IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’විපක්ෂයේ විරෝධය අමු පිස්සුවක් ’’

(සුජිත් හේවාජුලිගේ)

රටේ ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිධූරය තමාට හිමිවීම සම්බන්ධයෙන්  විපක්ෂය  විරෝධය පළ කිරීම අමු පිස්සුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා එසේ විරෝධය පළ කරන  දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇත.

කමිටුවේ කටයුතු ආරම්භවීමටත් පෙර තමාගේ සභාපතිත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සාධාරණ  සහ යුක්ති සහගත නොවන බවත්  විපක්ෂය විරෝධය පළ කළ යුත්තේ එම කමිටුවේ කටයුතු නිසියාකාරව  නොවන්නේ නම් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

කමිටුවේ කටයුතු හරියාකාරව සිදු නොවන්නේ නම් එම කමිටුවේදීම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට විපක්ෂයට හැකියාව ඇති බව පැවසූ කාරියවසම් මහතා එවැනි කමිටුවක තමාට තනි මතයට කටයුතු කිරීමේ හැකියාවක් නැතැයිද  ප්‍රකාශ කළේය.

මෙම කමිටුවට පැවරී ඇත්තේ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳව සෙවීම සහ ඒ සඳහා නිර්දේශය ඉදිරිපත් කිරීම හෙයින්  එලෙස ඉදිරිපත් කරන නිර්දේශ වැරදි නම් ඔවුනට ඒ සඳහා ඕනෑම මොහොතක මැදිහත්විය හැකි බවත් තමාගේ සභාපතිත්වයට එරෙහිව  විපක්ෂය කරුණු සොයා බැලීමකින් තොරව මෙලෙස සාම්ප්‍රදායික ලෙස විරෝධය පළ කිරීම ගැන කනගාටුවන බවත්  ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදීද ඉදිරි දිනවල කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී ඇතිවී තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ  තවදුරටත් සාකච්ඡා කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.



අදහස් (8)

’’විපක්ෂයේ විරෝධය අමු පිස්සුවක් ’’

Kazi Shajahan Saturday, 15 July 2023 04:06 PM

හොරාගේ අම්මාගෙන් පේන අහන්න යන්න කළින් දන්නවනේ.. එතැනට ගිහිල්ලා වැඩක් නැහැ කියලා...

:       1       21

Nimal Saturday, 15 July 2023 04:30 PM

කමිටු දාන්න ඕනෑ නැහැ. හේතුව තමයි හොරකම. එකට හොරකම් කරපු ඒ අයගෙම කට්ටිය.. කවදාවත් තම තමන්ගේ හොරකම් ගැන හොයයිද?

:       1       23

චන්දන Saturday, 15 July 2023 05:43 PM

පිස්සන් කොටුවේ පිස්සොත් දොස්තරට කියනවාලු මෙන්න පිස්සෙක් කියලා...!

:       1       16

ranjith Saturday, 15 July 2023 06:43 PM

කලින් කමෙන්ට් 2 බලන්නකෝ... රට බංකොළොත් කරපු ඔය සෙට් එක කවදා හෝ පත්වන ඡන්දයෙන් ගෙදර යනකන් පිස්සු කරනවා.

:       0       2

sam Sunday, 16 July 2023 07:48 AM

මූ හොඳයි පිස්සන්ගේ සභාපති කළා නම් .මේ වගේ පිස්සෝ අංගොඩ වැහි වැහැලා .මේකා හරි ආසයි ටයි කෝට් දාලා ඉන්න .මොලේ කොලොප්පන් ගොබ්බ පොහොට්ටුවෙක්

:       0       0

මල් මාමා Sunday, 16 July 2023 09:59 AM

මේවාට උත්තර දෙන්නේ කොහොමද? මේ රටේ ඉපදීමම විශාල පාපයක්... මේ කාලකන්නි පත් කරේත් රටේ මිනිස්සුම තමයි...!

:       0       2

Liyanage Sunday, 16 July 2023 11:05 AM

හොරු කණ්ඩායම මෙහෙයවන කපුටගේ අවතාරය මොහු බව රටම දනී... ඔහු නොදනී.

:       0       3

රුචිර Sunday, 16 July 2023 03:07 PM

දැන් මේ අයගේ මොළේ අවුල්. දේශපාලනයේ අවසාන කාලයේ මරු කියවනවා. කියන්නේ, කරන්නේ මොනවාද කියලා තේරෙන්නේ නෑ. ඔහේ කියවනවා. මිනිස්සු අමු ගවයෝ කියලා හිතාගෙන ඉන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site