි කියන්නත් වැරැද්දක් තිබ්බොත් එය විවේචනය කරන්නත් අපි පුරුදු වෙන්න  ඕනේ. වැදගත් දේශපාලනයට අපි පියමනින්න  ඕනේ. අපි අපේ දරුවන්ට අනාගත පරම්පරාවට මොනවාද දෙන්නේ ? අපි වැරැදි ද අනාගත පරම්පරාවට උරුම කරන්නේ. ආණ්ඩුවක් පැරැදුණාම පැරැදුණු කණ්ඩායම උත්සාහ කරන්නේ නව ආණ්ඩුව පෙරළන්න. එහෙම කරන්න බැහැනේ. නියමිත අවුරුදු කිහිපයක් ඇතුළත මැතිවරණ, ජනපතිවරණ පවත්වන්න බැරි බව ව්‍යවස්ථාවේ තිබෙනවා. හිතු මනේපට මැතිවරණ තියන්න බැහැනේ. එය අපි තේරුම් ගන්න  ඕනේ.‘ යැයිද ඔහු පැවසීය.



අදහස් (0)

‘වෛරී දේශපාලනයෙන් මිදෙන්න ඕනෑ‘

කිත්සිරි Wednesday, 02 March 2016 12:41 AM

බොහොම හොඳයි (නි)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 01:40 AM

නිදහස ලබාගත් දවසේ පටන් අපි අහන කතාවක්නේ ඔබතුමා කියන්නේ. අනේ සක්‍රියව අවංකව ජනතා සේවයට දායක වෙන්න. (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 02 March 2016 01:48 AM

අනේ අම්මපා! ඇමතිතුමා ඔය කියන්නේ මුළු හදවතින්ම හිතලද? (නි)

:       0       0

සුදේශ් Wednesday, 02 March 2016 07:39 AM

ඇයි පැරදුනු අය පාර්ලිමේන්තුවටත් ගියේ. (ර)

:       0       0

ටෙනිසන් Wednesday, 02 March 2016 02:58 AM

කියන විදියටම කරයිද? (නි)

:       0       0

දුමින්ද Wednesday, 02 March 2016 03:32 AM

දෙව්දත් බුදු බණ කීවා වැනිය (බ)

:       0       0

දිල්ෂාන් Wednesday, 02 March 2016 08:51 AM

ඇයි ඉතින් පළාත් පාලන මැතිවරණෙ තියන්න ඔච්චර බය? අඩු ගානේ ගොවියෝ උද්ඝෝෂණය කරන කොට එලියට වත් එන්නේ නැහැ බයට. (ර)

:       0       0

රාජ් Tuesday, 01 March 2016 02:29 PM

ඇයි මහත්තයෝ මේ? බයවෙලාද? (නි)

:       0       0

ජයන්ත Wednesday, 02 March 2016 04:46 AM

අනේ මගේ කට ! (බ)

:       0       0

ජයන්ත Wednesday, 02 March 2016 04:38 AM

අනේ මගේ කට ! (බ)

:       0       0

නිම්මි Tuesday, 01 March 2016 03:09 PM

මේ රට පාලනය කරන්න ඕනෑ මිනිස්සුන්ට කැමති අය මිසක් මෙයාලට ඕනෑ අය නෙමෙයි. මිනිස්සු එපා කියලා ගෙදර යවපු අය දමාගෙන විකාර කරනවා. කොච්චර අපහාස කළත් මිනිස්සු තාමත් ආදරේ මහින්දට. (නි)

:       0       0

ඇසළ Tuesday, 01 March 2016 03:15 PM

එහෙනම් පළාත් පාලන මැතිවරණය තියන්නකෝ බලන්න ඇද ඇද ඉන්නේ නැතුව. අපිට වැඩ පෙන්ව්න්න (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 02 March 2016 05:09 AM

ඔරුව පෙරලුනාම ඒ පැත්තට වැඩිය මේ පැත්ත හොඳයි කියන අය ඕනෑතරම් (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 02 March 2016 05:22 AM

දැන් කරන්නෙත් ඒ වැඩේම තමයි ඉතින්. (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 01 March 2016 05:09 PM

බලය අතට ආවහම තමයි ඔය දේවල් මතක් වෙන්නේ. වැදගත් දේශපාලනය සහ ලංකාව කියන්නේ කිසිම දවසක ළංනොවන දෙයක් (නි)

:       0       0

ශ්‍රියන්ත Tuesday, 01 March 2016 07:15 PM

එතකොට මහින්ද අතහැරලා හංසයාගේ පිටේ නැග්ගේ පාවාදීමේ දේශපාලනයද? ඔවා දෙනු පරහට තම සම්මතෙහි පිහිටා සිට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site