IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


වර්ජනයෙන් තැන තැන පාළුවට

(කාංචන කුමාර ආරියදාස , තිලකරත්න දිසානායක සහ මොහොමඩ් ආසික්)

වත්මන් පාලනයට එරෙහිව වෘත්තීය සමිති රැසක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික සේවා ආයතන රැසක සේවාවන් මන්දගාමී ස්වභාවයක් පවතී. බොහෝ නගර සුළු පාළුව ස්වභාපයක් ගෙන තිබුණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ඉතා සීමිත ප්‍රමාණයක් ගොවීන් රැගෙන විත් තිබුණත් ඒවා මිලදී ගැනීම්ට  වෙළෙන්දන් නොපැමිණීම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තබා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය.

එමෙන්ම කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේද එළවලු යම් ප්‍රමාණයකට ලැබී තිබුණද ඒවා අලෙවි කරගැනීමට වෙළෙන්දන් හා ව්‍යාපාරිකයින් නොපැමිණිමෙන් එහි කටයුතුද අඩාල වී තිබිණි.

බොහෝ ප්‍රදේඑහවල ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ධාවනය වූ අතර  පෞද්ගලික බස් රථ ද සීමා සහිතව ධාවනයට යොදවා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය

වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙුණු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ජනතාව අපහසුතාවයට පත්ව ඇති මොහොතක හෝ රෝහල්ට පැමිණිෙන රෝගීන් අපහසුතාවයට පත් නොකොට එහි ප්‍රතිකාර කටයුතු සිදු කරන බව හෙතෙම සඳහන් කළේය.

බොහෝ  රාජ්‍ය ආයතන විවෘතව තැබුණත් සේවා ලබා ගැනීමට එන මහජනතාව ඉතා අල්ප බව සේවකයෝ පවසති.

පාසල් බොහොමයක ගුරුවරුන් හෝ පාසල් සිසුන් නොපැමිණි අතර පාසල් වසා දමා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය. බොහෝ නගවෙල ද වෙනදා මෙන් නොව ජනතාවගේ අඩු තත්ත්වයක් දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

ඇතැම් දුම්රිය ස්ථානවලට වෙනදා මෙන් මගීන්ගෙන් පිරී නොසිටි අයුරු දැකගත හැකි වුවත් මගීන් කීපදෙනකු දුම්රියක් එනතුරු බලා සිටියහ. නමුත් දුම්රිය ධාවනයක කටයුතුවල වර්ධනයක් නොතිබූ අතර දුම්රිය ප්‍රවේශපත් කවුලුද වසා දමා තිබිණි.

ආණමඩුව නගරය (හිරාන් ප්‍රියංකර)


ගම්පහ නගරය (තිලකරත්න දිසානායක)


දඹුල්ල නගරය (කංචන කුමාර ආරියදාස)


කටුගස්තොට නගරය (මොහොමඩ් ආසික්0


අම්බලන්ගොඩ නගරය (දීපාල් සිල්වා)


කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානය- මොහොමඩ් ආසික්


තඹුත්තේගම නගරය-ඩී ඩබ් ඩී  ධර්මකීර්තී


අනුරාධපුරය නගරය - බී ජී චතුරංග 


තලවකැලේ නගරය - ශාන්ත චන්ද්‍රසිරි


කොළඹ නගරය (ඡායාරූප: ශාන්ත රත්නායක)


බදුල්ල නගරය (ප්‍රසාද් රුක්මල්)



අදහස් (2)

වර්ජනයෙන් තැන තැන පාළුවට

සෙනෙවිරත්න Thursday, 28 April 2022 10:27 AM

ජේ ආර්ගෙ කාලෙ තුන්ඩු කෑල්ලට මෙහෙම උනා, දැන් නිත්‍යානුකූල වෘත්තීය සමිති රට අඩපන කලා, ජේ ආර් ඉස්සරහින් මෙයාට වඩා

:       0       0

nalin Friday, 29 April 2022 08:19 AM

කෝ දැන් ආණ්ඩුව? අගමැති ගෙදර ගියාද​? මේ වෘත්තීය සමිති කාරයින් හැමදාම වැඩ කරන්නේ නැහැ. ඉදිරියේ මොන ආණ්ඩුව ආවත් මේ අය මෙහෙම තමයි. තරුණ කොල්ලො කෙල්ලො ඉස්සරහට දාගෙන කිසිදා මහජන ඡන්දයෙන් බලයට එන්න බැරි කණ්ඩායම් තමයි මේවා පිටුපස ඉන්නේ. දැන් සුමාන 3ක් විතර වෙනවා ඔය කියන අරගලයට. දැන් තවත් මේක අල්ලන් ඉන්න බැරිබව හොඳටම පැහැදිලියි. එමනිසා හැමදේකම නරක පැත්ත දකින වෘත්තිය සමිති ටික මේකට අල්ලාගෙන​.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site