IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වැරැදි කරන මිනිස්බල ආයතනවලට එරෙහි මෙහෙයුම් කටයුතු දිගටම

Clampdown

 

බඳවා ගැනීමේ නීතිය උල්ලංඝනය කරන මිනිස්බල ආයතන කොටුකර ගැනීමේ මෙහෙයුමක් පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.


අමාත්‍යාංශයේ බඳවා ගැනීමේ දෙපාර්තමේන්තුව විසින් බඳවා ගැනීමේ ආයතන දෙකක බලපත්‍ර අවලංගු කර ඇති අතර මෙම වැටලීම් මාලාවේ ප්‍රධානම අරමුණ වන්නේ බඳවා ගැනීමේ නියෝජිතායතනවල ක්‍රියාකාරීත්වය වර්ධනය කොට ඒවා පාලනය කරන අතරම රටේ සියලුම මිනිස්බල නියෝජිතායතන බඳවා ගැනීමේ නීතියට අනුව පවත්වාගෙන යන බව තහවුරු කරගැනීමයි. සේවායෝජකයා සහ මිනිස්බල නියෝජිතායතනය අතර අස්සන් තැබෙන බඳවා ගැනීමේ ගිවිසුම නැවත නැවත උල්ලංඝනය වීමක් සිදුවුවහොත් අමාත්‍යවරයාගේ නියෝගය මත එම ආයතනයේ බලපත්‍රය තාවකාලිකව හෝ ස්ථිරවම අවලංගු කළ හැකි බව ඉහත නීතියේ සඳහන් වෙයි.


වෙනත් පාර්ශ්වයක් වෙනුවෙන් විදෙස් රටක සිට සේවකයන් බඳවා ගැනීමේදී බලපැවැත්වෙන 2005 අංක 8 දරණ අමාත්‍ය නියෝගයේ 14 වැනි වගන්තියේ සිවුවැනි ඡේදය උල්ලංඝනය කිරීම නිසා ඉහත මිනිස්බල නියෝජිතායතන දෙකේ බලපත්‍රය අවලංගු කළ බව බඳවා ගැනීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.


මීට අමතරව ගෘහස්ථ සේවකයන් බඳවා ගැනීම සඳහා සේවායෝජකයන් සමග අස්සන් තබා ඇති ගිවිසුම පිළිපදින ලෙසට බඳවා ගැනීමේ දෙපාර්තමේන්තුව විසින් තවත් මිනිස්බල ආයතන දෙකකට අනතුරු අඟවා තිබේ.


මෙම ආයතනවලට විරුද්ධව මූල්‍ය හිමිකම් කියන අය වෙතොත් මාස තුනක් ඇතුළත අදාළ සියලු ලියකියවිලි සමගින් පැමිණ ඉදිරිපත් වන ලෙසටද දෙපාර්තමේන්තුව සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කර ඇත.


දෙපාර්තමේන්තුව විසින් කලින් කලට ගෘහස්ථ සේවකයන් බඳවා ගන්නා මිනිස් බල ආයතන කේන්ද්‍ර කොට ගනිමින් හදිසි වැටලීම් සිදුකරනු ලබයි. බඳවා ගැනීමේ දෙපාර්තමේන්තුවේ වගකීම් අතර මිනිස්බල නියෝජිතායතනවල බලපත් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම, ඔවුන්ට විරුද්ධව ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සහ මිනිස්බල ආයතන සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන් අතර ඇතිවන ආරවුල් විසඳීම වෙයි.



අදහස් (0)

වැරැදි කරන මිනිස්බල ආයතනවලට එරෙහි මෙහෙයුම් කටයුතු දිගටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site