IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මැතිවරණය පවත්වන්න‘

ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඉදිරි මහ මැතිවරණය පවත්වන්නැයි ජාතික හෙළ උරුමය, සාධාරණ සමාජය සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ පිවිතුරු හෙටක් සංවිධානය රජයෙන් ඉල්ලයි.

අද කොට්ටේ නාග විහාරයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් පැවසුවේ විධායක ජනපති බලතල සංශෝධනය කර, මැතිවරණ ක්‍රමය වෙනස් කොට, 17 වැනි සංශෝධනය ද ක්‍රියාත්මක කිරීමෙන් පසු මැතිවරණය පැවැත්විය යුතු බවයි.

මාදුළුවාවේ සෝභිත හිමි, ඕමල්පේ සෝභිත හිමි සහ අතුරලියේ රතන හිමියෝ මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.

පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පක්ෂයේ නායකයා ජනාධිපති වන නිසා මෙම සංශෝධන සම්මත කර ගැනීමට මෙය කදිම අවස්ථාවක් බවත්, යලි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගැන බලාපොරොත්තුවක් තැබිය නොහැකි බවත්, මේ අවස්ථාවේ සියලු සංශෝධන සිදු කළ යුතු බවත් ඔවුහු කීහ.



අදහස් (0)

‘ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මැතිවරණය පවත්වන්න‘

චන්ද්‍ර Wednesday, 11 March 2015 01:57 PM

මෙය ඉටු නොකරන්නේ නම් යහපාලන රජයෙනුත් පලක් නැත.(හේ)

:       0       0

සමන්ති Thursday, 12 March 2015 12:45 AM

සුපවේදියෝ වැඩිවුණාම සුප් එකක් වුණත් විනාශ වෙනවානේ (නි)

:       0       0

රොබින් Thursday, 12 March 2015 02:12 AM

මැතිවරණ ක්‍රමය වෙනස්කළේ නැත්නම් හෙළ උරුමය ගැන වුණත් අපිට අමුතුවෙන් හිතන්න වෙයි (නි)

:       0       0

ප්‍රකාශ් Friday, 13 March 2015 11:06 AM

මේක යහ පාලනයද? ආඬි හත් දෙනාගේ කැඳ හැලියද? (ස)

:       0       0

නිශාන්ත Thursday, 12 March 2015 02:48 AM

මේවාට මම නම් මොකුත්ම කියන්නේ නැහැ. වෙන දේ බලාගෙන ඉන්නවා මිසක් (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 12 March 2015 04:14 AM

"පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පක්ෂයේ නායකයා ජනාධිපති වන නිසා" අන්න එතන තමයි වරද. එහෙම නොවුනානම් තමන් විරුද්ධව ඡන්දය දුන් පුද්ගලයාගේ බල කප්පාදුවට කට්ටිය ඒකමතිකව අත උස්සන්න තිබුනා. දැන් එහෙම වෙන්නේ නැහැ. බල කප්පාදුව වලක්වා ගන්න තමයි මෛත්‍රී මහත්තය ශ්‍රී ලංකා එකේ බලය ගත්තේ. දැන් එතුමාට නිදහසට කරුණු තියෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත නැත්නම් ඒ අහිංසකය මොනවා කරන්නද? බලෙන් තටු කප්පව ගන්නද? (නදී)

:       0       0

රෝයි Wednesday, 11 March 2015 10:58 AM

දැන් කවුරුත් බලන්නේ ඡන්දයකින් තමන්ගේ ගොඩ වැඩි කරගන්න. (හේ)

:       0       0

ගුණසේකර Wednesday, 11 March 2015 11:48 AM

හරියට හරි අනිත් යට නටන්න දෙන්න එපා අපි ඡන්දය දුන්නේ රටට ඕන කරන දෙය කරවාගන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site