(අංජුල මහික වීරරත්න)
ඉබ්බාගමුව වීර කර්නල් නියෝමාල් පලීපාන විද්‍යාලයේ සහ කුලියාපිටිය තාවල්ල ධම්මාලෝකමහා විද්‍යාලයේ සිසුසිසුවියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පාසල් ශිෂ්‍යශිෂ්‍යාවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අද (01) අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක් ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම පෙන්වා දෙමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදුවිය.
ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, ඉබ්බාගමුව කර්නල් නියෝමාල් පලීපාන විද්‍යාලයේ විදුහල්පති එච්. එම්. ඒ. ඩබ්ලිව්. බී. තිත්තවැල්ල, කුලියාපිටිය තාවල්ල ධම්මාලෝක මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. පී. අයි. ලක්මාල් මහත්වරු, ගුරු මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වයඹ පාසල් දෙකක් ජනපති කාර්යාලයට