
( ෂේන් සෙනෙවිරත්න )
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පතක් ඉදිරිපත් කොට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට උත්සාහ කළ බව කියන විශ්වවිද්‍යාල සිසුවකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
වීරවිල සෙවණගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රුහුණු සරසවියේ සම සෞඛ්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු එසේ පල්ලෙකැලේ පොලිසිය මගින් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොටෝෂොප් තාක්ෂණය භාවිතා කරමින් ව්‍යාජව සකස් කරන ලද විද්‍යුත් ටිකට් පතක් එම සිසුවාගේ ජංගම දුරකථනයේ තිබූ බවත් එය කිව්.ආර්. කේතයේ ස්කෑන් නොවන බව පොලිසිය කියයි.
ඒ හේතුවෙන් සිසුවා පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ භාරයට ගෙන පොලිසියට භාර දුන් බවද පල්ලෙකැලේ පොලිසියේ ප්‍රකාශකයකු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
H H L Priyantha De Silva Monday, 18 November 2024 01:34 PM
ෂුවර්ද සරසවිද...? අපරාදෙ ජාතික ධනය යොදලා හදන්නේ මේ වගේ හොරුද?
Pradeep Kumara Tuesday, 19 November 2024 09:30 AM
බොහොමයක් කැම්පස් ළමයින්ට තමන්ගේ වියදම් දරා ගැනීමට හැකියාවක් නෑ. තියන පීඩනයෙන්, ආතතියෙන් මිදෙන්න තමයි මේ වගේ මැච් එකක්වත් බලන්න එන්නේ. ඉතිං තියන වියදම් පිරිමහගන්න බැරිව ඉන්නකොට ටිකට් එකක් ගන්න සල්ලි කියන්නේ තවත් අමතර දෙයක්. ඒ නිසා මෙවැනි දෙයක් කරන්න ඇති. නීතිය පැත්තෙන් බැලුවොත් වරදක් තමයි. නමුත් එතනින් එහාට දෙයක් මේ කතාවේ නැද්ද?