IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වරාය නගරයට එරෙහි පෙත්සම සංශෝධනයට අවසර

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස ඉල්ලා සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කොට නැවත ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) අවසර දුන්නේය.

එම සංවර්ධන ව්‍යපෘතියට සම්බන්ධ බලධාරීන් මේවනවිට වෙනස් වී සිටින බැවින් නව බලධාරීන්ගේ නම් ඇතුළත් කර සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන්ගේ නීතීඥවරයා කළ ඉල්ලීමට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අවසරය ලබා දුන්නේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ විනිසුරු සිසිර ද අබෲ යන මහත්වරුන් ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවිණි.

සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය සහ එහි සභාපති අරුණ රොෂාන් ප‍්‍රනාන්දු මහතා විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති,ශ්‍රී ලංකා වරාය අධිකාරිය ,වෙරළ සංරක්ෂණ සහ කළමනාකාර අධ්‍යක්ෂ ජනරාල් මංගල වික‍්‍රමනායක,මධ්‍යම පරිසර අධිකාරිය ,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, භූවිද්‍යා සහ පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ, කොළඹ නගර සභාව ,නාගරික සංවර්ධන අධිකාරිය  ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.



අදහස් (0)

වරාය නගරයට එරෙහි පෙත්සම සංශෝධනයට අවසර

ඩිලාන් Tuesday, 19 January 2016 08:21 PM

අනේ මෙහෙමත් රටක්! (නි)

:       0       0

තිස්ස Tuesday, 19 January 2016 02:40 PM

මෙයට එරෙහිවන්නවුන් ඉන්දීය ඔත්තු සේවාවන් විසින් මෙහෙයවන්නවුන් විය යුතුයි .යුරෝපය,අප්‍රිකානු රටවල් සහ පකිස්ථානය මෙවන් විසල වියප්ක්රුතින් ඔවුන්ගේ රටවල් තුල දැන් ක්‍රියාත්මක කරනවා. මෙය අත්හැර දැම්මොත් වසර1000,කාටවත් අපට මෙවැනි දෙයක් කළ නොහැකි බව තේරුම්ගත යුතු වෙනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site