IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


වන්නිනායකට එරෙහිව පොලිසිය කරුණු දක්වයි

ගල්කිස්ස උසාවියේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ  රාජකාරියට බාධා කරමින් සාපරාදී බලහත්කාරකම් කර ,කුනුහරපයෙන් බැණ වැදි අසෝභන ලෙස හැසුරුණේ යැයි කියන කොළඹ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා නිවසේ නොසිට  ප්‍රදේශයද අතහැර පලා ගොස් විමර්ශනවලට සහාය නොදක්වන බව ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දැක්වූ ගල්කිස්ස පොලිසිය අද (13) පැවසීය.

පසුගිය දොළොස් වැනි දින ගල්කිස්ස පොලිස් මූලස්ථාන  පෙනී සිටින ලෙසට බස්නාහිර දිසාව  භාර පොලිස්පතිවරයා හරහා නොතීසියක් නිකුත් කළ ද සැකකරු දුරකථනයද විසන්ධිකර ඇති බවත්,විදෙස් රටකට පලා යෑමට යත්න දරන බවට තොරතුරු ඇති බැවින් විදෙස් ගමන් තහනමක් පනවන ලෙසත් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ගල්කිස්ස උසාවි භූමියේ රාජකාරියේ  නියුතු පොලිස් කොස්තාපල්වරයෙකුට සාපරාදී බලහත්කාරකම් සිදුකර පරුෂ වචනයෙන් බැණ වැදී බාධා කිරීම සම්බන්ධයෙන් නීතිඥ වන්නිනායක මහතා සම්බන්ධයෙන් සිදුකරන  විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.

නීතිඥ ගුණරත්නය වන්නිනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා  කරුණු දක්වමින් කියා සිටියේ  වන්නිනායක මහතා සැඟව පලා ගොස් නොමැති බවය.පොලිසිය ඉදිරිපත් කරන කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය බවද පැවසීය.

 කොළඹ නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සිය සේවා දායකයා වසර 35 නීතිඥ වෘත්තියේ නියැළී  අසාධාරණයට හඬ නගන නීතිඥවරයෙකු බවද පැවසීය.

වන්නිනායක මහතා  කිසිසේත් පොලිසිය මගහැර නොමැති බවත්,නීතිඥ සංගමය හා සාකච්ඡා කර පොලිසියට ප්‍රකාශයක් ලබා දීමට එන බවට පොලිසියට දැනුම් දී ඇති බවත් පැවසීය.ඒ අනුව පොලිසිය ඉදිරිපත් කරන කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය බවද,විමර්ශනවලට පූර්ණ සහය දැක්වීමට සූදානම් වන්නි නායක මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීම නොකළ යුතු බවද සඳහන් කළේය.

මෙහිදී පොලිසිය කරුණු දක්වමින් සඳහන් කර සිටියේ වන්නි නායක මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ප්‍රබල ලෙස කතාබහට ලක්වෙන බවත්, ඒ මහතා හැසුරුණු ආකාරය පිළිබඳව  සදාචාර සම්පන්න ගැටළුවක් තිබෙන බවත්ය.

ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ සදාචාර සම්පන්න ගැටලු විසඳීමට අධිකරණයට බලයක් නොමැති බවය.

අගතියට පත් පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම් සමරවික්‍රම මහත්මිය කරුණු දක්වමින් කියා සිටියේ  සැකකරු අසභ්‍ය වචනය භාවිතා කර නීතීඥ ප්‍රජාවම ලැජ්ජාවට පත්කර ඇති බවය.

නීතිඥ සංගමය නියෝජනය කරමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා සඳහන් කර සිටියේ   මෙම සිදුවීම් සමස්තයම සිදු නොවිය යුත්තක් බවට පත්ව තිබූ බවය.මේ තුළින් අධිකරණයේ කෙරෙහි,නීති ප්‍රජාව හා පොලිසිය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පලුදු වී සමස්තයක් කඩා වැටීමට ලක්විය හැකි බැවින් මෙම කරුණ මෙතැනින් ඔබ්බට ගෙන යෑම නොකර සියල්ල සමථයකට පත් කළ යුතු බව කුමරප්පෙරුම මහතා කරුණු දක්වමින් පෙන්වා දුන්නේය. 

මෙහිදී පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ මෙම විමර්ශනය නීතිඥ ප්‍රජාවට එරෙහි ව සිදු කරන්නක් නොව එක් නීතිඥවරයකුගේ හැසිරීමට එරෙහිව කරන්නක් බවය .මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුළ වැඩි කතාබහකට ලක්වී ඇති බවත් බවත්. සැකකරු පොලිසියට එන්න කිව්වත් පැමිණෙන නොමැති බවත් පැවසීය.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටී නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා කරුණු දක්වමින් කියා සිටියේ පොලිසිය පමණක් නොව මාධ්‍යයද රැගෙන පොලිසිය ඔහුගේ නිවසට ගිය බවය. 

නීතිඥවරයෙකු  අත්අඩංගුවට ගැනීමට පොලිසිය ප්‍රයත්න දරණ බවද පැවසීය.

මෙහිදී පොලීසිය කරුණු දක්වමින් කියා සිටියේ නීතිය හමුවේ කවුරුත් එක සමාන බවය.

අනුර මැද්දෙගොඩ මහ්තා කරුණු දක්වමින් සැකකාරය සැකකාර වන්නිනායක මහතා ඉදිරිපත් කරන බවට  අදාළ නොතීසීය ඔහු විසින් බාරගන්නා බව පැවසීය.ඒ අනුව නොබෝ දිනකින් විමර්සන සඳහා ප්‍රකාශයක් ලබා දෙන බවද පැවසීය

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මෛත්‍රාත්වරයා විමර්ශන  ප්‍රගතිය නොවැම්බර් 17 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.



අදහස් (0)

වන්නිනායකට එරෙහිව පොලිසිය කරුණු දක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 609 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 816 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site