IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


වරාය නගර පනත සංශෝධනය වෙයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් ලෙස පිහිටුවා ඇත. 

එම කලාපය ගෝලීය වශයෙන් තරගකාරී විශේෂ ආර්ථික කලාපයක් බවට පත් කිරීම, සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ සමස්තයක් වශයෙන් ව්‍යාපාර කිරීමේ පහසුව පිණිස ශ්‍රේණිගත කිරීම සහ ශ්‍රී ලංකාව ගෝලීය මට්ටමින්  ශක්තිමත් කිරීම යන එම පනතේ අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය නෛතික සංශෝධන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විසින් හඳුනාගනු ලැබ තිබේ. 

ඒ අනුව, අදාළ පනත සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2024-07-29 දින ලබා දී තිබු අතර, තවදුරටත් සිදු කළ යුතු නව සංශෝධන කිහිපයක් මේ වන විට හඳුනාගනු ලැබ ඇත. තවද, වරාය නගරයේ ආයෝජකයන් වෙත ඉතා වැදගත් දිරි ගැන්වීම සහ නිදහස් කිරීම ප්‍රදානය කරන ලද ක්‍රමෝපායික වැදගත්කමක් තිබූ ව්‍යාපාර නියෝග 2025-08-04 දින සිට අහෝසි වී ඇති බැවින්, එම ආයෝජකයන්ගේ ගැටලු වලට ද සෘජුවම විසඳුම් ලබා දීමට යෝජිත නව විධි විධාන මඟින් අපේක්ෂා කෙරේ.

 ඒ අනුව, අලුතින් හඳුනාගනු ලැබ ඇති සංශෝධන ද ඇතුළත් කරමින්, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

වරාය නගර පනත සංශෝධනය වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 689 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 868 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site