(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාද්දුව සංචාරක හෝටලයක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයකුගේ පන්නිපිටිය පොල්වත්ත වසා තිබූ නිවසකට ඇතුළු වු කිසියම් කණ්ඩායමක් එහි කාමරයක තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මහරගම පොලිසිය කියයි.
රැගෙන ගිය දේපල අතර විවිධ බරින් යුත් රන් මාල, වළලු,අත් පළඳනා ,පංචායුධ වටිනා අත් ඔරලෝසුවක් වන බවත් සොරාගත් රන් භාණ්ඩවල බර පවුම් එකසිය 102 ක බරින් යුත් ප්‍රමාණයක් බවත් , විදේශීය මත්පැන් බෝතල් 40 ක් ඇමරිකන් ඩොලර් 300 ක් හා වටිනා අත්ඔරලෝසුවක්ද සොරා ගෙන තිබූ භාණ්ඩ වන බව ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
ව්‍යාපාරිකයා නුගේගොඩ තලපත්පිටිය ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටින අතර පන්නිපිටිය නිවස මාස දෙකක පමණ කාලයක සිට වසා දමා තිබී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම නිවසේ හා ප්‍රධාන ගේට්ටුවේ යතුරු ව්‍යාපාරිකයා සන්තකයේ මෙන්ම අමතර යතුරු දෙකක් සේවකයකු අත තිබෙන බවත් එම සේවකයා ඉකුත් 13 වෙනි දින සිට 16 වැනි දින දක්වා එම නිවසේ රැඳී සිට වත්තපිටිය ශුද්ධ කර ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත කිසිවකු නොමැති වසා දමා තිබෙන නිවසේ මෙපමණ රන් භාණ්ඩ තොගයක් සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක් තිබුණ බවට ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
2025 දෙසැම්බර් මස 18
440
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයාගේ නිවෙසින් කොටි දෙකක බඩු උස්සලා
sam Tuesday, 28 March 2023 05:49 AM
පාර්ලිමන්තුවෙ ඉන්න මාල හොරාගෙ බඩුද දන්නෙ නැහැ. පක්ෂග්‍රාහී නැතුව හරියටම විමර්ශනය කොලොත් හොයා ගන්ඩ බැරි නැහැ. ලංකාවෙ පොලිසිය හොඳ හෝ නරක ඕනිම දේකට දක්ෂයි.