IMG-LOGO

වීරවිල - රිදියගම පෞද්ගලික අංශයට දෙනවා

(සනත් ගමගේ)

වීරවිල හා රිදියගම රජයේ ගොවිපොළ දෙක පෞද්ගලික අංශයට විකිණිමට අවශය සැලසුම් සකස් කර ඇති බැවින් ඒ සඳහා සුදුසු ආයෝජකයන් දැනට ඉදිරිපත් වි සිටින බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කීය.

පාඩු පිට පාඩු ලබමින් මෙම රජයේ ගොවිපලවල් දෙක ක්‍රියාත්මක වන හෙයින් තවදුරටත් රජයට මෙම බර දරා ගැනීමට නොහැකි හෙයින් පෞද්ගලික ආයෝජකයන්ට ගොවිපොළ දෙක ලබාදීමෙන් ගොවිපොළ දෙකෙන් උපරිම නිෂ්පාදන ධාරිතාවයක් ලබා ගැනීමට හැකිවන හෙයින් පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කරන බවද ඇමැති මහින්ද අමරවීර මහතා කීය.

වීරවිල රජයේ ගොවිල දැනටම වසරකට රුපියල් ලක්ෂ 400 ක පමණ පාඩුවකින් පාලනය වන බවත් රිදියගම ගොවිපලද කිරිලීටර් 5000 ක් තරම් ප්‍රමානයක් නිෂ්පාදනය වන බවද අමරවීර මහතා සඳහන් කළේය.

මෙම ගොවිපල දෙකේම සිටින සේවකයන් සමඟ එම ආයෝජකයන් ගොවිපොළ දෙක මිලදී ගැනීමට හැකිවන සේ අවශ්‍ය සාකච්ඡා කරගෙන යන බවද අමරවීර මහතා කීය.

 



අදහස් (6)

වීරවිල - රිදියගම පෞද්ගලික අංශයට දෙනවා

sunimal Sunday, 26 March 2023 10:16 PM

අත්හදා බැලීමක් වශයෙන් ඕක විශ්ව විද්‍යාල කීපයකට (කෘෂි සහ වාණිජ) දීල බලන්න බැරිද?

:       1       4

LallaMonday, 27 March 2023 01:22 PM

ඉස්තරම්ම යෝජනාවක්. ප්‍රශ්නය අන්තරය රිංගන්න ආවොත්.....දැනටම මහඉලුප්පල්ලම ගොවිපලේ කොටසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨයට අයත්. මාපලාන රුහුණ විශ්ව විද්‍යාලයට අනුබද්ධිතයි.....

:       2       4

sam Monday, 27 March 2023 01:18 PM

මේ ඇමතියෝ පන්නපු දාට ඕවා ලාබ ලයි. උන් හොරා කනවා.

:       5       6

පැරකුම්Monday, 27 March 2023 03:03 PM

මෙතන තියෙන්නේ අකාර්යක්ෂම පරිපාලනය මිස වෙනකක් නොවේ. පෞද්ගලික අංශය යසට ලාබ පෙන්වයි.

:       0       4

Hafeel Monday, 27 March 2023 01:58 PM

මේ රටට ඇමති මන්ධලයක් අවශ්‍ය නැහැ.

:       3       5

මහී Monday, 27 March 2023 04:40 PM

දියවන්නාවේ ගව ගාලා ප්‍රතිව්‍යුහගත කිරීම අගෙයි අගෙයි. එය දැනටමත් අහවල් සමාගමෙන් මිලට අරංද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 260 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 786 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site