IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙරිටේ අයි.එම්.එෆ් සැප්තැම්බර් මීටරය එළියට

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති වැඩසටහනේ ප්‍රගතිය කෙසේදැයි දැනගැනීමට පවතින හැකියාව තවදුරටත් දුර්වල වෙමින් පවතින බවත් සිය කටයුතුවල විනිවිදභාවය වර්ධනය කිරීම සඳහා වන කැපවීම් සම්පූර්ණ කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත් වී ඇති බවත් අයි.එම්.එෆ් මීටරයේ සැප්තැම්බර් යාවත්කාලීන කිරීමේදී අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඉටු කළ යුතු කැපවීම් 100 න් සැප්තැම්බර් මස අවසන් වනවිට කැපවීම් 71 ක් ඉටුකළ යුතුව තිබුණ නමුත් ශ්‍රී ලංකාව ඉන් ඉටුකර ඇත්තේ කැපවීම් 40 ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.

මාර්තු මස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසුව ප්‍රගතිය අතින් මෙන්ම විනිවිදභාවය අතින් මෙතෙක් දකින්නට ලැබුණු දුර්වලම මට්ටම අයි.එම්.එෆ් මීටරයේ සැප්තැම්බර් මස යාවත්කාලීන කිරීමේදී ලැබුණු බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.සැප්තැම්බර් මස අවසන් වනවිට ඉටුකළ යුතු කැපවීම් වලින් සියයට 30 ක පමණ තත්ත්වය 'නොදනී' මට්ටමේ පවතින බවත් විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ආණ්ඩුව ඉටුකළ යුතුව තිබෙන විශේෂිත කැපවීම් 04 න් 03 ක්ම තවමත් පවතින්නේ ඉටුකර නොමැති මට්ටමේ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

 



අදහස් (1)

වෙරිටේ අයි.එම්.එෆ් සැප්තැම්බර් මීටරය එළියට

සරත් කුමාර Thursday, 19 October 2023 12:30 PM

ජනතාව නම් ඕනෑවටත් වඩා කැපකිරීම් කරල තියෙනව. හෙට දවස ගැන හිතාගන්නවත් බැරි තත්වයක් තියාගෙන රටේ ජීවත් වෙන්න හිත හදාගෙන ඉන්න එකම මොනතරම් කැපවීමක් ද. රටේ එක පිරිසකට පළදෙන "පින", ඒ රටේම තවත් පිරිසකගෙ "පව" බවට පත් වෙලා. මිල දත්, අගය නොදත් "නරුම" පාලන ක්‍රමවේදයක, පුරවැසි "කරුමය"..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site