මත්තෙගොඩ හා කහතුඩුවේ හැදූ නිවාස කිහිපයක් හිටපු නිවාස සංවර්ධන ඇමැති විමල් වීරවංශ මහතාගේ පවුලේ ඥාතීන් අතර බෙදාගෙන ඇතැයි කියන සිද්ධියක් ගැන බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
වීරවංශ මහතාගේ මස්සිනාවරුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනකුගේ ප‍්‍රකාශද ලබාගෙන ඇත.
කුණ්ඩසාලේ පදිංචි වසන්තා රූපසිංහ, මහරගම වත්තේගෙදර ආනන්ද ප‍්‍රියදර්ශන, මාතර නාවිමන මාලගොඩ ඩබ්.හේමසිරි, සහ හඟරම්මුල්ල ඌරූගමුවේ මිලින්ද රත්නායක ප‍්‍රජා විශෝධන නිලධාරිනියක වන අනුෂා නිරෝෂිණි නනායක්කාර ගෙන්ද කොමිසම කටඋත්තර ලබාගෙන ඇත.
විශාල වටිනාකම් වලින් යුතු රජයේ නිවාස ඉතාම අඩු මිල ගණන් වලට නිසි ක‍්‍රමවේදයකින් තොරව තම ඥාති හිතවතුන්ට ලබා දී ඇති බව මුලික පරික්ෂණ වලදී හෙළි වී ඇතැයිද කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විමල් නෑයන්ට ගෙවල් දීලා ?
මොහාන් Sunday, 06 December 2015 02:32 PM
පරම් පාර හතකට ගෙවල් දෙන්න ඇති.(හේ)
අජිත් කරුණාරත්න Sunday, 06 December 2015 03:51 PM
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (බ)
විරාජ් Sunday, 06 December 2015 04:29 PM
මේ ඉතින් අපේ දේශප්‍රේමියෝනේ! (නි)
ලක්විදු Sunday, 06 December 2015 04:59 PM
දුන්නට පස්සේ මස්සිනාල උනාද කියල කව්ද දන්නේ? (ස)
නන්දලාල්-ප්‍රංශය Monday, 07 December 2015 07:46 PM
විමලේ සහෝදරයා කට්ටිය එකතුකරගෙන කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට විශාල උද්ඝෝෂණයක් කරාවි මේක බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියලා. කවදද ඉතින් අනෙක් අය ඔහොම හැන්ද අතේ තියාගෙන නෑදෑයන්ට ඇතිවෙන්න බෙදුවේ? (නි)
දහම් Sunday, 06 December 2015 09:44 AM
දැන් බලනකොට විමල් මහත්තයා ලොකු වැඩක් කරලනේ.(හේ)
තිලක්-ඩුබායි Sunday, 06 December 2015 11:00 AM
සෙරෙප්පු දෙකක් නැතිව හිටපු විමල් අවරුදු 5-6 කදී රුපියල් කෝටි ප්‍රකෝටි වටිනා අධිසුඛෝපබෝගී නිවාස 2-3 හෝටල් දෙක තුනකට හිමිකම් කියන්නේ කොහොමද කියලත් සොයන්න. (බ)
මාධවී Sunday, 06 December 2015 11:23 AM
මේවා අධිරජ්‍යවාදින්ගේ කුමන්ත්‍රණ .(හේ)
රෙක්ස් Sunday, 06 December 2015 12:05 PM
ඒ අය අන්ත දුප්පත් උදවිය. යන්තන් කහට කෝප්පයකින් වෙලා පිරිමහගන්නේ. (හේ)
රම්සි Sunday, 06 December 2015 12:12 PM
අනිත් ඔක්කොටම දීල දීල, වෙන දෙන්න කෙනෙක් නැතිනිසා මෙයාලට දෙන්න ඇති මයේ හිතේ. (බ)
බණ්ඩාර කුවේට් Sunday, 06 December 2015 12:37 PM
මේක විදේශීය කුමන්ත්‍රණයක් (බ)