තව එක් මැතිවරණයකින් පසු තමා දේශපාලනයෙන් සමු ගන්නා බව වනජීවී ඇමැති ගාමිණී විජිත් විජයමුනි සොයිසා මහතා මොණරාගල මාලිගාවිල විහාරස්ථානයට ඇත් දළ ජෝඩුවක් පරිත්‍යාග කරමින් කීවේය.
‘අපේ තියෙන ඔක්කොම ගස් මොරටුවෙන් ඇවිත් කපාගෙන යනවා. අපි වවන අපේ ගහ අපිට වවාගන්න බැරි වුණාට මොරටුවේ මහත්තයෙක් ආවොත් අවසර ලැබිලා කැපිලා පැටවිලා අපේ පාරවල් බෝක්කු කඩාගෙන කොට ලොරි පිටින් පටවාගෙන යනවා.
මේ සම්පත් සංරක්ෂණය කරන්න තමයි ජනපති මට මේ අමාත්‍යංශය භාර දුන්නේ. යුද්දෙටත් වැඩිය අමාරු කාර්යයක් තමයි මට කරන්න තියෙන්නේ.
සතුන් පෙළපාළි යන්නේ නෑ. ඒ සතුන්ගෙන් මට කිසිම කරදරයක් නෑ. කරදරේ තියෙන්නේ මිනිස්සුන්ගෙන්. අලි ඉන්න තැනට අපි ගිය නිසා අද අලින්ගේ ප්‍රශ්නය වැඩි වෙලා. ‘
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
වන ඇමැති සමුගන්න යයි
අජිත් Tuesday, 20 May 2014 01:43 AM
යන්න එපා අයියා,යන්න එපා.අපි ඔයාට විරුද්ධව පෙලපාලි යන්නෙත් නැහැ,පිකටින් කරන්නෙත් නැහැ,පෙත්සම් ගහන්නෙත් නැහැ,(ස)
ජානක Tuesday, 20 May 2014 01:46 AM
පරම්පරා හත් අටකට හම්බකරලා ඇතිනේ. ඉතින් විශ්‍රාම බැරිනම් කොහේ ගියත් මොකෝ දැන්.(ස)
ශීලා Tuesday, 20 May 2014 01:47 AM
විශ්‍රාම යන්ට පෙර පවුලේ කීදෙනෙක් දෙශපාලනෙට ආදේශ කළා ද ? (ස).
ජයරුවන් Monday, 19 May 2014 05:27 PM
ඔව් ඉතින් , ඒත් මිනිස්සුයි කියලා මොනවා කරන්නද මහත්තයෝ? (නි)
වසන්ති Monday, 19 May 2014 05:34 PM
ඇත් දළ ජෝඩුව කොහෙන්ද? මම නොදන්නා නිසයි අහන්නේ (නි)
ශීලා Monday, 19 May 2014 05:46 PM
අනේ! තව මැතිවණරයක් එනතුරු ඉන්නේ ඇයි මහත්තයෝ? (නි)
ප්‍රියන්ති Monday, 19 May 2014 06:07 PM
කොහොමටත් මේ මැතිවරණයෙන් යන්න වෙනවා (නදී)
දෙව්මිණි Monday, 19 May 2014 06:19 PM
මෙන්න නියම මහත්වරු (නි)
වෙනුර Monday, 19 May 2014 06:20 PM
ඇත්ත තමයි මහත්තයෝ. මේ හැමදේම අනිත්‍යයයිනේ (නි)
නිමල් Tuesday, 20 May 2014 07:23 AM
මේ ඔක්කොටම ඇස් ඇරෙන්නේ හත් අවුරුද්දකට පස්සේ වෙච්ච එකනේ පුදුමේ! (නි)
ගිම්හාන් Tuesday, 20 May 2014 07:46 AM
ඒ කාලය වෙද්දී අලි සංඛ්‍යාව කොහොම වෙලා තියෙයිද දන්නෙ නැහැ (නි)
ගයාන් Monday, 19 May 2014 06:40 PM
ඇහුවට තරහා නොවන්න. දළ ජෝඩුව එතුමාට තෑගි හම්බවෙලාද? (නි)
ප්‍රවීන් Monday, 19 May 2014 06:42 PM
අනේ! ඔබ යන එක ගැන නම් අපිට හරිම දුකයි (නි)
වසන්ත Tuesday, 20 May 2014 08:24 AM
ඇමැතිතුමාටවත් නවත්වන්න බැරි විදියට අලි හොරකම් කරන කෙනා කවුද අනේ? (නි)
දුෂාන්ත Monday, 19 May 2014 06:56 PM
අනේ ඇයි මහත්තයෝ මෙහෙම තීරණයක් ගත්තේ? (නි)
පත්මලාල් විජේමාන්න Monday, 19 May 2014 07:09 PM
තන්හාව අත අරින්නකෝ.(නදී)
සුමනසිරි Monday, 19 May 2014 07:21 PM
අපි උදව් කරන්නම්කෝ මේ පාර ඡන්දෙදි... (නි)
ගයාන් Monday, 19 May 2014 07:27 PM
මට අදහාගන්නත් බැහැ, වනසතුන් පවා හඬා වැළපේවි (නි)
ගුණරත්න Monday, 19 May 2014 08:02 PM
අනේ පවු ඒ මහත්තයා! (නි)
නුවන්ග Monday, 19 May 2014 08:07 PM
මට නම් දරාගන්න බැරිතරම් දුකයි (නි)
මහින්ද කැලිෆෝර්නිය Monday, 19 May 2014 08:10 PM
සමු ගත්තට පස්සේ වනයටම වෙලා ඉන්න. (අ)
ප්‍රනාන්දු Monday, 19 May 2014 08:12 PM
කොන්ද පන ඇතුව වැඩ කරානං ඔය අලි හොරු ටික, ගස් හොරු ටික මේ වෙනකොට ඇතුලට දන්නා තිබුණනේ ඇමතිතුමා. එහෙනං ඔබතුමාට වීරයෙක් වගේ දේශපාලනෙන් සමුගන්න තිබුණ. කලකිරීමක් නැතුව. (අ)
සහන් Monday, 19 May 2014 08:18 PM
තව කී කාලයයිද මහත්තයෝ තියෙන්නේ? ඉලක්කයට ආවට පස්සේ ඔබතුමා තීරණයක් ගන්න (නි)
සරත් Monday, 19 May 2014 08:22 PM
තවත් එක් මැතිවරණයකට මුහුණ දෙනවා. පරාද වී ගෙදර යනවා. එහෙමද? නැත්නම්, තවත් එක් මැතිවරණයකට මුහුණ දෙනවා. දිනලා ගෙදර යනවා. කොයි එකද කියලා තේරෙන්නේ නැහැනේ. (නි)
සම්පත් Monday, 19 May 2014 08:54 PM
දැන් එතකොට කවුද කියලා තිබුනේ කැළේ ඉන්න අලි ටික අල්ලලා උන්ව බලාගන්න පුළුවන් අයට බාර දුන්නහම අලි ප්‍රශ්නය ඉවරයි කියලා. මේවා ජාතික සම්පත් නේද? (නි)
අජිත්කරුණාරත්න ලියනගේ Tuesday, 20 May 2014 10:44 AM
අනේ සාධු! තව එක චන්දෙකට මුහුණ දීල පැරදිලා ගෙදර යනවට වඩා හොඳ නැද්ද දැම්ම තියාම අයින් වෙලා ගෙදර යන එක.අනික ඔබතුමාලගේ තවත් ඇමතිවරයෙක් කියල තිබුනේ තරුණයින්ට තැනක් දෙන්න ඕනේ .එයත් අයින් වෙනවා කියල. (ස)
නලින් Monday, 19 May 2014 09:57 PM
මටත් තියෙන ප්‍රශ්නය මේ ඇත් දල ජෝඩුව කොහෙන්ද කියල. (ස)
sarath bandara Monday, 19 May 2014 10:14 PM
මේ වනජීවී අැමතිතුමා කොහොමද දල ජෝඩුවක් පන්සලට පුජකරන්නේ. (ස)
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 19 May 2014 10:35 PM
අද මුදලට හෙට ණයට (ස)
බිමල් Monday, 19 May 2014 10:44 PM
දැන්‍මම ගියොතින් තමයි වඩාත් හොඳ එතකොටවත් ඉතුරු ටික බේරගන්‍න හැකි වේවි . (ස)
ඩී.උපුල් Monday, 19 May 2014 11:03 PM
රන් කහවනු මුට්ටිය තවම සම්පුර්ණයෙන්ම පිරිලා නෑ වගේ එහෙනම්. ඒකයි මේ නැවත තරඟ කරන්න තියන උවමනාව. නැතිව මේ රටට ආදරේකට නෙවෙයි. (ස)
පිටිගල Monday, 19 May 2014 11:15 PM
දැන් ඉතින් ආයේ තව කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා යැ? (ස)
වින්සන්ට් Monday, 19 May 2014 11:25 PM
ඇමති තුමාට පොඩි අමතක වීමක්ද රජයේ ඇමති කෙනෙක් බව. (ස)