IMG-LOGO

වායුසමීකරණ යන්ත්‍ර තහනමේ අවසන් දිනයේ කිසිදු වෙනස් වීමක් සිදුවන්නේ නැහැලු

AC

 

ජූලි 1 වැනිදා සිට දේශීය වෙළෙඳපොලේ සාම්ප්‍රදායික වායුසමීකරණ යන්ත්‍ර තහනම් කිරීම සඳහා නැවත වරක් සහන කාලයක් ලබාදෙන ලෙසට ඉදිරිපත්ව ඇති ඉල්ලීම නගර සභා සහ පරිසර අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු ප්‍රතික්ෂේප කරයි. 


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍යාංශයේ ප්‍රමිති සහ පිළිවිතරයන් සඳහා වන උප ලේකම් ආචර්ය මොහොමඞ් බින් සායිෆ් අල් කුවාරි පවසන්නේ කටාර් සහ ජීසීසී ප්‍රමිතීන්ට අනුකූල බලශක්ති කාර්යක්ෂම වායුසමීකරණ යන්ත්‍ර ආනයනය කිරීම සඳහා මේ වනවිට වෙළෙන්දන් 20 කට වැඩි සංඛ්‍යාවක් පිළිවිතරයන් සඳහා වන පොදු සංවිධානයේ ලියාපදිංචිය ලබාගෙන ඇති බවයි.


“සාමාන්‍ය වායුසමීකරණ යන්ත්‍ර තොග විශාල වශයෙන් තිබෙන නිසා  අවසන් දිනය (ජූලි 1 වැනිදා) දීර්ඝ කරන ලෙසට සමහර වෙළෙඳුන් ලිඛිතව වගේම වාචිකවත් අපෙන් ඉල්ලීම් කර තිබෙනවා. ඒත් අපිට ඒ ගැන තනිවම තීරණයක් ගන්න බැහැ. මොකද කරාමා, පිළිවිතරයන් සඳහා වන පොදු සංවිධානය සහ ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය ඒකාබද්ධවෙලා තමයි මෙම රෙකුලාසිය පැනෙව්වේ” යැයි අල් කුවාරි පවසයි.


“සාමාන්‍ය වායුසමීකරණ යන්ත්‍ර තොග ඉතිරිවෙලා තියෙන වෙළෙඳුන්ට ඒවා විකුණා ගන්න අපි වසර දෙකකටත් වඩා කාලයක් ලබා දුන්නා. ඒක හොඳටම ප්‍රමාණවත්. මේ වෙලාවේදී ඔවුන් කළ යුත්තේ ඔවුන්ගේ ආනයනික තොග නව රෙකුලාසිවලට අනුකූලව නව්‍යකරණය කිරීමයි” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.


ජූලි  1 වැනිදා සිට වෙළෙඳපොළේ අළෙවි කළ හැක්කේ බලශක්ති කාර්යක්ෂම වායුසමීකරණ යන්ත්‍ර පමණක් බවත්, අවම අවශ්‍යතාවය වන්නේ තරු තුනක් බවත් ඔහු පවසයි. එසේම තරු සළකුණු නොමැති වායුසමීකරණ යන්ත්‍ර රට තුළට රැගෙන ඒමට අවසර නොලැබෙනු ඇත. තරු සළකුණුවලින් වායුසමීකරණ යන්ත්‍රයේ බලශක්ති කාර්යක්ෂමතාවය පෙන්වයි.


සමහර කටාර් වෙළෙඳුන් තරු හතරේ, පහේ සහ හයේ වායුසමීකරණ යන්ත්‍ර සඳහා ලියාපදිංචිය ලබාගෙන ඇතත් මෙම පියවරේදී අවශ්‍ය වන්නේ තරු තුනේ වායුසමීකරණ යන්ත්‍ර පමණක් බවත් ඔහු පවසයි. 


“එය දැකලා අපි විශ්මයට පත්වුණා. මොකද අපි ඊළඟ පියවරේදී තමයි වඩා ඉහළ මට්ටමකට යන්න සැළසුම් කරලා තියෙන්නේ” යැයි අල් කුවාරි පවසයි.
“ජූලි 1 වැනිදායින් පස්සේ රටට ඇතුළුවන ස්ථානවල පිහිටා ඇති අපේ කාර්යාල හරහා සියලුම ආනයන පරීක්ෂාවට ලක්කරනවා” ඔහු වැඩි දුරටත් පවසයි. සාමාන්‍ය වායුසමීකරණ යන්ත්‍රවලට සාපේක්ෂව තරු පහේ සහ හයේ යන්ත්‍ර විදුලිය සියයට 50-60 අතර ඉතිරි කරන අතර තරු 3 යන්ත්‍රයක් විදුලිය සියයට 30 කින් ඉතිරි කරන බවද ඔහු පෙන්වා දෙයි.


“තරු අටේ වායුසමීකරණ යන්ත්‍ර පාවිච්චි කරන්නේ ලෝකයේ එකම එක රටයි. ඒ තමයි දකුණු කොරියාව. 2022 වසරේදී අපේ ඉලක්කය ඒක තමයි”



අදහස් (0)

වායුසමීකරණ යන්ත්‍ර තහනමේ අවසන් දිනයේ කිසිදු වෙනස් වීමක් සිදුවන්නේ නැහැලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 426 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site