IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වරාය නගරයට එරෙහි පෙත්සමට ඉහළ උසාවියෙන් තීන්දුවක්

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස ඉල්ලා සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අද (07) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම ව්‍යාපෘතිය නිසා ධීවර ප්‍රජාවට මුහුණ පෑමට සිදු වී ඇති ගැටළු සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම්කරුවන්ට  නියම කළේය.

වත්මන් මෙන්ම අනාගත පරපුර ආරක්ෂා වන අන්දමට මෙම ව්‍යාපෘතිය කර ගෙන යාම සියල්ලන්ගේම අපේක්ෂාව වන බව අදාළ දැනුම් දීම සිදු කරමින් අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතා විවෘත අධිකරණයේදී පැවසීය.

මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් සහ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි යන මහත්වරුන් ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවිණි.

සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය සහ එහි සභාපති අරුණ රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති, ලංකා වරාය අධිකාරිය ,වෙරළ සංරක්ෂණ සහ කළමනාකාර අධ්‍යක්ෂ ජනරාල් මංගල වික්‍රමනායක,මධ්‍යම පරිසර අධිකාරිය ,ලංකා ආයෝජන මණ්ඩලය, භූවිද්‍යා සහ පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ, කොළඹ නගර සභාව ,නාගරික සංවර්ධන අධිකාරිය , චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් ආයාතනය ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

වරාය නගරයට එරෙහි පෙත්සමට ඉහළ උසාවියෙන් තීන්දුවක්

රත්න Friday, 08 July 2016 03:17 AM

දේශපාලන පළිගැනීම් නිසා සහ අපේ රට මෙවැනි කඹ ඇදීම් වලට ගොදුරුවීමෙන් සංවර්ධනය කඩාකප්පල් වී ඇති බව අපිට පුදුමයක් නොවෙයි. ලංකාව කියන්නේ දේශපාලන සමගියක් නැති රටක්. සමගියක් නැති රටකට දියුණුවකුත් නැහැ. ලංකාවේ මිනිස්සු දන්නේ පක්ෂ හදන්නයි ඒවාට ආවතේව කරන්නයි පමණයි (නි)

:       0       0

සඳුනි පෙරේරා Friday, 08 July 2016 03:28 AM

ලංකාව කියන්නේ පුදුම රටක්. ඒ නිසා තමයි චීනා ලස්සනට ව්‍යාපෘතිය පටන්ගත්තේ (නි)

:       0       0

ජගත්‍ Friday, 08 July 2016 03:31 AM

දේශපාලනය නීතියට අත නොතබන බව මේ තීන්දුවෙන් පෙනෙනවා (නි)

:       0       0

පෙරේරා Friday, 08 July 2016 04:31 AM

තමන් හැදෙන්නෙත් නැහැ රට හැදෙනවට කැමතිත් නැති සමහරු ඉන්න බව දැනුයි දන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 574 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site