"ටයිටැනික්" චිත්‍රපටය හරහා අතිශයින් ජනප්‍රිය වූ කේට් වින්ස්ලෙට් මේ වනවිට තමන්ගෙ සුපුරුදු නිවහන වන වේදිකා නාට්‍ය කලාවට අවතීර්ණ වීමට කාලය නොමැතිව ළතැවෙන බවක් හොලිවුඩයෙන් වාර්තා වෙනවා. තමන්ට වේදිකා නාට්‍යයක වැඩ කරන්න ලොකු ආසාවක් තිබ්බත්, මාස 23ක බෙයාර්, අවුරුදු 14ක් වයස මියා සහ අවුරුදු 11ක් වයස ජෝයි තනිකර නාට්‍ය කලාව වෙනුවෙන් ඒ හැන්දෑව කැප කරන්න තමන්ට තාම බැහැ කියලා ඇය කියනවා. අනික ඇයට තමන්ගෙ කලා කටයුතු සහ ළමයින්ගෙ කටයුතු සමබර කරගන්න තාමත් අමාරුයිලු. මේක ඒ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් විදිහට තමන් දකින්නෙ නැහැ කියලයි වින්ස්ලෙට් කියන්නෙ. ඒත් තමන් වාසනාවන්ත ගැහැනියක් බවත් ඇය කියනවා. හැබැයි ඇය ගෞරවනීය ලෙස ලෝකය පුරා උදේ නවයේ සිට සවස පහ දක්වා සේවය කරන කාන්තාවන්ට තමන්ගෙ උත්තමාචාරය පුද කරනවා කියලත් පවසනවා. මොකද ඔවුන් තමයිලු නියම ගැහැනු. අවුරුද්දට සති 48ක් වැඩ කරන ඔවුන් තමයිලු ඇගයීමට පාත්‍ර විය යුත්තේ.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වින්ස්ලට් වැඩ කරන ගැහැනු ගැන කියයි