IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ව්‍යාජ බෝධිසත්ව අවලෝකිතේෂ්වරට ඇප

(විමුක්ති එස් රුද්‍රිගු)

අවලෝකේතීශ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාදී බුදුරජාණන් වහස්සේට, භික්ෂූන් වහස්සේලාට සහ බෞද්ධාගමට අපහාස කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මහින්ද කොඩිතුවක්කු නැමත්තා රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

සැකකරු සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලට යොමුකරන ලෙස ඔහුගේ පියාට සහ ඔහුගේ සහෝදරියට නියෝග කළේය.

විදෙස් ගමන් තහනම් කළ අතර මහජනයා ප්‍රකෝපකරවන  ප්‍රකාශ නිකුත් නොකරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය. 

 



අදහස් (6)

ව්‍යාජ බෝධිසත්ව අවලෝකිතේෂ්වරට ඇප

රංබොඩ Wednesday, 07 February 2024 11:32 AM

මොහු ඇතුලු බුද්ධ දර්ශනය ට අපහාස කරන සියල්ලන් N.G.O. වලින් කෝටි ගණන් උපයන උදවිය වේ.මොවුන් ට නිවැරදි.දඬුවමක් පැනවීමට රටේ නීතියක්.නැත. නමුත් කර්මය විසින් ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙනු ඇත.ඔවුන් අපහාස කරන්නේ ස්වභාව ධර්හයේ පරම සත්‍යයට ය.

:       3       12

නිහාල් Wednesday, 07 February 2024 03:45 PM

ආණ්ඩුව N.G.O එකක් නෙවෙයි. මේ රටේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ රාජ්‍ය නොවන සංවිධාන කරන්නේම මේ රටේ ආගමට, ජාතියට, ආර්ථිකයට පහරදෙනවා කියලා. එයාලාට වෙන වැඩ නැද්ද ලෝකෙන්ම ණයට කන රටකට පහරදෙන්න...

:       7       4

Sam Wednesday, 07 February 2024 11:43 AM

(ඇත්තටම ) බෝධිසත්වයෙක්, බුදුවරයෙක් පහළ උනොත් මාර වැඩේ වෙන්නේ.

:       5       10

Dileepa Wednesday, 07 February 2024 11:52 AM

මෙයා ව්‍යාජනම් ඇත්ත එක්කෙනා කොයි වගේද?

:       10       9

kumaraWednesday, 07 February 2024 01:35 PM

ඇත්ත කෙනා කිසිම දවසක බෝධිසත්ත්වයෙක් කියලා කියාගන්නේ නෑ. නමුත් ආශාවන් අඩුකර ගන්නට තමන්ගේ දේවල් අනික් අයට (ගැරහුම් පීඩා මැද පවා) ‌ත්‍යාග කරනවා. අපහාස උපහාස මැද ඉවසීමෙන් කරුණාවන්තව කෝප නොවී මිනිසුන්ට සතුන්ට යහපත කරනවා. ‌තමාට නින්දා පීඩා කරන කෙනාටත්, ප්‍රශංසා කරන කෙනාටත් එක සමානව යාලුවෙකු ලෙස කටයුතු කරනවා. ‌දේවල් බදාගන්නේ නෑ. ලොකුකම් පාන්නේ නෑ. නිහතමානීව ජීවත් වෙනවා. බුද්ධිමත්, තාර්කික, ඒ වගේම මානුෂික දයානුකම්පාව සහිතව තීරණ ගන්නවා... ඒවා ක්‍රියාත්මක කරනවා. තව ගොඩක් දේ තියෙනවා. කටපාඩමේ කිව්වාට, මේ දේවල් "දානං ශීලං ච නෙක්ඛම්මං, පඥ්ඥා වීරියේන පංචමං, ඛන්තී සච්චමදිට්ඨානං, මෙත්තුපෙක්ඛා ඉමේ දස" ගාථාවේ කියලා තියෙනවා. සියල්ලටම වඩා, කිසිම දවසක බොරුවක් කියන්නේ නෑ. ඒක තමා විශේෂම ලක්ෂණය. මෙයට සාපේක්ෂව බොරු කියන, ලොකුකම් පාන, වංචා සහගත අය තමාම විසින් මහා විනාශයක් තමාට කර ගන්නවා.

:       2       10

primeshika Wednesday, 07 February 2024 02:03 PM

සෑම්, ඇත්තටම බෝධි සත්වයෙක් පහළ වුණොත්, බුදු වුණාට පස්සේ යමාමහ පෙළහර පාලා ඔප්පු කරන්න කියන්න. එතකන් සද්ද නැතිව ඉන්න කියන්න.

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site