වෙරළාරක්ෂාව සම්බන්ධව අඛණ්ඩව සහයෝගය ලබාදෙන බව ජපන් වෙරළාරක්ෂාව සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වයිස් අද්මිරාල් හිරොයුකි නකානො ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට හමුවී පැවසීය.
හිරොයුකි නකානො ඇතුළු ජපන් වෙරළාරක්ෂක නිලධාරීහු පිරිසක් හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර සුහද හමුවක් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති අවස්ථාවේ මෙම අදහස් දැක්වූ නකානො වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියටත් වෙරළාරක්ෂක කටයුතු සම්බන්ධව මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් ජපන් රජයේ සහයෝගය ලබාදෙන බවයි.
ජපානය ලබාදෙන ආධාර සහ සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළකල විජයවර්ධන මහතා ශ්‍රී ලංකා රජයේ සහයෝගය මෙන්ම මිත්‍රත්වය නොකඩවා ජපන් රජය වෙත ලබාදෙන බව ද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව මෙන්ම තෙල් කාන්දුවීම් සම්බන්ධ කළමණාකරණය පිළිබඳ පුහුණු සැසියක් මෙරට වෙරළාරක්ෂක නිළධාරීන් වෙත ජපන් ආයතනයක සහයෝගයෙන් පැවැත්වෙන අතරල එහි අභ්‍යාසයක් දික්ඕවිට ධීවර වරායේ දී ජනවාරි 29 දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වෙරළ රකින්න ජපන් සහාය‘