IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වෛරය නිවාගැනීම මනා ය.

බැන්න වග ගැහුව             වග පැරැදු වග පැහැරු            වග යළි සිතා වෙර             කළොත් නිම නො වේ බැදුණු          වෙර ( තරතිස් තෙරුන් වෙනුවෙනි )

ගී පබැඳුම - තිලක් නවරත්න

යමක වග්ගෝ

අක්කොච්ඡි මං අවධිමං අජිනි මං අහාසිමේ යේ තං උප නයිහන්ති වේරං තේසං න සම්මති

නිදාන කතාව

වයිරය නිවාගැනීම මනා ය. දෙවුරම් වෙහෙරේථුල්ලතිස්ස නම් තෙර නමක් වාසය කළා.රජකුල නෑකම් ඇති තරතිස් තෙර ගේ මවත් සුදොවුන් රජුත් සෝවුරු සොයුරියෝ. ඒ කියන්නේ බුදුරදුන් ගේ නැන්දනී දේවිය ගේ පුතා. තරතිස් තෙර පැවිදි වූයේ මහලු වියේ දී. වයසින් මහලු යි. ගුණයෙන් නම් මහලු නෑ. ඒ නෑකම් හෙයින් උඩඟු යි. රජකුල මානයෙන් මහ තෙරුනට පවා ගරුසරුවක් නෑ. බුදුරදුනට ලැබෙන මියුරු දනින් යැපී කයින් මහත් ව තරබාරු ව උජාරුව වෙසෙනවා. දෙවුරමට එන සැදැහැතියන් තරතිස් තෙර මහ තෙර නමකැ’යි සිතා බුහුමන් කරනවා. ථුල්ල තිස්ස තෙරත් ඒ සැලැකුම් නොසොල්මන් ව ඉවසනවා. ඒ මහලු පැවිද්දා ගේ බොල් සිරිත ගැන තරුණ හිමිනමක් දොස් නැඟුවා. පැවිදි බවින් වැඩිමහල්ලනට ගරු නොකිරීම ගැන දොස් නැඟුවා.වැඩිහිටියන් කෙරේ සුළු වත්පිළිවෙත් හෝ නොකිරීම ගැන ගැරැහුවා. තරතිස් තෙර කෝප වුණා.‘තොප මා ගැන දන්නේ නැතැ’යි කියිමින් බුුදුරදුන් බැහැදැක පැමිණිලි කළා. බුදුරජාණන් වහන්සේ හැබෑව දැනගත්තේ තරතිස් තෙර ගෙන් ම යි. වැඩිිහිටියන් කෙරේ වත්-පිළිවෙත් නොකිරීම මෙන් ම වැඩිහිටියන් නො පිදීමත් වරද බව දක්වා වදාළා. වරදෙන් මිදෙන්නට සඟුන් කමා කැරැ ගැනීමට අවවාද කළා. වරද පිළිගැනීමට අකීකරු වුණා. දඩබ්බර වුණා. ඒ තෙර ගේ අකීකරු පෙර බව පුවත ද ගෙනහැර පෑවා. ‘කොව සහිත වෙර බැදුම මෙනෙහි නොකැරැ අමතක කිරීමෙන් වෙර සංසිඳෙන වග’ සිරි මුවින් වදාළා.



අදහස් (0)

වෛරය නිවාගැනීම මනා ය.

නිත්‍යා Saturday, 12 January 2013 12:46 PM

වෛරයෙන් වෛරය නොසන්සිඳේ -අවෛරයෙන් වෛරය සන්සිඳේ (ස)

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site