IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වන අලි පහරින් නාවික ලුතිතන්වරයකු මරුට

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

 පූනෑව නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ ලුතිතන් කමාන්ඩවරයකු ඊයේ (29) රාත්‍රීයේ කඳවුර අසලදී වන අලි ප්‍රහාරයකින් මියගොස් අ‍ැතැයි පූනෑව පොලිසිය කියයි.

රාජකාරී කටයුත්තක් සදහා කොළඹට පිටවගොස් බස්රථයකින් නැවත කඳවුරට පැමිණ අ‍ැති නිලධාරියා බස්රථයෙන් බැස කඳවුර වෙත ගමන්කරන අවස්ථාවේ වන අලි ප්‍රහාරයට ලක්ව අ‍ැතැයි පොලිසිය පැවසීය.

එලෙස මියගොස් අ‍ැත්තේ කුරුණැගල, නිට්ටඹුව පදිංචි නාවික නිලධාරී ලුතිතන් කමාන්ඩර් ජේ.එ‍්.එම්.සි ජයකොඩි නැමති පූනෑව නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ නිලධාරිවරයෙකි.

මියගිය ලුතිතන් කමාන්ඩර්වරයා හට වන අලියා පහරදීමත් සමඟ බරපතල තුවාල ලබා ඇති අතර නාවික සෙබලුන් හා ප්‍රදේශවාසීන් සමඟ එක්ව නිලධාරියා රෝහල වෙත රැගෙන යනු ලැබීය. 

බරපතළ තුවාල ලැබූ නිලධාරීවරයා  වවුනියාව මහ රෝහල වෙත අ‍ැතුලත් කිරීමේදි මියගොස් අ‍‍ැති බව පොලිසිය සඳහන් කළේය.

මියගිය නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව මහ රෝහලේ සිදු කිරීමට නියමිතව තිබුණි.

පූනෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 



අදහස් (6)

වන අලි පහරින් නාවික ලුතිතන්වරයකු මරුට

ජයනාත් Saturday, 30 November 2024 12:46 PM

මේ මරණයට වගකිව යුත්තේ කවුද...?

:       2       8

රම්බොඩ Saturday, 30 November 2024 01:13 PM

ත්‍රිවිධ හමුදා නිලධාරීන් වුව්නියා වගේ රෝහල්වලට ගෙන යෑමේදී ගැටළු ඇති නොවේ යැයි නොසිතිය යුතුයි. දකුණේ සිටිදී පවා අන් අයගේ ක්‍රියා ගැන කවුරුත් හොඳින් දනිති. පෝරුවට සුදුහුණු ගෑමෙන් ඵලක් නැත. ඔවුන් වෙනස් කළ නොහැක...

:       4       6

Mangala Saturday, 30 November 2024 01:36 PM

නිවන්සුව ලැබේවා විරුවාණෙනි...!

:       1       17

Friend Saturday, 30 November 2024 02:33 PM

මේ මගේ පාසල් මිතුරෙක්. අහිංසක තැන්පත් නිමුණු චරිතයක්. මෙවැනි වටිනා ජීවිත නැති වී යාම මහත් දුකකි. පන්ති කාමරය තුළ ඔහු පෙන්වූ විනය, මිත්‍රකම, ඉවසීම, අන් අයට උදව් කිරීමේ ගුණය සිහිවනවිට දෙනෙත් බොඳවී යයි.

:       1       27

MangalaSunday, 01 December 2024 08:18 AM

ඔබ කියන දේ හරියටම හරි... නාවික හමුදාවේ සියලු දෙනාම පවසන්නේ ඔබ කියපු දේම තමයි. හරිම කරුණාවන්ත ගුණ යහපත් නිලධාරියෙක්...!

:       1       6

saki Sunday, 01 December 2024 08:56 PM

ඇයි දෙවියනේ... මෙවන් නිලධාරියෙකුට වාහන පහසුකමක් දුන්නේ නැත්තේ..?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site