IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වාර්ෂික ගිවිසුමට ඇතුළත් කි‍්‍රකට් කී‍්‍රඩකයන් ඉලක්ක කරා නොගියොත් ගිවිසුමෙන් ඉවතට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉදිරි වසර සඳහා ක‍්‍රීඩකයන් ගිවිසුම්ගත කිරීමේදී ඔවුන්ට සම්පූර්ණ කළ යුතු ඉලක්ක දෙන බවත් ඒවා ක‍්‍රියාත්මක නොකරන ක‍්‍රීඩකයන් ගිවිසුමෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීහු පවසති.

ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමත් සහ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමත් තෝරා ගැනීම සම්බන්ධයෙන් පැවැති පුවත් පත් සාකච්ඡවකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීහු මෙසේ පවසා සිටියහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ ඉදිරි වසරේ ගිවිසුම්ගත ක‍්‍රීඩක සංඛ්‍යාවේ වෙනසක් කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත් එම සංඛ්‍යාව බොහෝ විට 90 ක් විය හැකි බවයි.

”මම ක‍්‍රීඩකයන් සංඛ්‍යාව පිළිබඳව ඉලක්කම් දෙකක් කියන්නේ නෑ. නමුත් මේ වසරේ සිට ගිවිසුම්ගත ක‍්‍රීඩකයන්ට රැකගත යුතු ශාරීරික යෝග්‍යතා මට්ටමක් නියම කරනවා”

”එය රැකගන්න ක‍්‍රීඩකයන් කටයුතු කළ යුතුයි’’ යයි ද රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා අදහස් දක්වමින් පැවසුවේ ගිවිසුම්ගත ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 90 ක් සිටීම පිළිබඳව තමන් එකඟ වන බවයි.

”ඇතැම් ක‍්‍රීඩකයන් ගිවිසුමට ඇතුළත්වීමෙන් පසුව ක‍්‍රීඩාවට ඇති උනන්දුව පිළිබඳව අපි අවධානය යොමු කළා. ඒ ක‍්‍රීඩකයන්ට අපි කළ යුතු වැඩ පවරනවා, ඒවා නොකළ හොත් ගිවිසුමෙන් ඉවත් කරන බවට ගිවිසුමේ කරුණු ඇතුළත් කරනවා” යැයිද ජයසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට නිලධාරීහු නව දෙනකු ඇතුළත්ව සිටීම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයට ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා මෙසේ පිළිතුරු සැපයීය.

”ජාතික කණ්ඩායමට ක‍්‍රීඩකයන් උස්වීම් ලබන්නේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමෙන්, ඒ නිසා ජාතික කණ්ඩායමට දෙන පහසුකම් ‘ඒ’ කණ්ඩායමටත් ලබාදී එම ක‍්‍රීඩකයන්ව එයට හුරු කළ යුතු යැයි අපි තීරණය කර තිබෙනවා”

‘ඒ’ කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ටත් භෞතචිකිත්සක, අභ්‍යාසක ආදි නිලධාරීන්ගේ සේවය සැපයීම සඳහා මෙම සංචාරයට නිලධාරීන් නවයක් ඇතුළත් කර තිබෙනවා’” යයිද රණතුංග මහතා පැවසීය.

එම ප‍්‍රශ්නයට පිළිතුරු සැපයූ හිටපු නායකයකු වන තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසුවේ තමන් නායකයා හැටියට කටයුතු කළ අවස්ථාවලදී ඇති වූ ඇතැම් ගැටළුවලට තේරීම් කමිටු නිලධාරියකු විසින් විසඳුම් ලබාදීම එකල තමන්ට මහත් අස්වැසිල්ලක් වූ බවයි.

”තේරිම් කමිටු නිලධාරියා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමග සම්බන්ධ වීම වැලැක්වීමට ඔහුට වෙනම නවාතැන් සහ ප‍්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කර තිබෙනවා. එවිට ක‍්‍රීඩකයන් සමග සම්බන්ධකම් ඇති වනවා යැයි නැගෙන චෝදනාව නැති වෙනවා” යැයිද සනත් ජයසූරිය වැඩි දුරටත් පැවසීය.

 

 



අදහස් (0)

වාර්ෂික ගිවිසුමට ඇතුළත් කි‍්‍රකට් කී‍්‍රඩකයන් ඉලක්ක කරා නොගියොත් ගිවිසුමෙන් ඉවතට

ශ්‍රී Friday, 03 May 2013 06:51 PM

ඒ ඉලක්ක අතරට විනය කරුණු අනිවාර්ය කලොත් හොදයි. ඒ වගේම තරග 3 කට වඩා අසාර්ථක නම්, දස්කම් අතරට එන්න වෙනත් ක්‍රීඩකයෙකුට ඒ අවස්ථාව දීමත් යෝග්‍යයි .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site