IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වියට්නාමයේ ශ්‍රී මහා බෝධි ප්‍රාකාර මුල්ගල ලංකාවෙන්

(අංජුල මහික වීරරත්න)

වියට්නාමයේ හැනෝයි හී Bai Dinh  විහාරස්ථානයේ රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධි අංකුරය වටා ඉදිකිරීමට අපේක්ෂිත බෝධි ප්‍රාකාරය තැනීමට අවශ්‍ය  මුල්ගල සහ එම සැලසුම  ශ්‍රී ලංකා වියට්නාම් තානාපතිනි H.E. Ho Thi Thanh Truc මහත්මිය වෙත බාරදීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වියට්නාම් තානාපති කාර්යාලයේ දී අද (22) සිදු කෙරිණි.

එම බෝධි අංකුරය වටා ඉදිකිරීමට අපේක්ෂිත බැමි හා පිවිසුම් සඳහා ශ්‍රී ලංකාවේ කලා සම්ප්‍රදායන් අනුව සකසන ලද මුරගල්, කොරවක්ගල්, පඩි කඳන්, රන් වැට සහ වෙනත් අලංකාරයන් සහිතව මෙම බෝධි ප්‍රාකාරය ඉදිකිරීමට ආරාධනා ලැබී ඇති අතර ඒ අනුව එහි පළමු අදියර ලෙස මුල්ගල අද  බාර  දුන්නේය.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙහි එක් වැඩසටහනක් ලෙස මෙය සිදු කෙරිණි.



අදහස් (1)

වියට්නාමයේ ශ්‍රී මහා බෝධි ප්‍රාකාර මුල්ගල ලංකාවෙන්

බද්රානි Wednesday, 22 May 2024 03:24 PM

වියට්නාමයේ තිබෙන පිවිතුරු මහායාන බුදු දහමත් විනාශ කරන්නද මේ දඟලන්නේ..? මොනවා වුණත් පැලවෙන මුල්ගල් අටවන්න ලංකාවේ දේශපාලුවන් හරිම දක්ෂ බව වියට්නාම් වැසියනුත් දන්නවා ඇති...

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site