IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වයිකෝ සමග 300ක් කූඩුවේ

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඉන්දියාව මුළුමනින්ම වර්ජනය කළ යුතු යැයි කියමින් තමිල්නාඩුවේ චෙන්නායි නුවර පෙළපාළි ගිය මරුමලරච්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ (එම්.ඩී.එම්.කේ) නායක වයිකෝ ඇතුළු 300ක්  පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

දුම්රිය ගමන ද අවහිර කරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.

තමිල්නාඩුවේ බොහෝ කඩ සාප්පු වසා තිබිණි.

ඊලාම් හිතවාදී එම්ඩීඑම්කේ ඇතුළු සංවිධාන 20ක් පමණ උද්ඝෝෂණය කරමින් පැවසුවේ චෝගම් සමුළුව ඉන්දියා රජය මුළුමනින්ම වර්ජනය කළ යුතු බවයි.

උද්ඝෝෂකයෝ චෙන්නායි බලා ගිය වයිගායි දුම්රිය පැයකට වැඩි කාලයක් නතර කරගෙන සිටියහ.

තවත් දුම්රිය ගමන් ද ඇන හිටියේ ය.

ඉන්දියාව චෝගම් සමුළුව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතු යැයි ද, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා යුද අපරාධවලට ලක් කළ නිසා  ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවෙන් අත්හිටුවිය යුතු යැයි කියැවෙන යෝජනාවක් තමිල්නාඩු මැතිසබරයේ දී පසුගිය ඔක්තෝබර 24 වැනි දා සම්මත විය.

 



අදහස් (0)

වයිකෝ සමග 300ක් කූඩුවේ

පෙත්තා Wednesday, 13 November 2013 02:53 AM

තාම 300ද? අල්ලනවා දානවා..දානවා අල්ලනවා... ඉවර කරන්නේ නැද්ද? ලංකා වෛකොත් චෝගම් වලට විරුද්ධව ගිහින් හිරේ යන්න ඕනෑ කිව්වලු. හිරේ දැම්මට කෑම බිම නොමිලෙනේ. අපේ සල්ලි. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 12 November 2013 07:37 PM

බොරුවට විරුවෝ වෙන්න දගලනවා (නි)

:       0       0

බණ්ඩා Tuesday, 12 November 2013 09:44 PM

රනිලුත් මේක වර්ජනය කරනවා...... (දී)

:       0       0

ඉන්දු - මෙල්බන් Wednesday, 13 November 2013 09:24 AM

වයිකෝට හිරේ යනවා කියන්නේ නිවාඩුවට ගෙදර යනවා වගේ මට හිතෙන හැටියට. ඇයි දැන් කී පාරක් ඔහොම ගියාද? (ස) .

:       0       0

රූපවතී Tuesday, 12 November 2013 04:04 PM

දැන් ඉතින් එයාලටමයි පාඩුව ..? (ස)

:       0       0

කුමාරසිරි Tuesday, 12 November 2013 04:15 PM

අනේ ඉන්දියාව ආවේ නැතයි කියලා අපි සමුළුව තියන්නේ නැද්ද ? (ස)

:       0       0

නන්ද Tuesday, 12 November 2013 04:16 PM

අපෙනුත් කට්ටිය එවන්නද? (ස)

:       0       0

ධම්ම Tuesday, 12 November 2013 04:19 PM

වයිකෝලට චෝගම් නතර කරන්න බැහැ. චෝගම් ඉවර වෙන කල් කූඩුවේම ඉන්න වයිකෝ. (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Tuesday, 12 November 2013 04:32 PM

තමිල්නාඩුවේ ජනතාවට ගිය කලක්. (ස)

:       0       0

රනා Tuesday, 12 November 2013 04:41 PM

අපොයි තමිල්නාඩුවටම ගිය ඉන්දියාව.දැන් ඉතින් කියන කියන එක කරපල්ලකෝ... (ස)

:       0       0

නිලූ Tuesday, 12 November 2013 05:02 PM

දැන් පේනවා නේද කොටින්ට ඉන්දියාවෙන් කොයිතරම් උදව් තිබුනද කියලා. තමිල්නාඩුවට ඕනෑ විදියට නටන්න ඉන්දියානු ආණ්ඩුවට දැන් පුළුවන්. හැමෝම තමිල්නාඩුවටම යවන්නයි තිබුනේ. (නි)

:       0       0

කෝලිත Tuesday, 12 November 2013 05:56 PM

අපේ අහවල් මල්ලිලා කළා වගේ ....බස් ගිනි තියලා, රජයේ ගොඩනැගිලි කුඩු කරලාා,පාරට ටයර් දාලා ගිනිතියලා ....වැඩිපුර යමක් විදිහට ඕන්නම් කෝච්චිත් ගිනිතියලා වැඩේට බහින්න කියලා කියමුද එයාලට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site