IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විරෝධතා මැඩීමට හමුදාව කැදවිය හැකිද?

විරෝධතා දක්වන්නවුන් විසිරවීමට සන්නද්ධ හමුදා යොදා ගැනීමේ නීත්‍යනුකූල තත්ත්වය විමසා බැලීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරයි.

පොලිසිය වෙනුවට ගැසට් නිවේදනයක් මගින් යුද නාවික හා ගුවන් හමුදා ඒ සදහා යොදා ගනිතියි නීතීඥ සංගමය කියයි.

මේ කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරාය.

එහි වාර්තාව දෙසතියකින් නීතීඥ සංගමයේ විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

 



අදහස් (0)

විරෝධතා මැඩීමට හමුදාව කැදවිය හැකිද?

චතුල වෙරෝනා Sunday, 08 September 2013 03:01 PM

අලුතින් හොයන්න දෙයක් නෑ..මෑරුවට පස්සෙ හොයල වෑඩකුත් නෑ ඉදිරියටත් ගුටි කන එක විතරයි අපට ඉතුරු වෙලා තියෙන්නෙ (දී)

:       0       0

ගාමිණි Sunday, 08 September 2013 03:01 PM

අවශ්‍ය උනොත් කදවන්න බලය තියෙන්න ඕනේ .රටක හමුදාවක් තියෙන්න එකට තමා.පොලිසිය කරන්නේ ප්‍රථමික සාමය රැකීම පසුගිය කලේ දැක්කනේ පොලිසියට මිනිස්සු ගහන හැටි පොලිසිය වගේම හමුදාවත් ඉන්නේ අපේම අය.රටවල් ව්නස කරන්න හදන අයට ඕන විදිහට රටවල් පාලනය ක‍රන්න බැහැ.

:       0       0

හසිත Sunday, 08 September 2013 11:11 PM

සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක් වෙනවනම් මොන ක්‍රමයකින් හරි විරෝදතවය නවත්වන්න ඕනා.(නදී)

:       0       0

ධම්ම Sunday, 08 September 2013 03:25 PM

විරෝධතා කාරයෝ පාරේ ඉන්න හමුදා භටයින්ගේ සේවයට බාධා කළා කියලානේ කතාව හැදෙන්නේ! (දී)

:       0       0

ප්‍රදීප් Sunday, 08 September 2013 03:44 PM

සාමකාමීව විරෝධතා දක්වන්නන්ට වුනත් වෙඩි තැබීමට හැකි වන පරිදි නීති ගෙන ආ යුතුයි. අපේ ආන්ඩුවත් එක්ක සෙල්ලම් බෑ.(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 08 September 2013 04:06 PM

මේ විරෝධතාවය පාලනය කිරීමට පොලිසියට බැරිඋනා කියල මම නම් හිතන්නේ නැහැ. පොලිසිය යොදවන්නේ නැතුව හමුදාව යොදවපු එකයි මෙතන ප්‍රශ්නය. බොහෝ රටවල මෙයට වඩා කැරලි කාර තත්ව වලදී වත් හමුදා යොදවන්නේ නැහැ. මීට වසර දෙකකට පෙර එංගලන්තේ කඩ සාප්පු ගිනි තබමින් ලන්ඩන් වල වෙච්ච කලබලේදී වත් හමුදාව යෙදෙව්වේ නැහැ. ටීවී වලින් මේවා බොහෝ දෙනෙක් දකින්න ඇති. (දී)

:       0       0

මහේෂ් Sunday, 08 September 2013 04:24 PM

සාමකාමී විරෝධතා වලට විතරක් නෙමේ ගෙවල් වල ඉන්න පාරේයන ඕනෑම කෙනෙක් මරන්න පුළුවන් විධිහට නීති ගෙනවානම් තමා රටක් දියුණු කරලා ආශ්චර්ය පෙන්නන්න පුළුවන් වෙන්නේ. (දී)

:       0       0

බෙනට් Sunday, 08 September 2013 05:07 PM

බැරිද අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කරන්න තමන් අකමැති කෙනෙක් නම් වරදක් නොකලත් ගෙදරට වෙලා ඉද්දි උනත් ගෙදරට පැනල මරන්න පුළුවන් කියලා.(නදී)

:       0       0

සෙන්සා Monday, 09 September 2013 08:57 AM

ඔය කාරණය දැන ගන්න කමිටුවක් පත් කරන්නම ඔනෑද?නීති පොත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි එහෙම නැද්ද? (දී)

:       0       0

දසුනි Sunday, 08 September 2013 06:45 PM

මේ රටේ නීති හැදෙන්නේ, එක එක්කෙනාට උවමනා විදිහට මිසක් රටට අවශ්‍ය විදිහට නෙමෙයිනේ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 08 September 2013 06:46 PM

ඒ සැරේ බන්දුල පෙරේරා කියන මානසික ලෙඩා ගේ නම ගාමිණි කියල වෙනස් කරගෙන නේ. මොන නමින් දැම්මත් ඔය වගේ කතා කියන්න පුළුවන් උපතින්ම මානසික ලෙඩ්ඩුන්ට පමණි.(නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 08 September 2013 06:48 PM

දැන් පොලිසියයි හමුදාවයි සම්බන්දීකරනය කරන්න අලුතින් ලේකම් කෙනෙක් පත් කලානේ. අර මාධ්‍යවීදිනියගේ ගෙදරට පැනපු වෙලේ හොද සම්බන්දීකරණයක් තිබුනානම් පොලිසියෙන් හමුදාවේ අය මැරුම් කන්නේ තුවාල වෙන්නේ නැහැනේ නේද?. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 08 September 2013 06:56 PM

සුබ අනාගතයක පෙර නිමිති දැන් පහල වීගෙනයි එන්නේ. (නි)

:       0       0

රෝහණ Monday, 09 September 2013 09:59 AM

ටිකිරි බණ්ඩා මහත්තයෝ, මටත් එහෙම හිතෙනවා. (ස)

:       0       0

කින් බෙනට් Monday, 09 September 2013 10:32 AM

හසිත, වලව්වේද වැඩ කරන්නේ ? නැත්නම් වලව්වට කඩේ යනවද ? කාගේ සාමාන්‍ය ජන ජිවිතයට බාධාවක් වෙන එක ගැනද ඔයා කියන්නේ කියලා මට හිතාගන්න පුළුවන් ... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site