කොළඹ අලුත් කඩේ අංක හතර දිසා අධිකරණයේ අතිරේක දිසා විනිසුරු බී ඒ ආර් සේමසිංහ මහතාගේ 15 හැවිරිදි පුතා පැහැරගැනීම සඳහා පැමිණි නවීන පන්නයේ වෑන් රථයේ සවි කර තිබු අංකය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකල අංකයක් බව තහවුරු වී ඇතැයි මොරටුව පොලීසිය සදහන් කරයි.
මෙම දරුවා පැහැර ගැනීමෙන් අනතුරුව වාද්දුව ප්‍රදේශයේදී මුදාහරින අවස්තාවේ වෑන් රථයේ අංක නිරීක්ෂණය කර ඇති අතර ගරාජ් අංකය වැනි අංකයක් සටහන් කළ කඩදාසියක් අංක පුවරුවේ සවි කැර තිබු බවද පොලීසිය කියයි.
මෙම දරුවාගේ ප්‍රකාශය හා පැමිණිල්ල සම්බන්ධයෙන් ඊයේ (30) දින සිදු කළ පරීක්ෂණ වලදී නිශ්චිත හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වු බවත් සිදුධිය සම්බන්ධයෙන් මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්ථාවක් ගොනු කළ බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විනිසුරු පුතා පැහැර ගැනීම තවම අබිරහසක්
දම්මික පෙරේරා Monday, 30 September 2013 11:08 PM
අබිරහස එළිවෙයි තව ටික කලකින්. පුතා දන්නවනේ සිද්ධ වුණ දෙය (නි)
චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 01 October 2013 12:55 AM
අවිවාහක පුද්ගලයන් පමණක් විනිසුරු පදවි වලට තෝරා ගනිමුද? නැත්නම් විනිසුරු භාර්යාවන්ට හා දරුවන්ට පොලිස් ආරක්ෂාව සැපයීමට විශාල වියදමක් රජයට දැරීමට සිදු වේවි (නි)
චින්තා Tuesday, 01 October 2013 01:32 AM
දරුවා පැහැර ගන්න ආ දරුණු මනුස්සයන්ට බලපතල දඩුවමක් දෙන ලෙස ඉල්ලා සිටිමි. ඒ වගේම එයට උදවු දුන් අයටත් දඩුවමක් දෙන ලෙස ඉල්ලා සිටිමි. ආ රථ වාහනය සොයා ඒක රාජසන්තක කරන්න. (නි)
උපාලි Tuesday, 01 October 2013 01:49 AM
අර හිටපු අධිකරණ කොමිසම් ලේකම් තිලකරත්න මහත්තයට ගල්කිස්සේදී ගහපු කට්ටියත් හොයා ගන්න බැරිවුනා නේද? (නි)
පිටබැද්දර ජයා Tuesday, 01 October 2013 04:51 AM
බන්දුල පෙරේරා, මෙන්න තවත් ප්‍රතිපලයක් (නි)
රණ Tuesday, 01 October 2013 05:20 AM
ගරාජ් අංක ඇති වාහන ලංකාවේ පාරවල්වල ඕනෑ හැටියට දකින්න හැකිය .ඒවා ලොකු වාහන නිසා පොලිස් නිලධාරීන් ඒවා දුටුවිට අහක බලා ගනී. නමුත් මෝටර් බයිසිකල්,ත්‍රීරෝද රථ ,ලොරි ,බස් පෙන්නන්න බැරිය. (නි)
ටිකිරි බණ්ඩා Tuesday, 01 October 2013 07:54 AM
ප්‍රථමයෙන් කරන්නේ බිය ගැන්වීම.පසුව එතනින් එහාට යනවා. ප්‍රතිපත්තිය වෙනස් කර ගත්තේ නැත්නම්, ඉන්න රට හැර දාලම යන්නම යනවා. (නි)
ටිකිරි බණ්ඩා Tuesday, 01 October 2013 07:55 AM
හරියට මිනීමරු ප්‍රබාකරන්ගේ කාලේ වගේනේ. (නි)
ජූඩ් Tuesday, 01 October 2013 09:37 AM
ලංකාවට හරියන හොඳම ජොබ් එක තමා කුඩු මුදලාලි කෙනෙක් හෝ ගණන් කාරයෙක් වීම. ලංකාවේ මේ තත්වය වෙනස් නොකලොත් අපිට වෙන්නේ අර ඉස්සර කොටි කාලේ වගේ ගෙදරටම වෙලා ඉන්න. (ස)
ඇෆ්ගන් නිමල් Monday, 30 September 2013 07:56 PM
මෙතුමාගේ රාජකාරිය අකුරටම කරන කෙනෙක් නිසා. (නදී)
දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 01 October 2013 11:33 AM
විනිසුරුවරුන්ගේ ළමයි පැහැරගන්නේ මොන රටේද මොන රටේද එංගලන්තේ, එංගලන්තේ, එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.... (ස)