IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වරායට ජන ගඟක්

කොළඹ වරායේ දකුණ පර්යන්තය හා දියකඩනය නැරඹීම සඳහා අද අඩු ගණනේ විසිදහසකට වැඩි පිරිසක් ආහ.
ලබන 13 වැනිදා දක්වා උදේ 8.30 සිට 5 දක්වා ඔවුන්ට වරායට ඇතුළු විය හැකියි. දිවයිනේ දුර බැහැර ප‍්‍රදේශවලින් පාසල් සිසුහු මෙන්ම වැඩිහිටියෝද මෙම විශේෂ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත්හ.
වරාය අධිකාරියෙන් මගින්ගේ පහසුව සඳහා බස් හයක් යොදවා ඇත.

 



අදහස් (0)

වරායට ජන ගඟක්

පැහැසර Friday, 09 August 2013 02:44 PM

ඇත්තටම අගය කල යුතුයි. එත් 99 අවුරුද්දකට චීනයට බදු දෙන නිසා මෙහි හැම වාසියක්ම ලබා ගන්නේ චිනයි. එත් කමක් නැහැ ඉතින්. මොන කරන්නද මෙහම හරි දෙයක් ගොඩ නගන්න පුළුවන් වුණ එක ගැන සතුටුයි. අපි කවදත් දේශප්‍රේමී ජනතාවනේ. (ස)

:       0       0

සිල්වා Friday, 09 August 2013 03:13 PM

රටේ සංවර්ධනය සීග්‍රයෙන් කරගෙන යාමට අතිගරු ජනාධිපතිතුමාට ශක්තිය දහිරිය හැමවිටම ලැබේවා !! වාරයේ සහ ගුවන්තුටුපලේ වටිනාකම දන්නේ දවසකට හරි විදෙස්ගත වුණ පුද්ගලයෙක් පමණයි 2020 දී අපි හොද තැනක සිටුනු ඇත. අනිවාර්යෙන්ම සංවර්ධනය වෙමු. (ස)

:       0       0

ශ්‍රීමාල් Friday, 09 August 2013 03:16 PM

ඔබත් ශ්‍රී ලාංකිකයෙක් වන්න ජය නියතයි !!! (ස)

:       0       0

අනුර Thursday, 08 August 2013 05:43 PM

රණවිරුවනි, ජනධිපතිතුමනි, මේ හැම දෙයක්ම ඔබ නිසයි (නි)

:       0       0

රංගශානි Thursday, 08 August 2013 05:48 PM

හොද වෙලාවට දයාසිරි රජයට ආවේ. නැත්නම් මොනවා කියාවිද දන්නේ නැහැ (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Thursday, 08 August 2013 06:12 PM

ජාතියේ හදවතයි වරාය... (නි)

:       0       0

ප්‍රබෂ් Friday, 09 August 2013 08:02 AM

මේ බලන්න එන අයගෙන් ගාස්තුවක් අය කළා නම් හොද නැද්ද? ව්‍යාපෘතිය ඉදිකළේ ලොව අනගිතම සමාගමක් විසින් කරපු නිසා කාටවත් කියන්න දෙයක් නැහැ. කොහොම වුණත් සම්පූර්ණයෙන් අවසන් කරලා විවෘත කළා නම් නේද හොඳ? (නි)

:       0       0

දයා Thursday, 08 August 2013 07:01 PM

මේකේ මුකුත් අඩු පාඩු නැද්ද මොකද පොඩ්ඩක් බනින්න (අ)

:       0       0

අනුර Friday, 09 August 2013 09:33 AM

ආසියාවේ ආශ්චර්යය! මෙතෙක් කල් රටේ හිටපු කිසිම නායකයෙකුට කරන්න බැරි වුණ ව්‍යාපෘතියක්. ජනධිපතිතුමනි, මේ හැම දෙයක්ම ඔබ නිසයි .ඔබට ජය (නි)

:       0       0

වීර Thursday, 08 August 2013 08:31 PM

ජනාධිපතිතුමනි ඔබට ජය!නූතන සිංහලයාගේ මහරජු ඔබයි.ලංකාව ආසියාවේ ආශ්චර්යය වීම අතලගයි.දැන් ඉතින් හැමදාම හොද දේට ඊර්ශ්‍ය කරන, කුහක ,කිසිදෙයක් කරගැනීමට නොහැකි, රට පාවාදෙන බංකොලොත් විපක්ෂෙට කඩේ යන දේශද්‍රෝහීන්ගේ මගේ අදහසට විරුද්ධව දාන ප්‍රතිචාර බලාගන්න පුළුවන්. (අ)

:       0       0

කුමාර Thursday, 08 August 2013 08:32 PM

දයාසිරි විතරක් නොවෙයි,අපි ඔක්කොම ආණ්ඩුවට යා යුතුයි.කොහොම හරි රට ගොඩ ගන්න ඕනේ.විපක්ෂ බලවේග වේලට රට හදන්න කොහෙත්ම සැලස්මක් නැහැ. මේ ,අපේ ජනාධිපති තුමා තව අවුරුදු 15ක් වත් රට කල යුතුමයි (අ)

:       0       0

අචින් බුද්ධික Friday, 09 August 2013 10:39 AM

සල්ලි ගරන වැඩක් බව කුඩා එකෙකු වන මටද වැටහේ. ඔකේ මොනවයි බලන්න තියෙන්නේ?(නදී)

:       0       0

මාටින් Friday, 09 August 2013 11:17 AM

අචින් බුද්ධික, ඔයාගේ නමේ අචින් වෙනුවට "මන්ද" කියල තිබුණ නම් ඔයාට හොදට ගැලපෙනවා. (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 09 August 2013 11:20 AM

අති ගරු ජනාධිපතිතුමනි, සැමදා අප ඔබ සමඟයි...!! (නි)

:       0       0

සම්පත් Thursday, 08 August 2013 09:13 PM

හොද දේට හොදයි කියන්න දිව නැමිය යුතුයි නැත්නම් අපිත් අරගොල්ලෝ වගේ වෙනවා.(අ)

:       0       0

නීල් කොස්තා Thursday, 08 August 2013 09:15 PM

මංගල සමරවීර දැන් යනඑන මං නැතිවයි ඉන්නේ, (අ)

:       0       0

කුමාර් Thursday, 08 August 2013 09:27 PM

ඔක්කොම හොඳයි. ඒ උනාට කන කැතයි කීව වගේ, රටේ නීතියත් අකුරට ක්‍රියාත්ත්මක වෙනවා නම් කොච්චර වටිනවද?(නදී)

:       0       0

ක්‍රිකී Thursday, 08 August 2013 09:39 PM

අර හම්බන්තොට වරායට සල්ලි නාස්ති කරපු වෙලාවේ කොළඹ වරායේ පහසුකම් වැඩි දියුණු කර නම් ඉවරයි . අපිත් අගය කරනවා මේක ගොඩක් හොද දෙයක් කියලා. මේ ක්ෂේත්‍ර යේ ඉන්න කෙනෙක් විදියට මේක අනුමත කරනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1072 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site