IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විරෝධතා ගොනු කිරීමට දෙසතියක් කල්

අතුරුදන්වූ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ වහා අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය විසින් ගොනු කළ හබයාස්කෝපූස් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා සති දෙකකදී ගොනු කරන ලෙස අභියාචනාධිකරණය පොලිස්පති, යුද හමුදාපති, යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රධානියා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි පවත්වාගෙන නඩුව අත්හිටුවමින් අභියාචනාධිකරණය කිසිදු නියෝගයක් නිකුත් කර නැතැයිද අභියාචනාධිකරණය සඳහන් කළේය.

ඒ අනුව එම නඩු කටයුත්ත හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි බවද අභියාචනාධිකරණය සඳහන් කළේය.

අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබාදී ඇති බව පවසමින් එම මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වාගෙන යාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්හැර ඇති බවට පෙත්සම්කාර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ නීතීඥවරුන් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය මේ බව ප‍්‍රකාශ කළේය.

එහෙත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත‍්‍රාත් උසාවියේ පැවැත්වෙන මූලික පරීක්ෂණයට අදාළ නඩු විභාගය අත්හිටුවන ලෙස පමණක් අභියාචනාධිකරණය විසින් නියෝග නිකුත් කර ඇති බවද එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීම නිසා එම නඩුව තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ බවද එහිදී සඳහන් විය.

එක්නැලිගොඩ අධිකරණය හමුවට වහා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය  සන්ධ්‍යා එක්නැලිගොඩ අභියාචනාධිකරණයට ගොනු කළ හබයාස්කෝපූස් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු එච්.සී.ජේ.මඩවල යන මහත්ම මහත්මීන් හමුවේ කැඳවිණි.



අදහස් (0)

විරෝධතා ගොනු කිරීමට දෙසතියක් කල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site