IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වරාය නගරේ පරිසර වාර්තා පිරික්සයි

වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති පාරිසරික සහ අනෙකුත් වාර්තා විශේෂඥ විද්‍යාඥයින් ලවා පරීක්ෂා කරවා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතියට කල් දුන්නේය.

වගඋත්තරකාර පාර්ශවය විසින් ගොනු කළ වාර්තා විශේෂඥයන් ලවා අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව නීතීඥ ජේ.සී.වැලිඅමුණ මහතා දැනුම් දීමෙන් පසුව රෝහිණී මාරසිංහ, ප‍්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එසේ අවසර දුන්නේය.

සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය සහ එහි සභාපති අරුණ රොෂාන් ප‍්‍රනාන්දු විසින් ගොනු කැරුණු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති,ආයෝජන මණ්ඩලය, භූවිද්‍යා සහ පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.

කොළඹ ගාලූමුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575ක් ගොඩකර වරාය නගරයක් ඉදි කැරෙන බවත්, එයින් පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල කරන බවත් පෙත්සම්කාර සංගමය කියා සිටී. ව්‍යාපෘතියේ මුල් අවස්ථවේදී පරිසර වාර්තා ලබා ගෙන ඇතත් ,ව්‍යාපෘතිය පුළුල් කිරීමේදී එම වාර්තා ලබා නොගෙන ඇතැයිද පෙත්සමේ සඳහන්වේ.එසේම මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමේදී විශාල වශයෙන් වැලි ගොඩ දැමීම සිදුවන බැවින් එයින්ද පරිසරයටද විශාල හානි සිදුවන බවත් සංගමය කියා සිටී.



අදහස් (0)

වරාය නගරේ පරිසර වාර්තා පිරික්සයි

රත්නායත Thursday, 12 November 2015 03:47 AM

මෙහෙම වුණොත් රටක් සංවර්ධනය කරන්න බැහැ. මේ ව්‍යාපෘතියෙන් රටට විශාල වාසියක් වෙනවා. අපේ දරු පරම්පරාවට. පරිසර වාර්තාවේ නිර්දේශ අනුව ක්‍රියාත්මක වෙන එක හොඳයි. නමුත් සුලු පිරිසක් වෙනුවෙන් රටේ අනාගතය නැති කරන්න එපා. බොරු දේශපාලන වාසි ගන්න එපා. (ම)

:       0       0

විජිත් Wednesday, 11 November 2015 01:56 PM

මම දන්නා විදිහට පරිසර වාර්තාව මේ ව්‍යාපෘතියට අවසර දීලා නැහැ.නමුත් " චන්ඩි කමෙන් " තමා හැම දෙයක්ම කලේ. (අ)

:       0       0

සත්‍යා Thursday, 12 November 2015 04:37 AM

කිසිම දෙයක් කරනවා තබා හිතන්නවත් බැරි අය, කියවන එක විතරයි කරන්නේ. පරිසර වාර්තාවේ නිර්දේශ අනුව ක්‍රියාත්මක වෙන එක හොඳයි. නමුත් සුළු පිරිසක් වෙනුවෙන් රටේ අනාගතය නැති කරන්න එපා. බොරු දේශපාලන වාසි ගන්න එපා. (ම)

:       0       0

දුමින්ද Thursday, 12 November 2015 05:32 AM

රටක හෙටට පක්ෂ නැති පක්ෂ දේශ පාලනය (බ)

:       0       0

තනුර Wednesday, 11 November 2015 04:52 PM

අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site