IMG-LOGO

විපක්ෂය ආණ්ඩුවට කඩේ යනවා

ශ්‍රී ලංකාවේ හොඳ විපක්ෂයක් නැතැයිද ඇත්තේ රජයට යටත්වූ විපක්ෂයක් යැයිද ගිරාඹේ ආනන්ද රාමඤ්ඤ නිකායේ අනු නාහිමියෝ අනුරාධපුර සාරානන්ද පිරිවෙනේදී පැවැසූහ. ”විපක්ෂයක් නැති නිසා ජනතා දුක කියන්නට සිදුවී ඇත්තේ දෙවියනට පමණයි” හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මහතා පිළිගැනීම නිමිත්තෙන් මේ රැස්වීම පැවැත්විණි. එජාපයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය, රංගේ බණ්ඩාර මහත්වරුද පැමිණ සිටියහ. රට බාරදීම සඳහා බලවත් විපක්ෂයක් ඇවැසි යැයිද පොන්සේකා ඊට සුදුස්සෙකියිද ආනන්ද නා හිමියෝ කීහ.



අදහස් (0)

විපක්ෂය ආණ්ඩුවට කඩේ යනවා

සමන් Tuesday, 02 October 2012 10:13 AM

කවුරු කවුරුත් එකිනෙකා වෙනුවෙන් කඩේ යනවා (ස)

:       0       0

සේනානායක Monday, 01 October 2012 01:32 PM

තව ටිකක්...... (ස)

:       0       0

පනාගොඩ Monday, 01 October 2012 02:35 AM

බලාගෙන අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේටත් ස්ථාන මාරුවක් ලැබෙන්න පුලුවන්. (නි)

:       0       0

විජේවංශ Monday, 01 October 2012 08:43 PM

අපට නම් කෝකත් එකයි හාමුදුරුවනේ. (නි)

:       0       0

තරිදු Monday, 01 October 2012 07:31 AM

ඔබවහන්සේ හරි. ඒත් මෙච්චර කල් නිහඩව හිටි එකයි ප්‍රශ්නය. (නි)

:       0       0

වරුණ Monday, 01 October 2012 07:44 AM

ඕක තේරුම් ගත්තේ කීයෙන් කී දෙනාද ? .(ස)

:       0       0

ගයා Monday, 01 October 2012 08:24 AM

පිරිවෙණෙත් දේශපාලන විද්‍යාව උගන්නනවා වගේ...(ස)

:       0       0

ඩයස් Monday, 01 October 2012 08:38 AM

විපක්ෂය නෙමෙයි, එහි නායක මඩුල්ලයි අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

ලෙස්ලි Monday, 01 October 2012 02:09 PM

අර එක්කෙනෙක් කැළණියට ආලෝකයක් කියලා කිවුවේ අපේ හාමුදුරුවො එහෙම නෙමෙයි නේද? (නි)

:       0       0

කළුපහන Monday, 01 October 2012 02:23 PM

හාමුදුරුවනේ, කාලෙකින් නේද දේශනා කළේ? (නි)

:       0       0

අචිනි Monday, 01 October 2012 09:23 AM

ඔබවහන්සේලා කෙළින් හිටියොත් මේ රට හදන්න අමාරු නැහැ අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

රාජ් Monday, 01 October 2012 10:04 AM

අනේ හාමුදුරුවනේ, නොදන්නා දේවල් ගැන වදාරන්නේ නැතුව ඉන්නවා නම් හොදයි නේද? (නි)

:       0       0

ජිනා Tuesday, 02 October 2012 01:10 AM

අද තිබෙන දේශපාලන ත්‍රස්තවාදය පරාද කරන්ට පුළුවන් කොන්දක් තියන එකම කෙනා ජෙනරාල් තුමා බව පැහැදිලියි. (නි)

:       0       0

කපිල Monday, 01 October 2012 10:34 AM

ඔබ හරි. (නි)

:       0       0

ස්ටැල්ක් Monday, 01 October 2012 10:29 AM

හරියට වැඩකරන්න විපක්ෂයක් ඕනෙමද ? සරලව කියනවනම් කවුරුත් බලාගෙන නැත්නම් හොරවැඩ, වැරදි වැඩ, පව් වැඩ කලාට කමක් නැත්ද ?(ස)

:       0       0

නිමල් Tuesday, 02 October 2012 06:53 AM

පාලිත මහින්දගේ සමහර අදහස් මමත් පිළිගන්නවා (නි)

:       0       0

යොහාන් Tuesday, 02 October 2012 07:51 AM

මොකක්ද මොහමඩ් ඔයාගේ කතාවේ තේරුම? (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 30 September 2012 07:57 PM

ඒ වුණාට අපේ හාමුදුරුවනේ, තවත් හාමුදුරු කෙනෙක් කියන්නේ රනිල් නිසා විපක්ෂය රැදෙනවා කියලනේ. (නි)

:       0       0

සම්පත් බණ්ඩාර Sunday, 30 September 2012 08:08 PM

අනේ අනුනායක හාමුදුරුවනේ අපිට ඔබවහන්සේගේ දුක තේරෙනවා. නායක කමට කුලල්කාගන්න මේ අයටද රට බාරගන්න කියන්නේ. (ස)

:       0       0

සජිත් Sunday, 30 September 2012 08:55 PM

එතකොට ඇයි හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ අය දේශපාලනයට කඩේ යන්නේ? ඔබවහන්සේ යන්න ඕනෑ බුදුරජාණන් වහන්සේ පසුපසනේ. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 30 September 2012 08:58 PM

ඒත් ගොඩක්ම කඩේ යන්නේ හාමුදුරුවරුනේ. (නි)

:       0       0

අනිල් Sunday, 30 September 2012 09:37 PM

ඔබවහන්සේලාට හරියට දුකට පත්වෙලා ඉන්න බව නම් පෙනෙනවා. ඒක නිසා එක එක වෙලාවට එක එක ඒවා කියවෙනවා. (නි)

:       0       0

ෂෙරීෆ් Sunday, 30 September 2012 10:16 PM

අපේ හාමුදුරුවන්ට තේරිලා තියෙන්නේ හුගත්ම පහුවෙලානේ. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 30 September 2012 10:15 PM

ගරු අනුනායක හාමුදුරුවන්ගේ කතාව තරයේ පිළිකූල් කරමි. යූද්ධයක් තිබූ බව ඔබ වහන්සේලාට දැන් අමතක වෙලා වගේ..? රජයට යටත්වූ විපක්ෂයක් තිබේ නම් මෙපමණ මඩ ගහන්නේ මන්ද? කුලල් කාගන්න ඔය අයටද රට බාර දෙන්න කියන්නේ? එහෙනම් ඉතින් මරු එකට තියෙයි.අනුනායක හාමුදුරුවනේ, බූදූ හාමූදූරැවෝ දේශනා කරලා තියෙන්නෙත් ඔය වගේ දෙපැත්තකට බෙදිලා ගහ මරා ගන්නද? ඒ වගේම ගරු අනුනායක හාමුදුරුවනේ, පිළිගැනීම නිමිත්තෙන් රැස්වීම් පවත්වන ඔබ වහන්සේට මතකද., ඇප්ගනිස්ථාන් රටේ තිබූ "බාමියන්" බූදූ පිළිමේ ශෙල් වෙඩි දමා විනාශ කළා. කිහිප වතාවකදීම බූදූන් වහන්සේටත් නිගරු වන අන්දමේ සපත්තූ වල සහ ඇදූම් වල වගේම යට ඇදූම් වල පවා බූදූන් වහන්සේගේ රුව යොදා ගනිමින් වෙළද පලට නිකූත් කර තිබූණත්, ඔබ වහන්සේ අද වගේ එදත් ලෝකයා අමතා කෑමොර දූන්නද? (නි)

:       0       0

කුරේ නාවලගේ Sunday, 30 September 2012 10:30 PM

හාමුදුරුවනේ, ඔබවහන්සේ පැත්තකට වෙලා මහජනතාවට දෙන්න නායකයා තෝරන්න. (නි)

:       0       0

සිල්වා Sunday, 30 September 2012 10:45 PM

අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේලා කෙලින් නැති නිසයි අද පාලකයන් එයාලට ඕනෑ ඕනෑ විදියට ජනතාව නටවන්නේ. (නි)

:       0       0

සේනානායක Sunday, 30 September 2012 11:11 PM

ඉවසා වදාරන්න අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

කැටවල Sunday, 30 September 2012 11:08 PM

මේ අයට රට භාරදුන්නොත් රට ඉවරයි. අනේ, ඔබවහන්සේ පණ්ඩිත කතා කියන්නේ නැතුව ඉන්න. (නි)

:       0       0

මොහොමඩ් Sunday, 30 September 2012 11:37 PM

කඩේ යන්නේ කවුද කියලා මුලු ලංකාවම දන්නවා. තව අවුරුදු 10ක් යද්දී ලංකාවේ 60%ක්ම මුස්ලිම් වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 312 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 796 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site