IMG-LOGO

ව්‍යාපාරික කාන්තාවක් වෙන්න මම ආසයි

 

20160921Sajani-1දිගු කාලයක් තිස්සේ නිරූපණ ක්ෂේත්‍රයේ දකින සජානි චමාලි සමගින් අපි අද ‘සාරවිට’ තරු කතාබහ ආරඹන්නට සූදානම් වුණේමු. මේ වනවිට ඉතාලියේ නිරූපණය පිළිබඳව වැඩිදුරටත් හදාරමින් සිටින සජානි, සිය ඉදිරි නිරූපණ කටයුතු පිළිබඳව අප සමගින් මෙසේ අදහස් දැක්වුවාය.

 

සජානි දැන් නිරූපිකාවක් වෙලා දිගු කාලයක් වෙනවා නේද?

ඔව්, මීට අවුරුදු හතකට විතර පෙරදී තමයි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ අහම්බෙන් ලැබුණ ආරාධනාවක් මත. මගේ යාළුවෙක් හිටියා බුද්ධි කියලා. මනාලියන් දැක්මකට එයා මාව මනාලියක් විදිහට ඉදිරිපත් කළා. ඔය විදිහට තමයි නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණේ.

 

ඊට පස්සේ?

ඒ ‘මනාලියන් දැක්ම’ ප්‍රසංගයට ඉදිරිපත් වුණාහම නිරූපණ ක්ෂේත්‍රයේ යම් පිරිසක් මට හඳුන ගන්න ලැබුණා. ඒ හඳුනා ගැනීම් හරහා ක්ෂේත්‍රයට එන්න මාවත විවර වුණා. ඒත්, මම ඕනෑම දෙයක් එක්වරම භාර ගන්න කෙනෙක් නෙමෙයි. ඉතින් මම නිරූපණය සම්බන්ධව වාසනා දන්තනාරයන් මහත්මිය යටතේ හැදෑරුවා. ඊට පස්සෙ තමයි නිරූපණ කටයුතුවලට සම්බන්ධ වුණේ.

 

නමුත්, සජානිගේ කැමැත්ත තිබුණේ වෙන දෙයකට?

ඔව්, රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙලා ඒ පැත්තට යොමු වෙන්න තමයි මගේ අදහස හා කැමැත්ත තිබුණේ. ඉතින් නිරූපණ කටයුතුවල යෙදෙන ගමන් ඒ පිළිබඳවත් හැදෑරීම් කළා. අද වෙන කොට මම hair and beauty NVQ level 4 වෙන කම් ඉගෙන ගෙන තියෙනවා. ඒ වගේම තමයි මට කියලා සැලෝන් එකක දැන් ලංකාවේ තියෙනවා. දැන් මම ඉන්නේ ඉතාලියේ. මොකද, නිරූපණය සම්බන්ධවත්, රූපලාවණ්‍ය ශිල්පය සම්බන්ධවත් වැඩිදුර ඉගෙන ගන්න මම ඉතාලියට ආවා.

 

20160921Sajani-4ඉතාලියේ සහ ලංකාවේ නිරූපණ හා රූපලාවණ්‍ය ක්ෂේත්‍ර ගැන මොකද හිතෙන්නේ?

ලොකු වෙනසක් වගේම ලොකු පරතරයක් තියෙනවා. මෙහෙ යමක් කරන්න කලින් ඒ පිළිබඳව ගොඩක් හැදෑරීම් කරනවා. ඒ වගේම ඒ කරන වැඩේ ගැන ලොකු අවබෝධයක් ඇති කරගන්නවා.

 

නිරූපිකාවක් විදිහට දායක වෙලා තියෙන කලා කටයුතු මොනවද?

මම දැනට ගීත රූප රචනා කිහිපයකට දායක වෙලා තියෙනවා ඊට අමතරව ‘නෙස්ටමෝල්ට්’, ‘ඩයලොග්’, ‘ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්’, ‘සිංගර්’ කියන වෙළෙඳ දැන්වීම්වලට දායක වෙලා තියෙනවා.

 

නිරූපිකාවක් වුණාහම ඊට පස්සේ බොහෝ දෙනෙක් බලන්නේ රංගනය පැත්තට යොමු වෙන්න?

නැහැ. එහෙම අදහසක් මගේ නැහැ. මම නිරූපිකාවක්. ඒ හැරුණාම මම වෘත්තිය මට්ටමේ රූපලාවණ්‍ය ශිල්පිනියක්. නිරූපණ වැඩ නැතිවුණාහම මම කරන්නේ මගේ රූපලාවණ්‍ය කටයුතුවලට මුලිකත්වය දෙන එක. බලමු ඉදිරියේදී මේ වැඩත් එක්ක මට කලා කටයුතුවලටත් සම්බන්ධ වෙන්න ඉඩක් ලැබෙයිද කියලා.

 

අවුරුදු හතක් වෙනවා ඔබ ක්ෂේත්‍රයට ඇවිල්ලා. මේ කාලය පිළිබඳව මොකද හිතෙන්නේ?

මම හෙමින් ගමනක් ආවේ. මම ගොඩක් කළේ මනාලියන්ගේ දැක්මවල්වලට සහභාගී වුණ එක. මම නිරූපිකාවක් විදිහට නමක් හදාගෙන හොඳ ගමනක් යන්න සූදානම් වෙන කොට තමයි ඉතාලි ගමනට මට සම්බන්ධ වෙන්න සිදු වුණේ. ඉතින් මෙහෙන් ආපහු ලංකාවට ගියාහාම තමයි ආයෙත් නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නේ. ගෙවුණු වසර හතක කාලය ගැන මට ඉතින් සතුටුයි. මොකද, අද සජානි කියන නම බොහෝ දෙනෙක් දන්නවා. ඒ නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා මම වැඩ කරපු නිසා.

 

මොනවද සජානිට තියෙන ඉලක්ක?

මම ආසයි ව්‍යාපාරික කාන්තාවක් වෙන්න. ඒ වගේම මම කරන දේ ගැන ගොඩක් හැදෑරීම් කරන්න. මම ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගත්ත දේවල්වලින් තමයි අද මම මේ වගේ ප්‍රතිරූපයක් ගොඩ නගාගෙන තියෙන්නේ.

 

උදවු කළ පිරිසකුත් ඇති?

ගොඩක් අය මට උදවු කළා. මගේ ක්ෂේත්‍රවල කට්ටියම ඒ උදවු කළ අය අතර ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ වගේම මිතුරු, මිතුරියෝ අදටත් මාත් එක්ක ඉන්නවා. අද මම ඉතාලියේ හිටියාට ඒ අය අදටත් මාත් එක්ක කතා කරනවා. ඒ වගේම මට නිරූපණ ක්ෂේත්‍රයට එන්න උදවු කළ අය වගේම මගේ පවුලේ හැම දෙනාවත් මම මේ වෙලාවේදී ආදරයෙන් මතක් කරනවා.

බුද්ධික සේනාධීර

20160921Sajani-2 20160921Sajani-3



අදහස් (0)

ව්‍යාපාරික කාන්තාවක් වෙන්න මම ආසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 128 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site