IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වන අලියාගේ පහරදීමෙන් එක්දරු පියා මරුට

(ඇන් ජේ පතිරාජ )

ගල්ගමුව , මහගල්කඩවල , නෙළුම්ගම , පදිංචිව සිටි එක් දරු පියෙකු වල් අලි පහරදීමකින් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ එගම පදිංචිව සිටි එම් එම් උපාලි නමැති පනස් හය හැවිරිදි පියෙකු බව පරීක්ෂණවලදි හඳුනා ගත් බවත් පොලිසිය සඳහන් කරයි .

මේ පියාගේ ගෙවත්තට ඊයේ (27) රාත්‍රී දහයට පමණ වල් අලි දෙදෙනකු පැමිණ ඇති බවත් , ඒ අලි ගෙහිමියන් විසින්  කෑ කෝ ගසාපලවා හරිනු  ලැබ ඇතැයි අනාවරණය වී තිබේ . 

එම  සිද්ධියෙන් පැය භාගයකට පමණ පසු නැවත නිවස අසළින් ම ශබ්ද ඇසීම නිසා මේ පියා විදුලි පන්දම දල්වාගෙන මිදුලට පැමිණ ඇති බව ද , ඒත් සමඟ ම වැසිකිළියට මුවා වි සිටි අලියෙකු ඉදිරියට පැමිණ ඔහුට පහරදී ඇති බව පොලිසිය සඳහන් කරයි .

මේ ගෙවත්තට මුල් අවස්ථාවේම වල් අලි තිදෙනෙකු පැමිණ ඇති බවත් , ඉන් එකෙකු වැසිකිළියට මුවා වි සිටීම නිසා ඔහුට ඒ අලියා නොපෙනෙන්නට ඇතැයි පොලිසිය පවසයි .එසෙ රැඳී සිටි අලියා ඔහුට පහරදී ඇති බව ද ඔවුහු කියති .

වල් අලි පහරදීම නිසා බරපතළ තුවාල ලැබු ඔහු ගල්ගමුව මූලික රෝහලට රැගෙන විත් ඇතත් ඒ වන විටත් මියගොස් සිට ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය සඳහන් කරයි .

 

 



අදහස් (3)

වන අලියාගේ පහරදීමෙන් එක්දරු පියා මරුට

Bunny Preena Friday, 28 April 2023 01:08 PM

නොනවතින අලි මිනිස් ගැටුම. විසඳුමක් පේනතෙක් මානයක නැති පාටයි.

:       0       3

බද්රානි Friday, 28 April 2023 02:37 PM

මේක, අලින්ට, රිලවුන්ට, මොණරුන්ට, සර්පයින්ට අයිති රටක්... මේ පින්බිම මිලේච්ඡයින්ගෙන් බේරා ගැනීමට, ඔවුන් සැමඑකට එක්වී ඔවුන්ගේ නිජභුමිය වෙනුවෙන්, මේ රට ආක්‍රමණය කළයුතුයි. මිනිසාට වඩා වන සතුන්ට දැඩිව ආලේ වඩන ඔවුන්ගේ නිවෙස් අසලට මීට වඩා වන සතුන් ප්‍රමාණයක් පැමිණ ඔවුන් සමග වාසය කිරීමට පැමිණිය යුතුයි.

:       2       5

Prasad Hemantha Saturday, 29 April 2023 12:14 AM

අලියො කියන්නේ දෙවියෝ කියලත් කියනවානේ, අලි හීනෙන් පෙනුනොත් බාරයක් අත ලඟයි කියලත් කියනවා, අලියො කියන්නේ 100% ශාක භක්ශක සතුන්... උන්ගේ අරක්ෂාවට මිනිස්සුන්ට හිරිහැර කරන්නේ, ඉතින් කතරගම වගේ නම් අලි හීලැයි. මිනිස්සු පලතුරු කන්න දෙනවා. ඔය අලි ප්‍රශ්න තියෙන ප්‍රෙදේශ වලටත් අලින්ට කෑම කේබල් රථයකින් අලි ගැවසෙන පොට්වලට යවන වැඩක් හැදුවොත් හොඳයි. අලි කියන්නෙ සංචාරක අය ගෙන්වාගන්න උපකාර වෙන සතුන්, කොහොම වුණත් අලිනුත් මිනිස්සුත් මැරෙන එකනම් හොඳ නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site