(ඉන්දිකා රාමනායක)
ජල , විදුලි බිල් වැඩි කිරීමට එරෙහිව අම්පාර ගොනාගොල්ල හන්දියේ පැවති ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට එක්ව සිටී පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ අම්පාර වෙල්ලාවේලි පොලිසියට අනුක්ත ව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලිසිය කියයි..
මොහු රාජකාරි විවේකය වාර්තා කර , කිසිදු පිටවීමේ සටහනක් නොදා සිවිල් ඇඳුමෙන් සැරසී ඉකුත් 26 දින ගොනාගොල්ල හන්දියේ දී, රජයට එරෙහිව පැවති මෙම විරෝධතාවයට එක්ව සිටීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශනයක් පවත්වා ඊයේ (5) සිට මෙම වැඩ තහනම සිදුකර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විරෝධතාවකට ගිය පී.සී ගේ වැඩ තහනම්
ruwan Thursday, 06 April 2023 10:55 AM
හොරු අල්ලපියවු කිය කියා යන එවුන් කරන්නෙත් හොර වැඩ
යසන්ත Thursday, 06 April 2023 12:27 PM
ඉතා සුදුසු විනය මාර්ගයක්. රජයේ සේවයට පැමිනියා නම් විනය රැකිය යුතුය. බැරිනම් අස්වි යන්න.
චමින්ද Thursday, 06 April 2023 07:31 PM
මෝඩයෝ 11 දෙනෙක් ඩිස්ලයික් දාලා තියෙනවා රජයේ සේවයේදී පොලිසිය හා ග්‍රාම නිළධාරින් වැනි සාමය සම්බන්ධ කටයුතු කරන නිළධාරින්ටත් මැතිවරණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටින සියලු දෙනාටමත් දීප ව්‍යාප්ත සේවාවන් වල නිළධාරින් මෙන්ම සියලු මාණ්ඩලික නිළධාරින්ට දෙපාර්තමේන්තු ප්‍රධානින්ට දේශපාලන අයිතිවාසිකම් නැහැ ඔවුන්ට පුළුවන් මැතිවරණ අවස්ථාවක ඡන්දය පාවිච්චි කිරීම පමණයි (ග්‍රාම නිළධාරින්ට පොලිස් බලතල තියෙනවා ) යසන්තගේ අදහස ඉතාමත් නිවැරදියි යම් දිනක මේ රට හදන්න ඕන නම් ඉහත දැක්වූ නිළධාරින් දේශපාලන කටයුතුවල යෙදුනොත් වහාම සේවයෙන් පහකිරීම ඇරඹූ දිනක සිට මිස ඉන් පෙර කිසිම සාර්තකත්වයක් ලැබෙන්නේ නැහැ
නිහාල් Thursday, 06 April 2023 08:11 PM
එක්කෝ ලොක්කෝ රකින්න. බැරි නම් අස් වී යන්න.
Bamunuarachchi Thursday, 06 April 2023 01:51 PM
වැඩ තහනම් නොවෙයි රැකියාවෙන් අස් කලයුතුයි.. මේ කාලකන්නි රජයේ සේවකයෙකුගේ බැඳීම් හා වගකීම් ගැන අවබෝධයක් ඇති එවුන් නොවෙයි.