IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කරයි

 

(අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද "The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කෙරිණ.

මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල් වලින් එය සමන්විත වේ. 

මේ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙ‍ළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර ඒ සමඟ කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත.

සමරු ඵලකය නිරාවරණය කර, සාප්පු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, මීට වසර දෙකකට පෙර වරාය නගරය මේ අයුරින් දියුණු කිරීමට හැකි වනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකළ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව තම රජය විසින් රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ බැවින් අද වන විට වරාය නගරයේ මූල්‍ය කටයුතු ආරම්භ කිරීමට හැකි වූ බවත්ය.



අදහස් (6)

වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කරයි

NWS KUMARA Friday, 06 September 2024 09:27 AM

ඡන්දයට බලපෑමක් නේද?

:       8       13

ජගත් ලියනගේ Friday, 06 September 2024 09:49 AM

විවෘර්ත කරන එකක් 21 ට කලින් කර ගන්න. 21 වැනිදාට පස්සේ, ඊළඟට පත්වන ජනාධිපති විවුර්ත කරන ඒවා නැහැ . එයා බොහොම සරල එක්කෙනෙක් සහ , බොරුවට පුම්බන ජනාධිපති කෙනෙක් නෙවෙයි .

:       36       56

IBRAHIM Friday, 06 September 2024 11:12 AM

ඒ ජනාධිපති මාස 3 න් වගේ මිනිස්සු ගහලා එලවන කෙනෙක් නොවිය යුතුය

:       0       26

Surain Friday, 06 September 2024 11:15 AM

මහින්ද ගෙනපුවා පිනා එයා කරපු දෙයක් වගේ විවෘර්ත කරනවා .එකෙන්ම තේරෙනවා මෙයාගෙ තුන්පනේ ගති ලක්ශන

:       16       13

Sugath Dissanayaka Friday, 06 September 2024 11:31 AM

විවෘත කරන එකක් 21ට කලින් කරගන්න. 21න් පස්සේ යන්න තියෙන්නේ ගෙදර

:       16       20

Kazi Shajahan Saturday, 07 September 2024 11:10 AM

රනිල් හොයාගෙන යන්නේ... නැද්ද මහජන වැසිකිළියක්වත් නැවත 21ට කළින් රනිල්ට කියලා විවෘත කරවා ගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site