IMG-LOGO

වරාය රාජ්‍ය ඇමැතිට බලය පැවරෙන ගැසට්ටුවක්

 

(නිමන්ති රණසිංහ)

වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට පැවරී ඇති කාර්‍යයන් කිහිපයක් එම රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාට පවරනු ලැබ ඇත.

මෙම පැවරීම කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින්  යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

මේ අනුව පලාලි ගුවන්තොටුපොළ, රත්මලාන ගුවන්තොටුපොළ, සංවර්ධනය සඳහා හඳුනාගත් ඕනෑම ගුවන් තොටුපොළවල්, කන්කසන්තුරේ වරාය සහ  ඔලුවිල් වරාය වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය වරයාගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ  සංවර්ධනය  කිරීම රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙනු ඇත.

මෙයට අමතරව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වරාය හා ගුවන් සේවා අමාත්‍ය වරයාට සහාය වීමද  රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙන බව  එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.



අදහස් (4)

වරාය රාජ්‍ය ඇමැතිට බලය පැවරෙන ගැසට්ටුවක්

බද්රානි Tuesday, 04 October 2022 03:47 PM

ඉගෙන ගැනීමට වඩා මිනීමැරුම උගත් වැදගත් කමක් ලෙස පිළිගන්න රටක මීට වඩා බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. දරුවනේ උඹලගේ රටට දෙයියන්ගේම පිහිටයි!!

:       0       0

chandima Tuesday, 04 October 2022 04:25 PM

ජපන්නු කිව්වද පගාව ඉල්ලන්නේ නැති කෙනෙක් ඕනෑ කියලා ගුවන් තොටුපළේ සංවර්ධන වැඩ පටන් ගන්න නම්...?

:       0       0

pradeep Tuesday, 04 October 2022 04:52 PM

මිනීමරුවන්ට උපරිමයෙන්ම සලකන රටක්...

:       0       0

jagath Tuesday, 04 October 2022 07:36 PM

ගූගල් එකේ ගහලා බලන්න මෙයාගැන... කිසිම උගත්කමක් නැහැ. මේ අයව දාගෙනද රනිල් ඔය කරන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 75 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 669 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site