IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වරාය නගරයේ ඉරණම ගුරුදා විසදෙයි

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දුවක් බ්‍රහස්පතින්දා (19) රජය විසින් ගැනීමට නියමිත බව නීතිපති  අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

එම ව්‍යාපෘතිය සම්බන්ධ පරිසර තත්ත්ව ඇගයීම් වාර්තා (පරිපූරක) ඒ සඳහා වන අමාත්‍ය ලේකම්  කමිටුවෙන් සළකා බැලීමෙන් පසුව එම තීරණය ගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා අධීකරණයට දැන්වීය.

පෝර්ට් සිටි ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කැරුණු  රිට් පෙත්සම  කැඳවූ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා කැදවිණි.

කොළඹ ගාලූමුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575 ක් ගොඩකර වරාය නගරය ඉදිකිරීමෙන් වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි බලපෑම් සිදුවන බව පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් පෙන්වා දේ.එබැවින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන් කර ඇති නීතිවිරෝධී සියලූ ගිවිසුම් අහෝසි කිඍීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.

 



අදහස් (0)

වරාය නගරයේ ඉරණම ගුරුදා විසදෙයි

ඉන්ද්‍ර Tuesday, 17 November 2015 03:30 PM

ලාල් වෙනසක් නෑ ගිය වාරේ නුඹේ මේ වාරේ මගේ .ඩීල් කොමිස් ගැන ඔබ හොදට දන්නවා වගේ ? (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 November 2015 08:23 AM

අන්තිමේදී කියාවි ගහගත්තු ගිවිසුම් අහෝසි කරන්න බැරිනිසා වැඩේ පටන්ගන්නවයි කියලා.ඕකයි වෙන්නේ.(ම)

:       0       0

කසුන් Tuesday, 17 November 2015 06:11 PM

දැන්නම් මොනවා වුණත් අපි නම් මේවට මොකුත් කියන්නේ නැහැ (නි)

:       0       0

වික්‍රමරත්න Tuesday, 17 November 2015 07:44 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 17 November 2015 01:18 PM

කිසිම ප්‍රශ්නයක් නැහැ වැඩේ දිගටම කර ගෙන යනවා කියාවි. ඒ සඳහා අවශ්‍ය ඩීල් / කොමිස් /අත යට ගනුදෙනු ආදිය පහුගිය දවස්වල කර කියා ගන්න පුළුවන් වෙන්නත් ඇති . ඉස්සර මේක කෙරුනේ මහින්ද ජනාධිපතිගේ කාලේදී , දැන් මේ වැඩේ සිද්ධ වෙන්නේ සිරිසේන ජනාධිපතිගේ කාලේදී . කොහොමද වෙනස ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site