IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වානේ කදෙන් මැන්ඩෙලා එයි

දකුණු අප්‍රිකාවේ ක්වාසූලූ  පළාතේ හොවික්  නගරයේ ලේසර් වානේ කදන් වලින් නෙල්සන් මැන්ඩෙලාගේ අපුරු  මූර්තියක් නිර්මාණය කැර ඇත.

මුර්තී ශිල්පි මාර්කෝ සියැං පෙනෙලිගේ මේ නිර්මාණය මුර්ති ශිල්පයේ විශ්මය ජනක උත්සාහයකි. ලෙසර් තාක්ෂණයෙන් හැඩ තල කැපු වානේ කදන් පනහකින් ඔහු මැන්ඩලාගේ මුහුණේ රුව මුර්තිමත් කරයි.

මීටර් 5-6 සිට 6-10 දක්වා උසැති වානේ කණු අතරින් මැන්ඩලාගේ මුහුණ දැක බලා ගැනීමට නම් එක්තරා දුරක සිට එක්තරා කෝණයකින් බැලිය යුතුය.

‘නිදහස සොයා මැන්ඩෙලා ගමන් කළ මාර්ගය සංකේතවත් කැරමින් මාර්ගයක කෙළවර මුර්තිය ඉදි කැර ඇත.

මැන්ඩලාගේ මුහුණ දැකගැනීමට නම්  මුර්තියේ සිට මීටර් 35 ක් ඈතට යා යුතුය.

 

 

 



අදහස් (0)

වානේ කදෙන් මැන්ඩෙලා එයි

කැලුම් ෆෙර්ණන්දෝ වෙරෝනා Monday, 23 December 2013 11:28 PM

අගය කළ යුතු විශිෂ්ට නිර්මාණයක් (ත)

:       0       0

අසෝකා Tuesday, 24 December 2013 03:55 PM

තමන් වෙනුවෙන් හෝ රටක් වෙනුවෙන් නොව, ඔබ සිර දඩුවම් වින්දේ කලුහමට උරුමකම් ලද අප සැවොම වෙනුවෙනි. ඔබ ඉන් ලද ජයග්‍රහණය අපද නොඅඩුව බුක්ති විදින්නෙමු. එහෙත් ඔබ විසින් ලොවට ලබාදුන් ආදර්ශය කීදෙනෙක් පිලිපදින්නේ දැයි නොදනිමු.(නදී) අජරාමර නායකයාණෙනි ඔබ වෙනුවෙන් ලියන්නට මුගත් මදියයයි සිතමි! ඔබට නිවන්සුව!

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:24 AM

මැරුණත් සලකන්නේ හොඳින් හිටපු නිසා බව අපේ අයත් හිතනවානම්? (ත)

:       0       0

ප්‍රේමේ Tuesday, 24 December 2013 08:21 AM

විශිෂ්ට නිර්මාණයක්. මේකත් කවදාහරි මොනාලිසා වගේ ජනප්‍රිය වේවි. පුදුම හතෙන් එකක්.(නදී)

:       0       0

ආනන්ද ආර් Tuesday, 24 December 2013 08:27 AM

ලෝකයේ විශිෂ්ටතම මිනිසකු වෙනුවෙන් කරනලද විශිෂ්ටතම නිර්මාණයක්. අගය කලයුතුයි. (නදී)

:       0       0

ගමගේ Tuesday, 24 December 2013 08:32 AM

නුතන තාක්ෂණය යොදාගත් අපූරු නිර්මාණයක්.(නදී)

:       0       0

ඉන්දු-ලන්ඩන් Tuesday, 24 December 2013 08:42 AM

නෙල්සන් මැන්ඩෙලා කියන්නේ දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයෙකි. පොත පත ඇසුරෙන් -ඔබගේ දැනීම උදෙසා.(නදී)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 24 December 2013 09:36 AM

ලෝකයේ විශිෂ්ටතම මිනිසකු වෙනුවෙන් කරන ලද විශිෂ්ටතම නිර්මාණයක්. අගය කලයුතුයි. (නදී)

:       0       0

දයා අලහකෝන් Monday, 23 December 2013 05:18 PM

අපූරු නිර්මාණයක් හරිම ලස්සනයි

:       0       0

හිල්ම්ස් Monday, 23 December 2013 05:22 PM

විශිෂ්ට ක්‍රියාවක්

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 23 December 2013 05:30 PM

ෂා.. නියම වැඩක්.ඔහුට කරන ලොකු ගෞරවයක්. (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 23 December 2013 05:36 PM

මැන්ඩේලාට නම් වානේ කඳක් හරි තිබුනා පිහිටට. අපිට ඉතින් කෙහෙල්කොට කඳක්වත් තියෙයිද අන්තිමට ? (නදී)

:       0       0

ඉන්දි Monday, 23 December 2013 05:37 PM

ඉතාමත් දක්ෂ අයුරින් මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේක මැන්ඩෙලා මහත්මයා මැරෙන්න කලින් ඉදන් අන්තර්ජාලේ සැරිසැරුවා. මැන්ඩෙලා මහතාණෙනි ඔබට නිවන් සුව! (නදී)

:       0       0

තිලක් ඩුබායි Monday, 23 December 2013 06:40 PM

නිදහස වෙනුවෙන් අවරුදු 20 ක් හිරේ තැපලත් අවරුදු 7 ක් රට පාලනය කරලා වැදගත් විදිහට තව කෙනෙකුට ඉඩ දීල ගිය විශිෂ්ට නායකයෙක්.මැන්ඩෙලා මහතාණෙනි ඔබට නිවන් සුව! (අ)

:       0       0

රෝසා Monday, 23 December 2013 07:31 PM

අගය කළ යුතු නිර්මාණයක් (ත)

:       0       0

පාලි Monday, 23 December 2013 07:42 PM

විශිෂ්ට නිර්මාණයක් (ත)

:       0       0

ගුණරත්න Monday, 23 December 2013 07:48 PM

ලොවක් දිනු වටිනා නායකයෙක් වෙනුවෙන් කළ විශිෂ්ට නිර්මාණයක් අගේ කිරීමට නොදන්නා අයත් ඉන්නවා. (ත)

:       0       0

කුසල සමරවික්‍රම Monday, 23 December 2013 08:29 PM

මැන්ඩෙලා ශ්‍රේෂ්ඨයි. ඒ වගේම මැන්ඩෙලා ප්‍රතිරූපනයත් ශ්‍රේෂ්ඨයි. (ත)

:       0       0

චන්දි අලුත්වෙල Tuesday, 24 December 2013 02:20 PM

මැ න්ඩෙලා ලංකාවට උදව් කලාද? දන්නේ නැති හින්දයි අහන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site